අයි පෑඩ් ඇප් එකක් නිසා ඇමරිකා ගුවන් ගමන් ප්‍රමාද වේ

ගුවන් නියමුවන් විසින් යොදා ගන්නා ඇපල් අයි පෑඩ් ඇප් එකක් නිසා ඇමරිකා ගුවන්යානා 24 ප්‍රමාද කිරීමට හා ආපසු හරවා යැවීමට සිදුවී ඇත.
ඇමරිකානු ගුවන් සේවයේ මාධ්‍ය ප්‍රකාශක වන කේසි නෝටන් පවසන අන්දමට ගුවන් ගමනට අදාල සිතියම් හා ගුවන් ගමන් විස්තර පවත්වාගෙන යනු ලබන ඇප් එකකින් මෙම දෝෂය හටගෙන තිබේ. මෙහිදී සමහරක් ගුවන් නියමුවන් හට එම ගැටලුව නිරාකණය කර ගැනීමට හැකිවී ඇති අතර, එසේ නොහැකි වූ ගුවන් යානා නැවත හරවා යවන්නට පියවර ගෙන තිබේ.  දෝෂය කුමක්දැයි තවමත් නිෂ්චිතව සොයාගෙන නෝමැති අතර, මේ ගැටලුව අනෙක් ගුවන් ගමන් වලට බාධා ඇති නොකරන බවත් ගුවන් යානා කිහිපයකට පමණක් සිදුවූ ගැටලුවක් පමණක් බවත් වැඩි දුරටත් දන්වා තිබේ. සිදුවූ ප්‍රමාද දෝෂය පිළිබඳ කෝපයට පත්වූ ඇතැම් අය ට්විටර් හරහා ඇමරිකානු ගුවන් සේවයට ප්‍රතිචාර දක්වා ඇත. මෙයට අදහස් දක්වමින් ඇමරිකානු ගුවන් සේවය පවසා ඇත්තේ මේ ගැටලුව සම්බන්දව මගීන්ට සිදුවන අපහසුතා ගැන තමන් කණගා‍ටු වන බවත් එයට සමාව අයදින බවත් දෝෂය නිරාකරණය කිරීමේ කටයුතු අරඹා ඇති අතර හැකි ඉක්මණින් ප්‍රකෘති තත්වයට පත් කරන බවත්ය.

7 Comments

Blogger profile එකෙන් comment දාන්න ගැටලුවක් තියෙනවනම් මේ ලිපිය කියවන්න.

  1. මේ මිනිස්සු සෙල්ලම් කරන්නේ මිනිස් ජීවිතත් එක්කනේ. පොදුවේ භාවිතා කරන උපාංග මේ වගේ භාරදුර දේවල් වලට යොදා ගන්න එක භයානකයි.

    ReplyDelete
    Replies
    1. ඒ කතාව ඇත්ත මේක මෙයින් කෙලවර වුණ එක හොඳයි... ගුවනෙදි වුණානම් දෙයියන්ට කියන්නද?

      Delete
  2. හොඳ බ්ලොග් අඩවියක්. නෙලුම් යායේ තාක්ෂණ අංශයට දාමු නේද?

    ReplyDelete
  3. ගුවන් යානයේ කටයුතු වලට නියමුවාට අයි පෑඩ් මොකටද? සිස්ටම් එකට කනෙක්ට් කරපු ඉන්බිල්ට් කොම්පියුටරක් තිබුනනම් හරි. මොකද ගෙදර ඉඳන් කොන්ට්‍රෝල් කරන්නේ නෑනේ. තාක්ශණය අවභාවිතය කියන්නේ මේවට..

    ReplyDelete
    Replies
    1. වියදම අඩු කර ගන්නයි, ලේසියටයි කරන වැඩ නේ... අන්තිමට වැඩේ වැරදුනාම තමයි තේරෙන්නෙ...

      Delete
Previous Post Next Post

Recent Post

Features