බ්‍රව්සර් යුද්ධයට පණ ගසා නැගිටින MS Spartan

අද ලොව තිබෙන පරිගණක අතුරින් වැඩිමනත් දෙනා භාවිත කරන්නේ කුමන හෝ වින්ඩෝස් මෙහෙයුම් පද්ධතියකි. එනම් ලොව වැඩිම දෙනෙක් භාවිතා කරන්නේ වින්ඩෝස් මෙහෙයුම් පද්ධතියයි. එහෙත් එහි පරිශීලකයින් බොහෝ දෙනෙක් අන්තර්ජාලයට පිවිසීමට වින්ඩෝස් සමග නොමිලේ ලැබෙන ඉන්ටනෙට් එක්ස්ප්ලෝරර් වෙබ් බ්‍රව්සරය යොදා ගන්නේ නැත. ඒ වෙනුවට ගූගල් ක්‍රෝම් හෝ ෆයර්ෆොක්ස් භාවිත කරයි. මීට ඉහත දී නෙට්ස්කේප් නැවිගේටර් පරයා නැගී සිටින්නට  ඉන්ටනෙට් එක්ස්ප්ලෝරර් සමත් වුවත් දැන් එය පරයා ගූගල් ක්‍රෝම් හා ෆයර්ෆොක්ස් ඉදිරියට විත් තිබේ.
මෙය තේරුම් ගත් මයික්‍රෝසොෆ්ට් සමාගම ඉදිරියේදී පැමිණීමට නියමිත සිය වින්ඩෝස් 10 නව මෙහෙයුම් පද්ධතිය සමගින් අලුත් වෙබ් බ්‍රව්සරයක් දීමට යයි. එය නමින් මයික්‍රෝසොෆ්ට් ස්පාර්ටන් (Microsoft Spartan) ය. පැහැදිලි, සරල, ගොඩගැසීම් රහිත නව අතුරුමුහුණතක් ස්පාටන් සමග පැමිණීමට නියමිතය. ඒ සමග කටහඬට සංවේදී (voice command) ගුණාංගයද වැඩිදියුණු වනු ඇති. එමගින් වෙබ් අඩවි ලිපින ටයිප් කරනු වෙනුවට "මුල් පි‍ටුවට යන්න", "මේක මගේ මුල් පි‍ටුව බවට පත් කරන්න", "ෆේස් බුක් එකට යන්න" (“add to favorites", “make that my home homepage", “go to Facebook.com.” වැනි කට හඬින් විදාන ලබා දිය හැක.

මෙම වෙබ් බ්‍රව්සරයේ  තිර සටහන් කිහිපයක් Neowin මගින් ප්‍රසිද්ධ කර තිබේ. එයට අනුව පෙනෙන පරිදි forward, refresh, reading list, sharing  හා favorites බොත්තම් ඉහලින් පිහිටා තිබේ. එය හරියට ගූගල් ක්‍රෝම් හෝ ෆයර්ෆොක්ස් වලට සමානය. මයික්‍රෝසොෆ්ට් සමාගම මෙම මස 21 දා මාධ්‍ය හමුවක් පැවැත්වීමට නියමිත අතර එහිදී මෙම නව වෙබ් බ්‍රව්සරය හඳුන්වාදීමට නියමිතය.

Post a Comment

Blogger profile එකෙන් comment දාන්න ගැටලුවක් තියෙනවනම් මේ ලිපිය කියවන්න.

Previous Post Next Post

Recent Post

Features