ඩෙස්ක්ටොප් පරිගණකයේ මූලාරම්භය | ඇල්ටෙයා 8800

පරිගණය බිහිවූ මුල් අවදියේදී එය කාමරයක් හෝ ශාලාවක් පිරී යන්නට තරම් දැවැන්ත යන්ත්‍රයක් විය. ඒ නිසාම එය යොදා ගත්තේ සාමාන්‍ය ජනයා නොව විශ්ව විද්‍යාල හෝ වෙනත් දැවැන්ත සමාගම් විසිනි. මෙලෙසෙ විශාලව තිබූ පරිගණකය මේසයක තැබිය හැකි තරම් කුඩාවට එක් පරිගණකයක් නිපදවිණි. ඒ ඇල්ටෙයා 8800 පරිගණකයයි..
එඩ් රොබට් සේවය කලේ ඇමරිකානු ගුවන් හමුදාවේ ගිනි අවි රසායනාගාර සේවකයෙකු ලෙසය. ඔහු සිය මිතුරෙකු වූ ෆොරස්ට් එම් මිම්ස් සමග එක්ව විනෝදාංශය සඳහා ආදර්ශ රොකට් කට්ටල අත්හදා බලන්නන් වෙනුවෙන් ඉලෙක්ට්‍රොනික උපකරණයක් හඳුන්වාදීමට තීරණය කලා. ඒ අනුව 1969 දී ඔවුන් දෙදෙනා හා ස්ටැන් ,රොබට් සාලර් යන අය සමග එක්ව නිව් මෙක්සිකෝවේ පිහිටි රොබට් ගරාජ් හීදී MITS (Micro Instrumentation and Telemetry Systems) සමාගම ආරම්භ කරනු ලැබුවා. ඒ ආදර්ශ රොකට් කට්ටල නිපදවීම සඳහායි.
කලක් ගතවීමේදී එඩ් රොබට් ගේ සිතෙහි අලුත් අදහසක් ඇතිවිය. ඒ සාමානය පුද්ගලයන්ට සරිලන පරිදි කුඩා පරිගණකයක් නිපදවීමය. ඒ අනුව යමින් සිය මිතුරන්ගේ සහයද ඇතිව 1975 ජනවාරියේදී දී ඇල්ටෙයා 8800 (Altair 8800) නිපදවිණි. ඒ ලොව ප්‍රථම පෞද්ගලික පරිගණකය යි (world first PC). ඇල්ටෙයා පරිගණකය ඉන්ටෙල් 8080 2.0MHz ප්‍රොසෙසරයකින් පණ ලැබූ අතර 64KB දක්වා වූ 256 b  RAM මතකයකින් යුක්ත විය. දත්ත ආදානයට ඉදිරිපස ස්විච යොදා තිබූ අතර දර්ශකය (display) ලෙස LED යොදා තිබිණි. දත්ත තැන්පත් කිරීම (data storage) සඳහා කඩදාසි පටි, ටේප් හා අඟල් 8 ෆ්ලෝපි තැටි භාවිතා විය. මීට අමතරව අමතර උපාංග එක් කිරීමට එක්ස්පැන්ෂන් ස්ලොට් (expansion slots) ද මෙම පරිගණකයට ඇතුලත් විය.ඇල්ටෙයා පරිගණකය දෙයාකාරයකට අලෙවි කලේය. එක් ක්‍රමයක් වන්නේ පරිගණකයේ කොටස් ගෙන්වා ගෙන මිලදී ගන්නාට එකලස් කර ගැනීමය. ඒ ඩොලර් 395 කටය. අනෙක් විදිය නම් එකලස් කරන ලද පරිගණකයක් මිලට ගැනීමය. එහිදී ඩොලර් 255 ක අමතර මුදලක් ගෙවිය යුතු විය.
ඇල්ටෙයා 8800 හි මෙහෙයුම් පද්ධතිය ද සුවිශේෂී එකකි. ඒ අද නම් දරා සිටින මෘදුකාංඟ සමාගමක් වන  මයික්‍රෝසොෆ්ට් සමාගමේ ආරම්භය සිදු වූයේ ද මෙම මෙහෙයුම් පද්ධතිය සමගය.  මයික්‍රෝසොෆ්ට් අයිතිකරුවන් වූ බිල් ගේට්ස් හා පෝල් ඇලන් සිය ව්‍යාපාරය අරඹන ලද්දේ මෙම මෙහෙයුම් පද්ධතිය වන "ඇල්ටෙයා බේසික්" (Altair BASIC) විකිණීමත් සමගය.
එකල තිබූ තාක්ෂණයන් සමග බැලූ කල ඇල්ටෙයා 8800 යනු ඉතා බල සම්පන්න යන්ත්‍රයක් විය. මෙයට යොදා ගත් ඉන්ටෙල් 8080 චිපය පවා එකල තිබූ හොඳම ප්‍රොසෙසරය විය. සාමාන්‍ය අයට මිලට ගත නොහැකි ඉතා විශාල ශාලාවන් පිරෙන්නට තිබූ පරිගණකය මේසය මත තැබිය හැකි හුරුබුහුටි උපකරණයක් බවට පත් කිරීමට එඩ් රොබ්ට් නම් වූ මේ අසිරිමත් මිනිසා සමත්විය. අද අප වැඩ ගන්නා ඩෙස්ක්ටොප් පරිගණකයේ මූලාකෘතිය වූයේද ඇල්ටෙයා 8800 පරිගණකයයි. එඩ් රොබට් ඩෙස්ක්ටොප් පරිගනකයේ පියා ලෙස හඳුන්වන්නේ එනිසාය.

Post a Comment

Blogger profile එකෙන් comment දාන්න ගැටලුවක් තියෙනවනම් මේ ලිපිය කියවන්න.

Previous Post Next Post

Recent Post

Features