පරණ ඩොන්ගල් එකකින් අලුත් වැඩ..

    ඉන්ටනෙට් ඩොන්ගල් එකකින් ඉන්ටනෙට් යන්න අපි ඒකටම විශේෂිත සොෆ්ට්වෙයා එකක් යොදා ගන්නවා.Mobile partner කියන්නේ ඒ වගේ සොෆ්ට්වෙයා එකක්. අද තියෙන ගොඩක් ඩොන්ගල් වල යොදා ගන්නෙ මේ සොෆ්ට්වෙයා එක.

මේ සොෆ්ට්වෙයා එකේ අලුත්ම සංස්කරණය තමයි Mobile partner 23.009 . නමුත් පරණ ඩොන්ගල් වල තියෙන්නෙ මේකෙ පරණ  සංස්කරණ. දැන් මේ අලුත් එකෙන් වැඩගන්නෙ කොහොමද? ඒකට කරන්න ක්‍රම 2 ක් තියෙනවා. එකක් තමයි ඩොන්ගල් එකේ ෆර්ම්වෙයා අප්ඩේට් කර එක.මේ අප්ඩේට් ඩොන්ගල් එකට අදාල සමාගමේ වෙබ් අඩවියෙන් ලබා ගන්න පුලුවන්. හැබැයි මේක ටිකක් අවදානම් වැඩක්. ඒකට හේතුව තමයි හදිස්සියේ වත් මේ වැඩේ කරන වෙලාවේ සිදුවෙන අතපසුවීමකින් ඩොන්ගල් එක නැවත භාවිත කල නොහැකි විදිහට අක්‍රිය වෙන්න පුලුවන්. අනෙක මේ වැඩෙන් ලබාගත් ආයතනය සමග තියෙන වගකීම නැතිවෙනවා.ඒ කියන්නේ ඩොන්ගලයට යම් ආපදාවක් උනෝතින් සමාගම වගකියන්නේ නෑ.
අනෙක් ක්‍රමය පරණ සංස්කරණයත් සමගම අලුත් සංස්කරණය භාවිත කරන එක. මේ දෙකම ඉන්ස්ටෝල් කරන්න හේතුව පැරණි ඩොන්ගල් වල ඩ්‍රයිවර්ස් සොෆ්ට්වෙයා අලුත්  සංස්කරණයේ නොතිබීමට හැකිවීමයි. තව ගැටලුවක් තියෙනවා. අපි ඩොන්ගල් එක කොම්පියුටරයට ගහපුවාම එන්නෙ පරණ සොෆ්ට්වෙයා එක.ඒත් ඕනි අලුත් එකනේ. අන්න ඒකට ක්‍රමයක් තමයි දැන් මම කියන්නේ.


  • 2) දැන් පරණ සොෆ්ට්වෙයා එක ඉන්ස්ටෝල් කරලා තියෙන ෆොල්ඩරයට තියෙන ෆයිල් 3 නම කොපි කරන්න.

  • 3) ඊළඟට ඩොන්ගල් එක කොම්පියුටරයට ගහපුවාම එන පරණ සොෆ්ට්වෙයා එක හොයාගන්න. සාමාන්‍යයෙන් මේක Mobile conect.exe වගේ නමකින් තියෙන්නේ.දැන් අර කොපි කරපු ෆයිල් වල Rename කියලා ෆයිල් එකක් ඇති.ඒක අර පරණ සොෆ්ට්වෙයා එකේ නමින් වෙනස් කරන්න. ඊට ඉස්සෙල්ලා පරණ සොෆ්ට්වෙයා එකට වෙනත් නමක් දෙන්න. ඒකියන්නේ  Mobile conect.exe කියලා තියෙන පරණ සොෆ්ට්වෙයා එක  Mobile conect(1).exe වගේ නම වෙනස් කරලා Rename.exe එක  Mobile conect.exe කියලා වෙනස් කරන්න.



  • 4) ඊළඟට අර ෆයිල් 3න් එකක් ඇති Mobile Partner Reloder කියලා. ඒක ඕපන් කරලා ඒකෙන් අලුත් සොෆ්ට්වෙයා එක ‍තෝරන්න.


දැන් වැඩේ හරි. ඩොන්ගල් එක ගහලා බලන්නකෝ! ගැටලු තියෙනවනම් පහලින් දාන්න.

Post a Comment

Blogger profile එකෙන් comment දාන්න ගැටලුවක් තියෙනවනම් මේ ලිපිය කියවන්න.

Previous Post Next Post

Recent Post

Features