මෙගා Edit!

අපිට පින්තූර කිහිපයක් එකම විදිහට edit කරගන්න ඕනි වුනාම අපි ටිකක් අමාරුවේ වැටෙනවා.පින්තූර එකක් දෙකක් නම් ගැටලුවක් නෑ.ඒත් පින්තූර 100 - 200 නම්.කොහොමද...! උදාහරණයකට අපිට web site එකකට  දාන්න කියලා හිතමුකෝ. digital කැමරාවකින් ගත්ත ඒවා නම් අනිවාර්ය්‍යෙන් resolution අඩු කරලා image qulity  එහෙම අඩු කරන්න ඕනි.තව water maks එහෙමත් දාන්න ගියොත්  පින්තූර 200 ඉවර වෙනකොට හොඳ පණ ගිහින් තියෙයි. මේකට ඕනිනම් batch converter සොෆ්ට්වෙයා(ර්)ස් පාවිච්චි කරන්න පුලුවන්.ඒත් එවායේත් අපිට ඕනි සියල්ල කරගන්න options නෑ.මේකට විසඳුමක් Adobe Photoshop වලම තියෙනවා.කරන්නේ මෙන්න මෙහෙමයි.

*Photo Shop open කරගෙන window-> Action  click කරන්න.

*ඒකෙන් New Action  click කරලා, මතුවෙන dialog box එකෙන් action එකට කැමති නමක් දෙන්න.

*ඊට පස්සේ Record button එක click කරන්න.දැන් අපි කරන හැමදෙයක්ම action වල record වෙනවා.

*මම උදාහරණයකට පින්තූරයක් open කරලා resolution, image size අඩු කරලා save  කරා.



*දැන් Action window එකේ තියන stop button එක click කරන්න.


*දැන් File->Automate->Batch  click කරන්න.


*එන window එකේ තියන combo box  එකෙන් හදපු  action එක ‍තෝරලා,පහලින් පින්තූර තියෙන folder එකත් ‍තෝරලා OK කරන්න.


දැන් ලස්සනට වැඩේ කෙරෙයි!

Post a Comment

Blogger profile එකෙන් comment දාන්න ගැටලුවක් තියෙනවනම් මේ ලිපිය කියවන්න.

Previous Post Next Post

Recent Post

Features