CES උළෙලේ දී ඉදිරිපත් කෙරුනු හොඳම උපාංඟ...

CES (consumer electronics show) කියන්නේ ලෝකයට අලුතින් එක්වෙන ඩිජිටල් උපාංඟ ගැන ලෝකය දැනුවත් කරන හොඳම ඉලෙක්ට්‍රොනික් උපාංඟ ප්‍රදර්ශනයක්. 1967 දී ඇරඹුන මේ ප්‍රදර්ශනයට ලෝකයේ ප්‍රකට මෘදුකාංඟ හා දෘඩාංඟ සමාගම් මේ උළෙලට සිය දායකත්වය ලබා දෙනවා. ඉදිරි වසරේදී ලෝකයේ ඩිජිටල් නැඹුරුව ගැන අදහසක් ගන්න මේ උළෙලෙන් හැකියාව තියෙනවා.
      CES උළෙලේ මේ වසරේ ඉදිරිපත් කෙරුන හොඳම ඩිජිටල් උපාංඟයි මේ..
 හොඳම ස්මාර්ට් ෆෝනය - LG G Flex 2 
එල්ජී සමාගමේ පෙරලිකාර දුරකථනයක් වන LG G Flex 2  මෙවර හොඳම ස්මාර්ට් ෆෝනය බවට පත්ව තිබෙනවා. නම්‍යශීලි දුරකථනයක් වන මේය අඟල් 5.5 තිරයක් හා ක්වාල්කොම් ස්නැප් ඩ්‍රැගන් 810 ප්‍රොසසරයකින් යුක්ත වෙනවා.
 හොඳම ස්මාර්ට් ෆෝන් උපාංඟය -Lenovo Vibe Xtension Selfie Flash 
ස්මාර්ට් ෆෝන් මගින් තනිව ගන්නා (Selfie) ඡායාරූප වලට ගුණාත්මක බව වැඩිකරීමට අමතර ආලෝකයක් ලබාදීමට lenovo සමාගමෙන් නිපදවූ LED ෆ්ලෑෂරය.
 හොඳම ස්මාර්ට් ඔරලෝසුව - Lenovo Vibe Band VB10 
lenovo සමාගමේ නිර්මාණයක් වන මෙම ස්මාර්ට්වොච් උපාංගය
 අඟල් 1.43 ක E Ink තිරයක් හා වඩා හොඳ බැටරි ආයුකාලයකින්ද යුක්ත වෙනවා වගේම තව අමතර පහසුකම් ‍රැසකින් යුක්තයි.
 හොඳම ශරිර සුවතා උපාංගය - Garmin Vivoactive 
     Garmin Vivoactive  උපාංඟය මගින් ශරීර සුවතාව මනාව පවත්වා ගැනිමට හොඳ පි‍ටුවලක් ලබාදෙයි. පපු ප්‍රදේශයට සවි කල හැකි බ්ලූටූත් උපාංඟයකින් හා GPS සහිත වන මෙය CES 2015 දි  හොඳම ශරිර සුවතා උපාංගය බවට පත්විණි.
හොඳම සෞඛ්‍ය උපාංගය -TempTraq 
Blue Spark Technologies සමාගමේ නිර්මාණයක් වන මෙය ළදරු වන්ගේ ශරීරයේ උෂ්ණත්වය මැන බැලීමට යොදා ගනී.
හොඳම ඩිජිටල් ගෘහ උපාංඟය- LG Twin Wash 
හොඳම මුලුතැන්ගෙයි උපාංඟය -Rotimatic
එකවර ආහාර වර්ග කිහිපයක් සාදාගත හැකි Rotimatic උපාංඟය

to be continued..

Post a Comment

Blogger profile එකෙන් comment දාන්න ගැටලුවක් තියෙනවනම් මේ ලිපිය කියවන්න.

Previous Post Next Post

Recent Post

Features