ඉවතලන ෆෝන් බැටරියකින් ටෝච් එකක්...

මොබයිල් ෆෝන් වල තියෙන බැටරිය කලක් ගත වීමේදී ඉක්මනින් බැසයන්න පටන් ගන්නවා. ඉතින් ඒක අයින් කරලා අලුත් බැටරියක් දාන්න ඕනි. එතකොට පරණ බැටරිය... ඒක අහකට දානවා...  එහෙම කරන්න එපා. මේ පෝස්ට් එකෙන් කියල දෙන්නෙ බැටරිය එහෙම අහකට දාන්නෙ නැතුව ඒකෙන් පොඩි ටෝච් එකක් හදන විදිහයි. වැඩි වියදමක් යන්නෑ. මට මේකට ගියෙ රු.40/= යි.

මුලින්ම මේ වැඩේට ඕනි උපකරණ ටික බලමු..
  • මොබයිල් ෆෝන් බැටරියක් - බැටරිය ‍තෝරගන්න කොට ඉදිමුණු, තැලුණු බැටරි ගන්න එපා... (මම ගත්තෙ BL-5CA කියන බැටරිය)
  • සුදු LED 4 යි - සුදු LED වර්ග දෙකක් තියෙනවා.සාමාන්‍ය LED එක වගේ එක වර්ගයකුත් LED ටෝච් වලට එන උසින් අඩු දීප්තියෙන් වැඩි LED වර්ගයකුත් තියෙනවා. මේ වැඩේට හොඳ දෙවෙනියට කියපු වර්ගයයි. ඒක නැත්නම් අනෙක් එක හරි ගන්න.
  • පාහනයක් (බවුත් එකක්), ඊයම්
  • මෘදු තහඩු කොටසක්
  • බේලෙඩ් තල කොටසක් - ස්විචය ලෙස භාවිත කරන්නේ මෙයයි.
  • තරමක් ගනකම කොයිල් කම්බි කොටසක් (පරණ ට්‍රාන්ස්ෆොර්මර් තුල ඇත)
  •  පරිවාරක ටේප් (වයරින් ටේප්)
  • අඬුවක්
පරිපථ සටහන
දැන් බලමු කොහොමද මේක හදන්නෙ කියලා
1) මුලින්ම බැටරිය ගෙන එහි ඉදිරිපස ඇති දුරකතනයට සම්බන්ධ වන කොටස අඬුව භාවිතයෙන් ඉවත් කර ගන්න. ඉවත් කිරීමේදී බැටරිය හා පරිපථය සම්බන්ද වන      කුඩා තහඩු කොටස් බැටරියෙන් ගැලවී නොයන පරිදි පරිපථය ඉවත් කරගන්න.
2) රූපයේ පරිදි LED 4 බැටරියේ පි‍ටුපසින් සවි කර ගන්න. එහිදී LED වල සමාන අග්‍ර එක පැත්තට එන පරිදි සම්බන්ද කර ගන්න.

 

3) දැන් එම සමාන අග්‍ර එකිනෙක සම්බන්ධ කර පාස්සා ගන්න.
4) බල්බ් වල (-) අග්‍ර සම්බන්ද කල කොටසට කොයිල් කම්බි කොටසක් ගෙන එහි අගින් එනමලය කොටසක් ඉවත් කර පාස්සා ගන්න. එය බැටරියේ (-) අග්‍රයට සම්බන්ද කර ගන්න.
5) බ්ලේඩ් තල කොටස ගෙන එය පහත හැඩයට කපා එහි මුවහත් කොටසද ඉවත් කර ගන්න.
6) එය නවා එහි අගට කොයිල් කම්බි කොටසක් පාස්සා ගන්න. ඉන් පසු එය LED වල (+) අග්‍රයට සම්බන්ද කල හැකි පරිදි සවි කරගන්න.
7) කුඩා තහඩු කොටස් 2 ක් ගෙන බැටරියේ (+) හා (-) අග්‍ර වලට සම්බන්ද කර ගන්න. බැටරිය නැවත ආරෝපණයට යොදා ගන්නේ මේ 
අග්‍ර දෙකයි.
8) දැන් නිවැරදිව ක්‍රියා කරනේ දැයි බලා පරිවාරක ටේප් ඔතා ගන්න.
ඔන්න ඔහොමයි ඕක හදා ගන්නෙ. හදල බැලුවනම් පෙනෙයි හොඳ එලියක් තියෙනවා. පොඩි හින්දා අරන් යන්නත් ලේහෙසියි.
      මේක එක පාරක් චාර්ජ් කරාම ගොඩක් කල් පාවිච්චි කරන්න පුලුවන්.. චාර්ජ් කියන කොට මතක් උනේ. මම මේක චාර්ජ් කරන්න ගත්තෙ එක්ස්ටනල් චාර්ජරයක් (ගෙම්බ චාර්ජරයක්!). 
     වැඩේ කරල බලන්නකෝ. ප්‍රශ්න ආවොත් කමෙන්ට් එකක් කොටන්නකෝ...! ඉස්සරහට තව මේ වගේ වැඩ කරන්න හිතා ගෙන ඉන්නෙ. හදපු ගමන් පෝස්‍ටුවක් දාන්නන්......!

3 Comments

Blogger profile එකෙන් comment දාන්න ගැටලුවක් තියෙනවනම් මේ ලිපිය කියවන්න.

  1. රයිට් ෙගදර තියනවා බැටරි දෙක තුනක් උත්සාහ පාරක් දාල බලන්න ඔ්න
    තැන්කිව් ඔත්තුවට

    ජ ය ෙව් වා ර්‍!!!!

    ReplyDelete
Previous Post Next Post

Recent Post

Features