පරිගණකයෙන් රේඩියෝ අහමු...

            මේ කියන්න යන්නේ අපේ කොම්පියුටරෙන් රේඩියෝ අහන්න වගේම රෙකෝඩ් කරන්න පුලුවන් ක්‍රමයක් ගැන. මුලින්ම කියන්න ඕනි මේකට ඉන්ටනෙට් ඕනි වෙන්නෙ නෑ. ඇනලොග් ඕඩියෝ පෝට් එක (හෙඩ් ෆෝන් එක සම්බන්ධ කරන්න තියෙන පෝර්ට් එක) තියෙන රේඩියෝ එකක් තියෙනවනම් ඇති. ඒ කියන්නේ පොකට් රේඩියෝවක් හරි  රේඩියෝ තියෙන මොබයිල් ෆෝන් එකක් උනත් අවුලක් නෑ..
හරි.. මුලින්ම කරන්න ඕනි ඇනලොග් ඕඩියෝ කේබල් එකක් හොයා ගන්න එක මේ කේබල් එක දෙපැත්තෙම තියෙන්නේ ඕඩියෝ ජැක්. පහල රූපය දැක්කම හරියටම තේරෙයි මොකද්ද කියලා. මේ කේබල් එකක් පහසුවෙන් ඉලෙක්ට්‍රොනික් අමතර කොටස් අලෙවි කරන් තැනකින් ගන්න පුලුවන්. එහෙමත් නැත්තන් ඕඩියෝ ජැක් 2ක් අරගෙන ඒවා වයර් වලින් සම්බන්ද කරලත් මේ කේබල් එක හදාගන්න පුලුවන්.
දැන් කරන්න තියෙන්නේ කේබල් එකේ එක කෙලවරක් රේඩියෝවටත් අනෙක් කෙලවර කොම්පියුටරේ ඕඩියෝ ඉන්පුට් එකටත්(Audio in) එකටත් සම්බන්ද කරන එක. ඕඩියෝ ඉන්පුට් එක ගොඩක් වෙලාවට කේසින් එකේ පිටිපස්සේ තමයි තියෙන්නේ. ගොඩක් වෙලාවට ලා නිල් පාට පෝට් එකක්. රේඩියෝ එක ඔන් කරලා (වොලියුම් එක ටිකක් අඩු කරලා) Start-> Control Panel -> Hardware and Sound කියන බට්න් එක ක්ලික් කරන්න. 
      දැන් එන වින්ඩෝ එකේ Sound යටතේ තියෙන Manage audio devices කියන ලින්ක් එක ක්ලික් කරන්න. 
    දැන් මතුවෙන Sound වින්ඩෝ එකේ Recoding ටැබ් එක ක්ලික් කරලා ඒකෙ තියෙන Line in සිලෙක්ට් කරලා Properties බට්න් එක ක්ලික් කරන්න. දැන් Line in properties වින්ඩෝ එකේ Listen ටැබ් එක ක්ලික් කරන්න. එතන පහල තියෙන Listen to this device කියන එකට හරි ලකුණ දාන්න. Apply කරලා OK කරන්න. දැන් වැඩේ හරි! 

හඬ මදි නම් පොකට් රේඩියෝ එකේ සද්දෙ ටිකක් වැඩි කරන්න නැත්තන්  Listen to this device වින්ඩෝ එකේ Level ටැබ් එක ක්ලික් කරලා ඒකෙන් වොලියුම් හදාගන්න. හැබැයි වැඩි සද්දයක් ගන්න කියලා රේඩියෝ එකේ සද්දෙ උපරිම කරන්න එහෙමනම් එපා! එහෙම කලොත් කොම්පියුටරේ මදර්බෝඩ් එකටත් හානි වෙන්න පුලුවන්...! අලුත් පෝස්ට් එකකින් හමුවෙමු....

6 Comments

Blogger profile එකෙන් comment දාන්න ගැටලුවක් තියෙනවනම් මේ ලිපිය කියවන්න.

  1. "පරිගණකයෙන් රේඩියෝ අහමු..." කියල ලිපියෙ මාතෘකාව දැක්ක ගමන් මම හිතුවෙ රේඩියෝ අහන අලුත් ක්‍රමයක් වෙන්නැති කියලා. ඒත් මේකේදි වෙලා තියෙන්නෙ පරිගණකය වර්ධකයක් ලෙස භාවිතා කිරීමක් පමණයි නේද?

    ReplyDelete
    Replies
    1. මෙහෙමයි.. මට ඕනි වුණේ audio input පෝට් එකෙන් වැඩක් ගන්නෙ කොහොමද කියලා පොඩි දැනුමක් දෙන්න විතරයි... ගොඩක් අය මේ පෝට් එකෙන් වැඩ ගන්නෙ නෑනෙ...!

      Delete
  2. මර්තුකාවට අදාලයි කියන්න අමාරුයි

    ReplyDelete
    Replies
    1. දාන්න වෙන එකක් ඔලුවට ආවෙ නෑ...

      Delete
  3. අනේ බන් මෙහෙම හරි දැනුවත් කිරීම ගැන ස්තුති නොකර ඇද කුද හොයන්න එපා බන්.කුහකකම ඕක.. එල මචං උඹේ පෝස්ටුව.

    ReplyDelete
Previous Post Next Post

Recent Post

Features