October 5, 2014

ස්ටීව් ජොබ්ස් ලොවෙන් සමුගෙන අදට වසර තුනයි...


    ඔහුගේ නම ඇසූ පමණින් ඔහු කව්රුන්දැයි හැඳිනීමට කුඩා දරුවකු වුවද දනී. එතරම් ඔහු ලෝකය තුල ප්‍රසිද්ධියක් ලැබූ කීර්තිමත් පුද්ගලයෙකි.ස්ටීව් ජොබ්ස් යනු ඒ අසිරිමත් මිනිසාය.ලෝ සුපතල පරිගණක සමාගමක් වන ඇපල් සමාගම ආරම්භ කල පුද්ගලයා ඔහුය. මේ ලිපිය ලිවීමට මා අදහස් කලේ අදට එනම් ඔක්තෝම්බර් 5 වනදාට ඔහු පිළිකාවක් හේතුවෙන් මෙලොවින් සමුගෙන වසර 3 ක් පිරීම හේතුවෙනි.
ස්ටීව් ජොබ්ස් "Homestead High School" හි ඔහුගේ ද්විතීයික අධ්‍යාපනය සම්පූර්ණ කර තිබේ, ඉන්පසු ඔහු "Reed College"(පලමු උපාධිය පිරිනමන ආයතනයකි) ට ඇතුලත් වන අතර මුදල් අපහසුතා නිසා මාස හයකින් පසු ඔහු ඉගෙනගනිමින් සිටි විෂයන් අත හැර විෂයන් හැදෑරීම ආරම්භ කරනවා.නව නිර්මාණ කිරීමේ උපන් හපන් කමක් ස්ටීව් හට තිබුණි. ඔහු සතු 338 පමණ වූ පේට්න් බලපත්‍ර ඊට හොඳම සාක්ෂියයි. එදා මෙදා තුර බිහිවූ හොඳම පරිගණක උපාංග සමාගම බිහි කරමින් සිය සමාගමේ ආදර්ශ පාඨයෙන්ම ලොවට වෙනස්ව සිතීමට පෙළඹීය ("Think Different"). ඩෙස්ක්ටොප් පරිගණකයට ආවේණික හැඩය ලබා දෙමින් මැකින්ටෝෂ් පරිගණකය නිපදවීම, ලැප්ටොප් පරිගණකය සිහින් හුරුබුහුටි උපකරණයක් බවට පත් කිරීම (Mac Book Air), එදිනෙදා වැඩ පහසු කිරීමට ජංගම පරිගණක උපාංගයක් ලෙස අයි ෆෝන් (iPhone) ස්මාට් ෆෝනය ලොවට හඳුන්වදීම වැනි පරිගණක ලෝකයට අමතක නොවන නිමැවුම් බිහිකිරීම පමණක් නොව ඩිජිටල් පුරුදු ඇති කිරීමටද මේ අසිරිමත් පුද්ගලයා සමත් විය. එපමණක් නොව ලොව උසස් ඝණයේ ඇනිමේෂන් චිත්‍ර පටි නිපදවූ පික්සාර් (Pixar) සමාගමද ස්ටීව් ගේ අධීක්ෂණය යටතේ තිබිණි.

ව්‍යාපාර කටයුතු පමණක් නොව ඔහුගේ ජීවිතයෙන් ද ලබා ගත හැකි ආදර්ශ රාශියකි. ස්ටීව් පාසල් යන කාලයේදීම Hp සමාගමේ ‍රැකියාවක් කල අයෙකි. දෙමාපියන් හට බරක් නොවී තම ශක්තියෙන් ව්‍යාපාරයක් ඇරඹීමට සිතූ ඔහු සිය මිතුරෙකු වූ ස්ටීවු වොසිනියැක් සමග එක්ව ඇපල් සමාගම ඇරඹීය. රෝගාතුර වී වැඩ කිරීමට නොහැකි වන තුරුම ඔහු සිය සමාගම දියුණු කිරීමට වෙහෙස නොබලා කටයුතු කලේය. ඇපල් සමාගම ලැබූ සීග්‍ර දියුණුවට එය ඝෘජුවම බලපෑවේය. 
             තවත් අනගි නව නිපැයුම් ලොවට බිහිවීමට තිබූ අවස්ථා නැති කරමින් 2011 ඔක්තෝබර් 5 වන දා මෙලොවින් සදහටම සමුගත්තේය. එම සමු ගැනීමෙන් වසර 3ක් පිරෙන අද දිනයේදී ඇපල් සමාගමේ ප්‍රධාන විධායක ටීම් කුක් හා වෙනත් පිරිස් සිය අදහස් පල කරමින් පණිවිඩ නිකුත් කලේය...

4 comments :

  1. මෙහි "ස්ටීව් ජොබ්ස් යනු පිලිගත් උපාධි හෝ වෙනයම් අධ්‍යාපනයක් ලැබූ අයෙක් නොවේ" කොටසෙහි යම් සංශෝධනයක් විය යුතුයි මා සිතනවා. ස්ටීව් ජොබ්ස් "Homestead High School" හි ඔහුගේ ද්විතීයික අධ්‍යාපනය සම්පූර්ණ කර තිබේ, ඉන්පසු ඔහු "Reed College"( පලමු උපාධිය පිරිනමන ආයතනයකි ) ට ඇතුලත් වන අතර මුදල් අපහසුතා නිසා මාස හයකින් පසු ඔහු ඉගෙනගනිමින් සිටි විෂයන් අත හැර විෂයන් හැදෑරීම ආරම්භ කරනවා. ඒ නිසා ස්ටීව් ජොබ්ස් "ස්ටීව් ජොබ්ස් යනු පිලිගත් උපාධි හෝ වෙනයම් අධ්‍යාපනයක් ලැබූ අයෙක් නොවේ" යයි කියන්න බැහැ.

    ReplyDelete
    Replies
    1. වැරද්ද නිවැරදි කලා... Thnx!

      Delete
  2. ස්ටීව් නැති උනාට පස්සෙනම් ඇපල් සමාගම යන්නේ වෙන පාරක වගේ.

    ReplyDelete
    Replies
    1. ඇත්ත..ඇත්ත ඕනම වැඩකට හරි නායකත්වයක් තියෙන එපැයි....

      Delete

එකතුවෙන්න...

 
         
 

tech එකේ ඉන්න අය

Contact Form

Name

Email *

Message *

ජනප්‍රිය ලිපි

ආව ගිය අය

page visitor counter

ලිපි කියවා ඇති ගණන

© 2017 tech සයුර . Powered by Blogger.
tech සයුර Copyright © All rights reserved.