UEFI කියන්නෙ මොකද්ද?

 මුලින්ම හැමෝටම සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා!  ලුත් ලැප්ටොප් වලට ඩෙස්ක්ටොප් වලට වින්ඩෝස් හරි ලිනක්ස් හරි 64 බිට් වලින් ඉන්ස්ටෝල් කරනකොට සමහර අය දැකල ඇති UEFI Firmware කියල යෙදුමක්. ඇත්තටම මොකද්ද මේ UEFI කියන්නේ?
                                                      UEFI කියන එකේ දිගු අර්ථය තමයි Unified Extensible Firmware Interface කියන්නෙ. UEFI කියන්නෙ BIOS වල අලුත් මුහුණුවරක්.
BIOS කියන්නෙ?
                             පරිගණකය ක්‍රියාත්මකවන වෙලාවට මුලින්ම යොමුවෙන්නෙ BIOS (Basic Input Output System) වැඩසටහන වෙතටයි. මේ වැඩසටහන මගින් කෙරෙන්නෙ පරිගණකය ක්‍රියාත්මක වෙන්න කලින්, ඒකට අවශ්‍ය මූලික සුදුසුකම් සපුරා තිබේද යන්න පරික්ෂා කිරීමත් ඒවා සපුරා ඇත්නම් යොදා ඇති අනුපිලිවෙළ අනුව පරිගණකයේ මෙහෙයුම් පද්ධතියෙන් පරිගණකය ක්‍රියාත්මක කිරීමයි. 
                                 මේ වැඩසටහන මවුපුවරුවේ CMOS (Complementary metal–oxide–semiconductor) කියන විශේෂ චිපයක් තුල ඇතුලත් කර තිබේ. පරිගණකයේ දිනය, වේලාව ක්‍රියාත්මක වෙන්නෙත් මේ චිප් එකේ පිහිටෙන්. මවුපුවරුව හොඳින් බැලුවොත් පොඩි ඔරලෝසු බැටරියක් (Button Cell) එකක් දැකගන්න පුලුවන්. 

                       ඒකෙන් තමයි පරිගණකයට විදුලිය නැති වේලාවට දිනය වෙලාව ක්‍රියාත්මක කරන්නෙ. (මේ බැටරිය බැසයාම පරිගණකයෙ දිනය වෙලාව නිතර වෙනස් වෙන්න ප්‍රධාන හේතුවක්).
UEFI
ඇත්තටම UEFI, BIOS වල අලුත් ඔප්ෂන් එකක් කියල කියන්නත් පුලුවන්.මේ අලුත් ක්‍රමයේ තියෙන විශේෂ ආරක්ෂක උපක්‍රමයක් තියෙනවා. මාස්ටර් බූට් රෙකෝඩ් (Master Boot Record) එක වෙනුවට බූට් මැනේජ්මන්ට් සිස්ටම් (Boot Management System) එකක් යොදා ගන්න එක ඒ උපක්‍රමයයි . පරිගණක වෛරස වර් ගයක් වෙන බූට් සෙක්ටර් වෛරස (Boot Sector Virus) වල ප්‍රධාන ඉලක්කය වෙන්නෙ මේ මාස්ටර් බූට් රෙකෝඩ් එක. බූට් මැනේජ්මන්ට් සිස්ටම්  එකේදී ඒ අවථාව මගහැරෙනවා.
ඒ වගේම සාමාන්‍ය නිල් පැහැති බයෝස් තිරය වෙනුවට GUI (Graphical User Interface) නැත්නම් චිත්‍රක අතුරුමුහුණතකින් යුක්තවෙනවා. ඒ වගේම අලුත් මාදිලියේ පරිගණක වල පරිගණකයේ තියෙන දෘඩාංඟ වලට සමීප වෙන්න මවුපුවරුවට ලැබෙන මෘදුකාංඟ වලට හැකියාවක් ලැබෙනවා. වින්ඩෝස් ලෝඩ් වෙනකොට වැටෙන වින්ඩෝස් ලාංඡනය වෙනුවට පරිගණකයේ ලෝගෝ එක වැටෙන්නෙ ගොඩක් වෙලාවට UEFI වලින් ක්‍රියාත්මක වෙන පරිගණක වල.
MBR ඩිස්ක් වල නම් බැහැ ගොයියෝ!
සාමාන්‍යයෙන් අලුත් පැරණි ගොඩක් පරිගණක වල ක්‍රියාත්මක වෙන්නෙ MBR නැත්නම් මාස්ටර් බූට් රෙකෝඩ් ක්‍රමයට සකසපු හාඩ් ඩිසක් (මිලට ගන්නා විට DOS පමණක ඇති හෝ වින්ඩෝස් හෝ ලිනක්ස් බිට් 32 මෙහෙයුම් පද්ධති ඉන්ස්ටෝල් කර ඇති). ඒත් UEFI ක්‍රමයේදී MBR ඩිස්ක් තුල ගබඩා කරන්න හැකියාවක් නැහැ.
                           ඒ වෙනුවට හාඩ් ඩිස්කයේ GPT(Guid Partition Table) ක්‍රමය භාවිතා කල යුතුය. සාමාන්‍යයෙන් මේ ආකාරයට පරිවර්ථනය කරන්න නම් හාඩ් ඩිස්ක් එක ෆෝමැට් කරන්න වෙනවා. එහෙම නැතුව තියෙන දත්ත එලෙසම තියාගෙන පරිවර් ථනය කරන්න විශේෂ සොෆ්ට්වෙයා එකක් යොදා ගන්න පුලුවන්. AOMEI Partition Assistant කියන්නෙ ඒකත හොඳ සොෆ්ට්වෙයා එකක්. 
                                 උදව් ඕනෙ කෙනෙක් ඉන්නව නම් කියන්න. මේ පෝස්ට් එකෙන් කලේ මූලික් හැඳින්වීමක් විතරයි. මේ වැඩේ කරන්න ඉස්සර මුලින්ම තමන්ගෙ ලැප් එක ඩෙස්ක්ටොප් එක UEFI වලට සපෝට් කරනවද කියලා හොයල බලන්න.

19 Comments

Blogger profile එකෙන් comment දාන්න ගැටලුවක් තියෙනවනම් මේ ලිපිය කියවන්න.

  1. අනේ ඉතිං අපි තාම 32 බිට් නෙ.
    හොඳ තොරතුරක්.

    ReplyDelete
    Replies
    1. ඩෝන්ට් වොරි ප්‍රසා අයියා... ගහමු 64 බිට්!
      -බොහොම ස්තූතියි

      Delete
  2. හොඳ ලිපියක් මමනම් තාම පෙන්ටයම් 4 අලුත් එකක් ගත්ත දවසට වැදගත් වේවි. ස්තූතියි.

    ReplyDelete
    Replies
    1. අනිවා.... ගොඩක් අලුත් ඒවගේ UEFI තියෙනවා...
      ස්තූතියි හසිත

      Delete
  3. අපි තාමත් 32 .
    මෙව්වා ඉතින් අපි දකින්න තව කල් යයි...

    හැබැයි අර වින්ඩෝස් ලෝගෝ එක වෙනුවට මැෂින් එකේ ලෝගෝ එක එනවා දැක්කාම මට නිකන් හිතුනා බූට් සිස්ටම් එක අලුත් වෙලා ඇති කියලා..

    මොනා වුනත් ඉතින් බොහොම වටිනා ලිපියක්
    IT කියන්නේ මගේ ෆෙව්රිට් ම සබ්ජෙක්ට් එක. එත් ඊට එපිටින් වෙනම ෆීල්ඩ් එකක ජොබ් එකක් ලැබිච්ච නිසා අවුරුදු ගානකින් මගේ නොලේජ් එක අප්ග්‍රේඩ් වුනේ නැහැ.
    එතකොට ඉතින් මේ වගේ ආටිකල් හරියට කාන්තාරෙට වැහි පොදක් වැටෙනවා වගේ තමා.

    ReplyDelete
    Replies
    1. ලෝගෝ එක වෙනස් උනාටම UEFI කියන්න බෑ කියල විභී... මොකද එක එක මැෂින් වල එක එක වැඩකෑලි තියෙනවා නේ...
      //වෙනම ෆීල්ඩ් එකක ජොබ් එකක් ලැබිච්ච නිසා අවුරුදු ගානකින් මගේ නොලේජ් එක අප්ග්‍රේඩ් වුනේ නැහැ//
      අයියෝ අපරාදෙ... පුලුවන් විදිහට වැසි වස්සවන්නම්...!

      Delete
  4. එල එල මගේ බ්ලොග් රෝල්ට දා ගන්නම් බ්ලොගය වටිනා ලිපියක්

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි උෂාන්...! සාදරයෙන් පිළිගන්නවා....

      Delete
  5. රොහාන් ඉක්මනට ම මේලක් දාහං............ පොඩි විස්තරයක් කියන්න තියෙනවා......

    weerasinghehasitha@gmail.com

    ReplyDelete
  6. හොඳයි. පාර්ටිෂන් කරනන් ඕනෙම නැහැ නේ දැන්?

    ReplyDelete
    Replies
    1. අජිත් අයිය ඇහුවෙ හාඩ් ඩිස්ක් එක පාටිෂන් නොකර OS එක දාන එක ගැන වෙන්න ඇති. පාටිෂන් නොකර මුලු හාඩ් එකටම OS එක දාන්න පුලුවන්. ඒත් එහෙම කලාම කරදර වැඩියි. හදිසියෙ වෛරස් එකක් ගිහින් වත් මැෂිම ෆෝමැට් කරන්න උනොත් තියෙන සබ්බ සකලමනාවම නැතිවෙනවා, මැෂින් එකේ වේගයටත් පොඩි පොඩි කේස් එනවා. තව ෆයිල් ෆෝල්ඩර් මැනේජ් කරන්නත් අමාරුයි. ඒ හින්ද හොඳම දේ අඩුම තරමේ පාටිෂන් 2ක් හෝ 3කට කරල තියාගන්න එක.

      Delete
  7. මේ ගොං මොලේට ඔව්ව යනෝ අඩුඉ

    ජයවේවා"

    ReplyDelete
    Replies
    1. අඩේ එහෙම කියන එපා... කොහොම හරි දාගමු!

      Delete
  8. මේ ගොං මොලේට ඔව්ව යනෝ අඩුඉ

    ජයවේවා"

    ReplyDelete
  9. UEFI හිංද හදිසියක් වුණොත් ඩිස්ක් එකෙන් ඕ එස් එක ගහන්න බෑනෙ බොලං.. පෙන් එකක් බූටබල් කරන්නම ඕන... එපා වෙනව.. මට තාම පෙන් එකේ හරියට වනාගන්න බෑ කියහංකො විළි ලැජ්ජයි කලාත්මකයි...

    ReplyDelete
    Replies
    1. මෙහෙමයි මහේෂ් අයියා... ඩිස්ක් එකේ ඕ එස් එක 64 බිට් නම් බූට් කරන කොට මෙනු එකෙන් EFI CD/DVD නැත්නම් UEFI CD/DVD කියල ‍තෝරන්න එනවා. එතකොට වැඩේ හරි. පෙන් එකෙන් බූට් ඩිස්ක් එකක් හදන්න එළ සොෆ්ට් වෙයා එකක් තියෙනවා ZOTAC WinUSB Maker කියල. ඒක යූස් කරල බලන්ඩ...

      Delete
  10. මගෙ ලැප් එක අයි 3, මේක වින්ඩෝස් 10 දැම්මොත් සමහර සොෆ්ට් වෙයා වැඩ කරන්නේ නෑ කියනවා. මොනවගේ ඒවාද වැඩ කරන්නේ නැත්තේ.

    ReplyDelete
    Replies
    1. වින්ඩෝස් 10 දානවනම් අනිවාර්‍යයෙන් ලැප් එකට ගැලපෙන අලුත් ඩ්‍රයිවර්ස් දාන්න ඕනි. ලැප් එකට අදාල සමාගමේ වෙබ් අඩවියෙන් ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන්.විශේෂයෙන් VGA, Chipset, LAN වගේ ඒවා. එහෙම නැති වුණෝතින් HD වීඩියෝ වත් බලන්න බැරුව යනවා. ඒ වගේම සමහර පරණ වින්ඩෝස් සංස්කරණ වලට හදපු සොෆ්ට්වෙයා වැඩකරන්නෙ නැති වෙන්න පුලුවන්. එහෙම වුනොත් අලුත් ඒවා ඩවුන්ලෝඩ් කරගන්න ඕනි. ඒ වගේම වින්ඩෝස් 10 ඇක්ටිවේට් නොකර පාවිච්චි කරන කොට සමහර සොෆ්ට්වෙයා වැඩකරන්නෑ...

      Delete
Previous Post Next Post

Recent Post

Features