ඉන්ටෙල් වෙතින් ඩොන්ගලයක් තරම් වූ පරිගණකයක්.!

         පරිගණකය බිහිවූ මුල් කාලයට වඩා අද තිබෙන පරිගණක බොහෝ දුර ගොස් ඇත.වේගය මෙන්ම ප්‍රමාණය අතින්ද  අද තිබෙන පරිගණක ඉදිරියෙනි. පරිගණක නිෂ්පාදනය කරන සමාගම් බොහෝ විට උත්සහ කරන්නේ ප්‍රමාණයෙන් කුඩා බලසම්පන්න පරිගණක තැනීමටය. 
පසුගිය දිනක Santa Clara හීදී පැවති ආයෝජකයන්ගේ සමුලුවට ඉන්ටෙල් සමාගම අපූරු උපාංගයක් ‍රැගෙන ආවේය. ඔවුන් එය හැඳින්වූයේ "Stick PC" කියාය. එනම් USB ඩොන්ගලයක් තරම් වූ පරිගණකයකි. එය හරියට ඇමසන් සමාගමේ "ෆයර් ටීවී" (Fire TV Stick) හෝ ගූගල් ක්‍රෝම්කාස්ට් (Chromecast) උපාංගය වැනි වූ උපාංගයකි.අඟල් 4.0 × 1.5 × 0.5 තරම් වූ මෙම උපාංගය අලුත් වින්ඩෝස් 8.1 මෙහෙයුම් පද්ධතිය ධාවනය කල හැකියාව සහිත එකක් වන අතර මොනිටරයකට හෝ රූපවානියක ඇති HDMI පෝර්ට් එකට සම්බන්ද කර මෙය ක්‍රියාත්මක කල හැකියාව පවතී.
කෙසේ වෙතත් මෙහි ඇති ප්‍රොසෙසරය හා මතකය වැනි කරුණු පිළිබඳ ඉන්ටෙල් සමාගම තවමත් දන්වා නැත. බොහෝ අයගෙ අදහස මෙය ඩුවෙල් කෝ ප්‍රොසෙසරයක් ,512MB හෝ 1GB ‍රැම් මතකයක් හා 8GB අභ්‍යන්තර මතකයක් සහිතව පැමෙණෙනු ඇති කියාය . මෙය 2015 වර්ෂයේ ඉදිරිපත් කරන බවට ඉන්ටෙල් සමාගම දන්වා සිටී.

Post a Comment

Blogger profile එකෙන් comment දාන්න ගැටලුවක් තියෙනවනම් මේ ලිපිය කියවන්න.

Previous Post Next Post

Recent Post

Features