කන දේ කනෙන් ඇසීම | BitBite උපාංගය

           ශරීර සෞඛ්‍ය යහපත් ව පවත්වාගෙන යන්න විවිධාකාරයේ උපාංඟ ලෝකයේ නිපදවෙනවා. මේ කියන්නෙ ඒ වගේ ටිකක් වෙනස් ආකාරයේ  උපාංඟයක් ගැනයි.
බිට්බයිට් (BitBite) තමයි මේ උපාංගය. සාමාන්‍යයෙන් අපි කෑම කන කොට සැපීම ගැන එච්චර අවධානයක් යොමු කරන්නෙ නෑ. ඒ උනත් ආහාර ජීර්ණයට මේක වැදගත්. මේ උපකරණයෙන් අපි ආහාරයක් ගන්න අවස්ථාවේ දී එය සපන ආකාරය ගැන අසාගෙනම කන්න පුලුවන්. ඒ විතරක් නෙවෙයි ස්මාර්ට් ෆෝන් ඇප් එකක් මඟින් මේ දත්ත එකතු කර එහි විශ්ලේෂණය කර එමගින් සපන ලද වාර ගණන හා එයට වැයවූ කැලරි ප්‍රමාණය ආදියෙහි විස්තරයක් ලබා ගන්න පුලුවන්.
මේ සියල්ල තිබුණද BitBite උපාංගය අවුන්ස 3 ක් පමණ බ‍රැති කනේ ‍රැඳවිය හැකි කුඩා උපාංගයකි. එහි ඇති මයික් හා අනෙකුත් සංවේදක මඟින් ශබ්දය ‍රැස්කර ගනු ලබයි.    එසේම මෙය සමග ලබාදෙන USB චාජරය භාවිතයෙන් වරක් ආරෝපණය කරගත් පසු පැය 3-4 කාලයක් භාවිත කල හැකි බවයි ආරංචි.. අවශ්‍ය විට භාවිත කර අවශය නොවන විට අත් පටියක හෝ රඳවා තබා ගත හැකියි.

$159 ලෙස මිල නියම කර ඇති මේ උපාංඟය 2015 දී වෙළඳ පොළට නිකුත් කිරීමට නියමිතයි. ඔහේ කෑම ගිල දමන බඩ පුරවගන්න විතරක් කන අයට නම් මේක හොඳ උපාංඟයක් වේවි!

Post a Comment

Blogger profile එකෙන් comment දාන්න ගැටලුවක් තියෙනවනම් මේ ලිපිය කියවන්න.

Previous Post Next Post

Recent Post

Features