කැප්චා පස්ල්ස්!

සමහර අය බලයි මේ මොකක් ද කියලා.. තමන් කවරදාක හෝ ඊ-මේල් ගිණුමක් හෝ වෙනත් ඔන්ලයින් ගිණුමක් හදලා තියනවා නම් නම නොදන්නවා වුනත් මේ ප්‍රහෙලිකාවක් අනිවාර්ය්‍යෙන්ම මේ ප්‍රෙහෙලිකාවක් විසඳලා තියෙනවා..

ඊ-මේල් ගිණුමක් හරි වෙනත් ඔන්ලයින් ගිණුමක් හරි හදන්න ගියාම ඒ ෆෝම් එක පහලින් එක පාරම කියවන්න අපහසු විකෘති වුණ වචනයක් දීලා ඒක පහලින් නිවැරදිව ලියන්න කියලා තියෙනවා දැකලා තියෙනවද? ආන්න ඒක තමයි කැප්චා පස්ල් එකක් කියන්නේ!


         කෙනෙකුට හිතෙන්න පුලුවන් මේකෙන් ඇති වැඩේ මොකක්ද කියලා. බැලූ බැල්මටම එහෙම විශේෂ දෙයක් මේකෙන් නොපෙනුනත් ඒක ඒ වෙබ් අඩවි වලට යොදා තිබෙන විශේෂ ආරක්ෂක උපක්‍රමයක්. යම් තැනක තියෙන මේ ප්‍රෙහෙලිකාවක් නොවිසඳා ඉදිරියට යා නොහැකියි .තම වෙබ් අඩවියේ සේවාව ලබා ගන්නේ ඇත්තටම මනුෂ්‍යයෙක් ද එහෙමත් නැති නම් විශේෂයෙන් සැකසූ පරිගණක වැඩසටහනක් ද කියලා මේ ක්‍රමයෙන් හොයාගන්න පුලුවන්. ස්පෑම් ඊ-මේල් එවන්න, බොට් නෙට් හදන්න වගේ නීති විරෝධි වැඩ වලට හැකර් කරුවන් විසින් විවිධ විනාශකාරී වැඩ සටහන් නිර්මාණය කරලා ඒවා මේ වෙබ් අඩවි එක්ක සම්බන්ද කරලා ඒ වෙබ් අඩ්වි වල සම්පත් මේ වැඩ වලට යොදා ගන්නවා. මේ දෙයින් වැළකෙන්න තමයි කැප්චා ක්‍රමය යොදා ගන්නේ. මොන සෙල්ලම දැම්මත් මනුෂ්‍යයෙකුට හැරෙන්න මේ විකෘති වුණ වචනය කියවන්න පරිගණක වැඩසටහනකට නොහැකියි.
කැප්චා  (CAPTCHA-Completly Automated Public Turing Test to Tell Computers and Humans) වැඩසටහන නිර්මාණය කලේ ගෝතමාලා පරිගණක විද්‍යඥ මහාචාර්ය ලුවිස් වෝන් ආන් ඇතුලු පිරිස විසින් 2000 දීය. මුල් කාලයේදී මේ සඳහා යොදා ගත්තේ ටූරින් පරික්ෂාව (1950) නම් ක්‍රමයක්. මෙහිදී කෙරුනේ ප්‍රශ්ණ කිහිපයක් ඉදිරිපත් කිරීමයි.කැප්චා ප්‍රෙහෙලිකා යනු මෙහි අලුත් පියවරකි.

ඇත්තටම මෙය ආරක්ෂක උපක්‍රමයක් පමණක් ම නොවේ. එය ලෝකයාට මහත් සෙවාවක් ඉ‍ටු කරනු ලබයි. මුද්‍රිත පොත්-පත්, සඟරා හෝ වෙනත් ලිපි ඩිජිටල් පොත් බවට පත් කර ඕනෑම අයෙකුට ලබා ගත හැකි සේ ලබා දෙන සේවාවන් ලෝකයේ ක්‍රියාත්මක වේ. මෙය සිදු කරනු ලබන්නේ OCR (ඉමේජ ලෙස ඇති අකුරු ඩිජිටල් බවට හරවන වැඩසටහනකි)  වැඩසටහන් යොදා ගෙනය.කෙසේ වුවත් මේවායේ ඇති අකුරු 100% ම පරිවර්ථනය කිරීමට මේ වැඩසටහන් අසමත් ය. ඒ විකෘති වී ගිය අකුරු හඳුනාගත නොහැකි බැවිනි.මෙය මිනිසුන් යොදවා කිරීම එතරම් ප්‍රායෝගික නැත .සෑම තත්පරයකදීම ලොවේ කොතැනක හෝ කැප්චා  ප්‍රෙහෙලිකාවක් විසඳමින් සිටියි. ඉදින් දැන් මේ කියවිය නොහැකි වචන කැප්චා පස්ල් වලට යොමු කොට විසඳා ගන්න පුලුවන්.රී කැප්චා (reCAPTCHA) ලෙස මේ ක්‍රමය හඳුන්වනවා. අදවන විට බොහෝ වෙබ් සේවා මින් ප්‍රයොජන ලබා ගන්නවා.ගූගල් සමාගම විසින් මෙහෙය වන පැරණි පුවත් පත් ඩිජිටල් කිරීමේ සේවාව ඉන් මුලටම ගත හැකි සේවයකි. මින් හැ‍ඟෙන්නේ කැප්චා පස්ල් යනු හුදු ආරක්ෂක උපක්‍රමයක් පමණක් නොව ලෝකයටම සේවයක් සදන සේවාවක් බවයි.

Post a Comment

Blogger profile එකෙන් comment දාන්න ගැටලුවක් තියෙනවනම් මේ ලිපිය කියවන්න.

Previous Post Next Post

Recent Post

Features