DARPA රොබෝ අභියෝගය දිනූ කොරියාවේ HUBO රොබෝව

DARPA රොබෝ අභියෝග තරඟාවලිය (2015 DARPA Robotics Challenge - DRC) ලොව පුරා ප්‍රසිද්ධ රොබෝ වරුන්ගේ තරඟයක්. ජයග්‍රාහකයන්ට තෑග්ග විදිහට ඩොලර් මිලියන 2 ක මුදලක හිමිවෙන මේ තරඟයට ලොව නන් දෙසින් කණ්ඩායම් ඉදිරිපත් වනවා. මේ වසරේදී මේ තරඟයට කණ්ඩායම් 24 ක් ඇතුලත් වූ අතර ඉන් අනෙක් කණ්ඩායම් 23 පරාජය කොට ජය ලබා ගැනීමට කොරියාව නියෝජනය කරමින් පැමිණ සිටි KAIST ( Korean Institute for Science and Technology) කණ්ඩායම නිපදවා තිබූ HUBO (HUmanoid roBOt) රොබෝව ජයග්‍රහණය කරනු ලැබුවා. ඇමරිකාවේ ආරක්ෂක දෙපාර්තමේන්තුව (DARPA-Defense Advanced Research Projects Agency) විසින් මෙම තරඟය සංවිධානය කරනු ලබනවා.
මෙම රොබෝ තරඟයට ඉදිරිපත් කරන් රොබෝවන් හට විවිධ අභියෝග ඉදිරිපත් කරනු ලබනවා. මෝටර් රථයක් ධාවනය කිරීම, දොරක් විවෘත කිරීම, කරාමයක් ඇරීම, පඩිපෙළක් නැගීම වැනි විවිධ වූ අභියෝග ලැබේ. මේ සියලු අභියෝග සාර්ථකව අවසන් කල රොබෝවට ජය ලැබේ.
HUBO රොබෝවේ ඇති සුවිශේෂී ලක්ෂණ මෙම තරඟය ජය ගැ එනීමට රුකුල් දී තිබේ. මානවරූපී ලෙස රොබෝව තනා තිබුණත් රොබෝවේ දනහිස හා පතුල් වල රෝද සවි කොට තිබිණි. එම නිසා දන හිස බිම තබා කරන කටයුතු වලදී චලනය වීම ඉතා පහසු විය.
                                            තවද රොබෝවේ ඉහල කොටස (ඉන ප්‍රදේශයෙන් ඉහල) අංශක 180 දක්වා පරාඅයකින් හැරවීමේ හැකියාවක්ද තිබිණි. එසේම රොබෝව ඇවිදීම සඳහා නිර්මාණ කරුවන් විසින් සකස් කර තිබූ ඇලොගොරිතමය (පරිගණක වැඩසටහන) විශේෂිත එකක් විණි. ඇතැම් රොබෝවන් මෝටර් රථයෙන් බැසීමේදී ඇද වැටිනි. නමුත් HUBO රොබෝව මේ අභියෝග සාර්ථකව ජය ලැබුවේ මේ ඇල්ගොරිතමය නිසාවෙනි. තවද ශක්තිමත් පාද හා දෑත් වලින් සමන්විත මේ රොබෝවේ එම ස්ථාන වලට සිසිලන පංකා (Cooling Fan) යොදා තිබීමද විශේෂිත ලක්ෂණයක් විය. රොබෝවට යොදාගෙන තිබූ අධි බලැති මෝටර් රත් වීම ඉන් වලකා තිබිණි.
මෙම රොබෝව තව දුරටත් දියුණු කිරීමට මෙහි නිර්මාතෘන් වන 
KAIST ආයතනයේ මහාචාර්‍ය Jun Ho Oh හා ඔහුගේ කණ්ඩායම සුදානමින් සිටී.

Post a Comment

Blogger profile එකෙන් comment දාන්න ගැටලුවක් තියෙනවනම් මේ ලිපිය කියවන්න.

Previous Post Next Post

Recent Post

Features