ලොව හොඳම කැමරාව සමග එන Sony Xperia Z2 ස්මාට්ෆෝනය

     ලොව ප්‍රමුඛ පෙලේ ජංගම දුරකථන නිපදවන සමාගමක් වන Sony සමාගමෙන් වෙළඳපොලට නිකුත්වූ අලුත්ම ස්මාට් ෆෝනය වන්නේ Xperia Z2 දුරකථනයි.
    ඔවුන්ගේ සමාගම මගින් ඉදිරිපත් කරන ලද Xperia කාණ්ඩයේ අලුත්ම ස්මාට් ෆෝනයි. සැබැවින්ම Sony සමාගම ගාම්භීර නිපැයුමක් ලෙස මෙම Xperia දුරකථනවෙළඳපොල වෙත ඉදිරිපත් කරයි. මෙම කාණ්ඩයේ මීට පෙර පැමිණි Xperia Z1 හි නව සංස්කරණයක් ලෙස  Xperia Z2 දුරකථනය ඉදිරිපත් කරයි. නවතම Qualcomm® Snapdragon™ 801 ප්‍රොසෙසරයකින් පණ ලබන මෙහි පික්සෙල් 20.7 ක අති සුපිරි කැමරාවකින් හා අති පැහැදිලි රූප මැවිය හැකි අඟල් 5.2 ක 1920x1080 අධි විභේදන (Full HD) TRILUMINOS තිරයකින් සමන්විත වේ. 

     නවතම සංනිවේදන තාක්ෂණික ප්‍රමිතිය වන 4G LTE ද සහය දක්වන මෙය ජලයට හා දුහුවිල්ලට ප්‍රතිරෝධී(Water & Dust proof) උපාංගයකි. 
     මේ සමගම හොඳ පැහැදිලි සංගීතය රසවිඳීමට අපැහැදිලි හඬ කපාහරින(Digital noise cancelling technology) තාක්ෂණයද මේ සමග ඇත. තවද ලංඟදි නිකුත්වීමට නියමිත මයිකල් ජැක්සන් ගේ ගීත ඇල්බමයක් ද මේ සමග ලබා දෙයි. මීට අමතරව තව සේවා ‍රැසක් මේ සමග ලබා දේ.මෙය අපේ රටේ දී රු 105,999/= කට මිලදී ගත හැක.



Post a Comment

Blogger profile එකෙන් comment දාන්න ගැටලුවක් තියෙනවනම් මේ ලිපිය කියවන්න.

Previous Post Next Post

Recent Post

Features