නෝර්වේ රාජ්‍යය FM රේඩියෝ සේවා නවතා දමයි

මුල්ම කාලයේ ගුවන් විදුලිය විකාශය කෙරුණේ SW, MW තරංඟ පරාස ඔස්සේය. නමුත් එහි ඇති දුර්වලකම් මග හරවමින් FM තරංඟ පරාසය කරලියට පැමිණිනි. අද දක්වාම ලොව එය ක්‍රියාත්මකය. 2017 දී FM තරංඟ හරහා ක්‍රියාත්මක වන රේඩියෝ විකාශන සියල්ල නවතා දැමීමට නෝර්වේ රජය තීරණය කර තිබේ. ඒ වෙනුවට ඩිජිටල් ඕඩියෝ බ්‍රෝඩ්කාස්ටින් (Digital Audio Broadcasting) නැත්නම් DAB නම් ක්‍රමයට රේඩියෝ වලට සවන්දිය හැක. FM රේඩියෝ විකාශණය නැවතා දමන ලොව පළමු රට නෝර්වේ රටයි.
"ශ්‍රාවකයින්ට විවිධත්වයක් සමගින් වඩා හොඳ ශ්‍රවනයක් සහිත ගුවන් විදුලි සේවාවක් ලබා දීමට මෙමගින් හැකියාව ලැබෙනවා" යනුවෙන් එරට සංස්කෘතික අමාත්‍ය ‍තෝර්හිල්ඩ් විඩ්වේ විසින් පවසා සිටී. මෙම නව DAB ක්‍රමය ක්‍රියාත්මක කිරීම පි‍ටුපස හේතු දෙකක් දෙකක් ඇත. එකක් නම් මෙහි ඇති ජනප්‍රියතාවයයි. අනෙක මුදල් ඉතිරි වීමයි. ඔවුන් පෙන්වා දෙන අන්දමට එරට මුදල් මිලියන 200 ක් පමණ මෙම ක්‍රමය මගින් ඉතිරි කල හැකියාවක් පවතී. 1995 දී ලොව ප්‍රථම DAB නාලිකාව (NRK Klassisk) ආරම්භ කල නෝර්වේ රටේ දැනට නාලිකා 22 මේ ක්‍රමයෙන් ක්‍රියාත්මක වේ. 2017 වන විට ඉතිරි නාලිකා සියල්ල ද DAB වනු ඇත. ඉදිරියේදී අග්නිදිග ආසියාතික රට වලටද මෙම DAB තාක්ෂණය පැමිණෙනු ඇති බවට විශේෂඥයෝ මත පළ කරයි.
DAB තාක්ෂණය IRT (Institut für Rundfunktechnik) නම් ගුවන් විදුලි තාක්ෂණය දියුණු කරන ආයතනය මගින් 1981 දී පමණ සොයා ගත් තාක්ෂණයකි.සාමාන්‍ය FM තරංඟ ක්‍රියාත්මක වන්නේ ප්‍රතිසම හෙවත් ඇනලොග් (Analog) ක්‍රමයටය. නමුත් DAB තාක්ෂණයේදී හඬ ඩිජිටල් ක්‍රමයට විකාශණය කරයි. එහිදී MP2 හා AAC වැනි ඕඩියෝ කොඩෙක් යොදා ගනිමින් විකාශය සිදු කරයි. 174–240 MHz තරංඟ පරාසයක මෙය ක්‍රියාත්මක වන අතර දැනට රටවල් 20 ක පමණ මෙම තාක්ෂණය භාවිතයට ගනිමින් පවතී.

Post a Comment

Blogger profile එකෙන් comment දාන්න ගැටලුවක් තියෙනවනම් මේ ලිපිය කියවන්න.

Previous Post Next Post

Recent Post

Features