ඉන්ටර්නෙට් කැෆේ එකකින් ඉන්ටර්නෙට් යනවද?

ටවුන් එකේදි හදිස්සියකට ඉන්ටනෙට් යන්න ඕනි වුණාම කරන්න තියෙන එකම දේ තමයි ඉන්ටර්නෙට් කැෆේ එකකින් ඉන්ටනෙට් යන එක. ඒත් මතක තියාගන්න ඕනි වැදගත් දෙයක් තියෙනවා. ඒ තමයි අපි ඒ වෙලාවෙදි පාවිච්චි කරන්නෙ අපේ කොම්පියුටරය නොවන පොදු එකක් වග. මේ ලිපියෙන් කියල දෙන්නෙ කැෆේ එකකදි ඉන්ටනෙට් යනකොට සැලකිලිමත් වෙන්න ඕනි කාරණා ටිකක් ගැන.
Tor බ්‍රව්සර් එකෙන් ඉනටෙනෙට් යන්න
Tor කියන වෙබ් බ්‍රව්සර් එකේ තියෙන විශේෂතවය තමයි තමන් යන එන තැන් ගැන වෙන පිටස්තර අයට හොයන්න බැරි වීම. ඒකට හේතුව Tor බ්‍රව්සර්  එක ඊටම විශේෂිත සර්වර් එකක් හරහා සම්බන්ද වීම. 

          එහෙම නැත්නම් ගූගල් ක්‍රෝම් එකේ incognito මොඩ් එක හරහා යන්න. එකට ක්‍රෝම් එක ඕපන් කරලා Ctrl+Shift+N කියන ෂෝට් කට් එක ඔබන්න. නැත්නම් බ්‍රව්සර් එකේ වම් පැත්තෙ තියෙන බට්න එක ක්ලික් කරලා New incognito window කියන එක ක්ලික් කරන්න. හැබැයි මේකෙදි සිද්ධවෙන්නෙ ඉන්ටනෙට් හිස්ටොරි, කුකීස් වගේ ඒව ඉතිරි වෙන්නෙ නැති එක විතරයි. ඒ වගේම ඉන්ටනෙට් යන්න එකම බ්‍රව්සරය පමණක් යොදා ගන්න.
ඊමේල් එකට ලොග් වෙනවද?
ඉන්ටනෙට් කැෆේ එකකදි ඊමේල් හරි වෙනත් ඔන්ලයින් එකවුන්ට් වලට ලොග් නොවී ඉන්න පුලුවන් නම් තමයි හොඳ. හදිසියේ වත් එහෙම ලොග් වෙනවනම් ඊමේල් එකට ලොග් වෙන තැන තියෙන "Stay signed in","Remember my password" හෝ "Remember my email address." කියල තියෙන චෙක් බොක්ස් එක හිස්ව තියන්න (අන්චෙක් කරන්න). 
             ඒ වගේම තව වැදගත් දෙයක් තමයි අලුතින් එකවුන්ට් එකකට ලොග් වෙන්න හදන කොට වෙබ් බ්‍රව්සර් එකෙන් "පාස්වර්ඩ් එක සේව් කරන්නද?" කියා අසන පණිවිඩයක් දිස් වේවි. එවිට "Never for this site" යන්න ක්ලික් කර එය අවලංඟු කරන්න. එසේ නොමැති වුවොත් ඔබේ ඊමේල් එක හෝ වෙනත් එකවුන්ට් එකක් අන්සතු විය හැකිය.
                එසේම Facebook, twitter හෝ වෙනත් සමාජ ජාල ගිණුමකට ලොග් වී සිටියේ නම් නොවරදවාම Logout වීමට මතක තබාගන්න. ඊමේල් එකට නොදන්නා අයෙකුගෙන් ලැබී ඇති ඊමේල් ඕපන් කිරීම හෝ එහි තිබෙන ෆයිල් ඩ්ව්න්ලෝඩ් නොකරන්න (විශේෂයෙන් .exe ෆයිල්).
බැංකු ගිණුම්,ක්‍රෙඩිට් කාඩ් භාවිතයෙන් වලකින්න.
මොනම අවශ්‍යතාවය තිබුණද paypal, payza හෝ වෙනත් මූල්‍යමය කටයුතු ඉන්ටනෙට් කැෆේ එකක් තුලදී සිදු නොකරන්න. ඊට හේතුව කැෆේ එකේ අයිත් කරුවා ඇතැම් විට ජාලය තුල keystroke logging spyware වැනි නරක වැඩසටහනක් ක්‍රියා කර තිබිය හැක. එමගින් ඔබ කීබෝඩ් එකෙන් ඔබන කී වලින් ලැබෙන දත්ත භාවිතා කර ගිණුම් විස්තර පාස්වර්ඩ් ආදිය අයිතිකරුවාට ලබාගත හැකිය.
යන්න ඉස්සර වෙලා හිස්ටොරි, ඩව්න්ලෝඩ්ස් ක්ලියර් කරන්න.
වැඩ කටයුතු ඉවර කරලා වෙබ් බ්‍රව්සර් එකේ හිස්ටොරි ක්ලියර් කරන්න. ඒ වගේම තමන් ඩවුන්ලෝඩ් කරපු දේවල් තාවකාලිකව හදපු ෆෝල්ඩර් සියල්ල ඩිලීට් කරන්න.
ඉන්ටනෙට් කැෆේ එකක්දී අපසතු වන පරිගණකය අපට ලැබෙන්නේ පැය කිහිපයකට පමණි. සැබැවින්ම අපගේ තොරතුරු අන්සතු වීමේ අවධානමක් තිබේ.එම නිසා එය භාවිතා කිරීමේදී අපගේ පෞද්ගලිකත්වයත්, මුදලත් ‍රැක ගැනීම අපගේ කාර්‍යයකි. 

4 Comments

Blogger profile එකෙන් comment දාන්න ගැටලුවක් තියෙනවනම් මේ ලිපිය කියවන්න.

  1. හරිම වටිනා විස්තරයක්. නොදන්න දේවල් ටිකක් ඉගෙන ගත්ත. දිගටම ලියන්න

    ReplyDelete
  2. ඇත්තටම ගොඩක් වටිනව...

    ReplyDelete
Previous Post Next Post

Recent Post

Features