කී බෝඩ් එක අලුත්වැඩියා කරන හැටි...

අපේ කොම්පියුටරේ කී බෝඩ් එක තමයි කොම්පියුටරය හසුරවන්න තියෙන ප්‍රධානතම උපාංඟය. ඉතින් මේක ටික කාලයක් ගියාම ලෙඩ දෙන්න ගන්නවා. ෂෝට් කට් ඉබේ වැඩකරනවා, මොකක් හරි අකුරක් එක දිගට ටයිප් වෙනවා නැත්නම් සමහර කී වැඩ කරන්නෙ නැතුව යනවා. මේ මොන ලෙඩේ ආවත් ගොඩක් අය කරන්නේ කී බොඩ් එකට ටිකක් හයියෙන් ගහන එක... එතකොට නම් හරියනවා. මෙහෙම ගහල කී බෝඩ් එක පිපිරුනාම අලුත් එකක් ගන්නවා...! මේ කියල දෙන්නෙ එහෙම කී බෝඩ් එකට තඩි බාන්නෙ නැතුව අලුත් එකක් ගන්නෙත් නැතුව ගෙදරදිම මේ ගැටලු නිරාකරණය කරගන්නෙ කොහොමද කියලා..
පෙර කියපු ප්‍රශ්ණ ඔක්කෝටම හේතුව තමයි කී බෝඩ් එක ඇතුලෙ තියෙන ස්විච් ටික. මේ කී බෝඩ් එකේ තියෙන ස්විච් ටිකක් වෙනස්. ඒකට හේතුව තමයි මේ ස්විච් සේරම නැමෙන සුළු ඉටි කොලයක ප්‍රින්ට් කරලා තියෙන්නෙ. හරියටා කිව්වොත් මේවා ඉටි කොල දෙකක ප්‍රින්ට් කරලා ඒ දෙක අතරට තවත් ඉටිකොලයක් දාල තමයි මේක හදලා තියෙන්නෙ..  මේ රූපය බැලුවම ඒක තේරෙයි. 
        අපි බට්න් එකක් ඔබන කොට මේ ඉටි කොල දෙක එකිනෙක ගෑවිලා පරිපථය සම්පූර්ණ වෙනවා.... මෙහෙම තමයි මේක වැඩ කරන්නෙ. ටික කාලයක් යනකොට මේ ස්ව්ච් ඉබේ ලුහුවත් (ෂෝට්) වෙනවා. ගේම් ගහන කොට, ඇතුලට දූවිලි ගියාම මේ ගැටලු ඇති වෙනවා.. මේක නිවැරදි කරන්නෙ මෙහෙමයි...රූප නම් ටිකක් පැහැදිලි මදි ඇති..ඒකට sorry!

*මුලින්ම කී බෝඩ් එක අනෙක් පැත්ත හරවලා නියනකින් ඇණ ටික ගලවන්න. මතක තියාගන්න ඇණ හැම තැනම දාන්න එපා. ඔක්කොම එක තැනක තියා ගන්න (ඇණ 20 විතර තියෙනවා). මොකද මේ ඇණ අඩු වුණොත් ඒකත් තව ලෙඩක්...
*ඇණ ටික සේරම ගැලෙව්වට පස්සෙ පිට පියන පරෙස්සමට අයින් කරන්න. කලබල වෙලා අයින් කලොත් ඇතුලෙ තියෙන රබර් බොත්තම් එහෙ මෙහෙ විසිවෙන්න පුලුවන්. ඒ හැම කෑල්ලක්ම කීබෝඩ් එකට ඕනි.
*දැන් අර මම ඉස්සෙල්ල කියපු ඉටි කොල ටික පෙනේවි. දැන් මේ ඉටිකොල ටික පරිස්සමෙන් අයින් කරගන්න ඕනි. 
       ඒකට මුලින්ම ඉටි කොල වලට සම්බන්ඳ කරල තියෙන සර්කිට් එකෙන් මේක ගලව ගන්න ඕනි. ඒක කරන්න සර්කිට් එකේ තියෙන රබර් පටි කෑල්ල හෙමිහිට  ගලවන්න.
*දැන් ඉටි කොල 3 එලියට ගන්න. මේ 3 ම එකිනෙක සම්බන්ඳ කරල තියෙන නිසා වෙන්වෙලා යන්නෙ නෑ.
*ඊළඟට කරන දේ ටිකක් ප්‍රවේසමින් කරන්න ඕනි. සිනිදු රෙදි කෑල්ලක් අරගෙන අර ඉටි කොල වල ස්විච් ප්‍රින්ට් කරලා තියෙන ටික පිහ දාන්න. ගොඩක් තදින් අතුල්ලනත් එපා.. ඒවගේම වැඩිය හොඳට ටිනර්, සර්චිකල් හරි වෙන මොනවත්ම කොහෙත්ම දාන්න එපා! ඒවා දාලා පිහ දැම්මොත් අර ස්විච් මැකිල යනවා. ඒකට හේතුව තමයි ඒ ප්‍රින්ට් කරලා තියෙන්නෙත් විශේෂ තින්ත වර්ගයකින් වෙන එක. බැරිවෙලාවත් ඒවා මැකිල ගියොත් වැඩ කරපු බට්න් පවා වැඩකරන්නෙ නැති වේවි. ඒ වගේම කී බෝඩ් එකේ සර්කිට් එකේ ඉටි කොල වලට සෙට් වෙන තැන් ටිකත් පිහදාන්න..
*හොඳට දූවිලි පිහදාලා ඉටි කොල ටික ආයෙත් හරියට හයි කරන්න.. ඊට ඉස්සෙල්ල රබර් බොත්තම් ටික තියෙනවද කියල බලන්න. ඔක්කොම හයිකරලා පිට පියනත් හයි කරලා ඇණ දාල තද කරන්න.. 
         දැන් ප්‍රශ්ණය විසඳිලා තියේවි.. කී බෝඩ් එකේ එක බට්න් ඒකක් හරි ඇතුලට බැහැල තියෙනවනම් ඒකට හේතුව අර රබර් බොත්තමක් අඩු වෙලා තියෙන එක. එහෙම වුණෝතින් ආයෙත් කී බෝඩ් එක ගලවන්න වේවි. ඒ නිසා පරිස්සමට වැඩේ කරන්න.... ගැටලු තියෙනවනම් කොමෙන්ට් එකක් දාන්න...
  

Post a Comment

Blogger profile එකෙන් comment දාන්න ගැටලුවක් තියෙනවනම් මේ ලිපිය කියවන්න.

Previous Post Next Post

Recent Post

Features