ආඩුයිනෝ දසවැනි උපන්දිනය අදයි!

පරිගණකයට සම්බන්ඳ කර වැඩසටහන් ඇතුලත් කර නොයෙක් වැඩ කල හැකි IC විශේෂයක් තිබේ. මයික්‍රොකොන්ට්‍රෝලර් යනුවෙන් හැඳින්වෙන්නේ මෙම IC වර්ගය හඳුන්වයි. සරලවම ගතහොත් මෙය සරල පරිගණකයකි. ‍රැම්, රොම්, රෙජිස්ටර සහිත කුඩා ප්‍රොසෙසරයක් වන මෙය ඊටම ආවෙනික වූ මෙහෙයුම් පද්ධතියකින් ක්‍රියාත්මක වේ.  මෙම මෙහෙයුම් පද්ධතිය සකස් කල හැක්කේ එය භාවිත කරන්නාටයි. තමාගේ කාර්‍යයට අවශ්‍ය පරිදි ඊට අදාල සැකසුම් සකස් කරමින් මෙම උපදෙස් මාලාව සැකසිය හැක. කලකට ඉහතදී මෙය විශේෂ පරිගණක දැනුම සහිත අයට පමණක් කල හැකි දෙයක් විනි. නමුත් 2005 මාර්තු 28 වන දා ඇරඹූ එක්තරා ව්‍යාපෘතියක් නිසා ආධුනිකයෙකුට වුවත් කල හැකි සේ සරල මට්ටමකට මේ මයික්‍රොකොන්ට්‍රෝලර් පත්විණි. ඒ ආඩුයිනෝ (Aeduino) ව්‍යාපෘතියයි.
ආඩුයිනෝ ව්‍යාපෘතිය ඇරඹුවේ ඉතාලියේ ඉව්රියා (Ivrea) නම් සමාගමක් විසිනි. ඔව්න් විසින් සකසා ඇති මිලෙන් අඩු සර්කිට් බෝඩය මයික්‍රොකොන්ට්‍රෝලර් IC එක සම්බන්ඳ කර තැනූ සම්පූර්ණ පරිපථයකි. එය ලබාගන්නා කෙනෙකුට කල යුත්තේ එය USB කෙවෙනිය හරහා පරිගණකයට සම්බන්ඳ කර ඊට අවශ්‍ය විධාන සැකසීමයි. මෙය පෝර්ට් ප්‍රොග්‍රැමින් ලෙස හඳුන්වයි . එම විධාන නැත්නම් වැඩසටහන් සකස් කිරීමට අදාල විශේෂ වැඩසටහනක් ආඩුයිනෝ වෙතින් නොමිලේම ලබාදේ. එය වෙනස් කර තමාට අවශ්‍ය පරිදි වුවද සකසා ගත හැකි ඕපන්සෝස් එකකි. ලිනක්ස්, වින්ඩෝස්, ඇපල් යන ඕනෑම මෙහෙයුම් පද්ධති මත සාර්ථකව ධාවනය කල හැක. එනම් මෙය ලබාගන්නා කෙනෙකුට මුදල් වියදම් වන්නේ ආඩුයිනෝ බෝඩ් එකට පමණි. මෙයට අවශ්‍ය මෘදුකාංඟ හා ආධුනිකයින් සඳහා පාඩම් නොමිලේ ලබා දේ. දැන් මෙය යොදාගෙන අටෝරසියක් වැඩ කටයුතු කල හැක. නොයෙක් ක්‍රීඩා භාණ්ඩ සෑදීමට, රොබෝ යන්ත්‍ර, LED බල්බ රටා වැනි නොයෙක් වැඩකටයුතු සන්ඳහා මෙය යොදා ගත හැකිය. 
     නව නිපැයුම් කරුවන්, පාසල් සිසුන් මින් ලබන ප්‍රයෝජනය අතිමහත්ය. මේ සියලු ගෞරවය හිමිවන්නේ ආඩුයිනෝ සමාගමටය. එම සමාගමේ මේ ව්‍යාපෘතිය නොවන්නට තවමත් මයික්‍රොකොන්ට්‍රෝලර් යනු විද්‍යාගාර වලට සීමාවූවක් විය හැකි විණි. ලොව පුරා ජනප්‍රිය මේ ව්‍යාපෘතිය තවතවත් දියුණු කිරීමට හා ජනප්‍රිය කිරීමට සෑම වසරකම මාර්තු 28 වනදා රටවල් කිහිපයකදී 'ආඩුයිනෝ ඩේ' සමරයි. අද සමරන්නේ එහි දසවැනි උපන්දිනයයි...

Post a Comment

Blogger profile එකෙන් comment දාන්න ගැටලුවක් තියෙනවනම් මේ ලිපිය කියවන්න.

Previous Post Next Post

Recent Post

Features