QR කෝඩ් පැටිකිරිය

කොයි කවුරුත් දන්න බාර් කෝඩ් වගේම තොරතුරු රඳවා තැබිය හැකි තවත් කේත ක්‍රමයක් තිබේ. කිව්-ආර් කෝඩ් (QR Code) ඒ අනෙක් කේත ක්‍රමයයි.වෙබ් අඩවි වලට සබැඳි එක් කිරීම අතින් QR කෝඩ් අද ලෝකයේ ඉතා ජනප්‍රිය ය.
වෙබ් අඩවියකට සම්බන්දයක් දක්වන වෙබ් පි‍ටුවල ඇති හයිපර් ලිංක් මෙන් භෞතික ලෝකයේ ඇති මෙවැනි කේත හාඩ් ලිංක් (hard link) ලෙස ද හඳුන්වයි. එමනිසා QR කෝඩ් 'භෞතික ලෝකයේ හයිපර් ලිංක්' කියා හඳුන්වයි. පොතක, බිත්තියක වැනි ඕනෑම තැනක ඇති මෙවැනි කේතයක් කිව්ආර් රීඩරයකි මෙන්ම, ස්මාර්ට් ෆෝනයකින් ද ස්කෑන් කර එහි ඇති තොරතුරු කියවිය හැකිය.
  • සොයාගැනීම....
QR කෝඩ්  (QR-Quick Response)  තාක්ෂණය සොයාගනු ලැබුවේ ජපානයේ ඩෙන්සෝ වේව් නම් සමාගම විසින් 1994 වසරේදී ය. වාහන අමතර කොටස් නිවැරදිව ගණන් තබා ගැනීමට උපක්‍රමයක් ලෙස මෙය නිර්මාණය කරන ලදී. අදටත් QR කෝඩ් තාක්ෂණයේ පේටන්ට් බලපත්‍ර හිමිකම ඇත්තේ ඩෙන්සෝ වේව් ආයතනයටයි.
  • තාක්ෂණය....

සාමාන්‍ය බාර් කෝඩ් එකකට වඩා මෙහි ඇති වෙනස්කම කියවීමේ පහසුව ම පමණක්ම නොවේ. බාර් කෝඩ් එකක ‍රැඳවිය හැකි සංඛ්‍යාංක(digit) 20 ක ප්‍රමාණයක් වුවත් QR කෝඩ් තුල එම ප්‍රමාණය මෙන් සිය ගුණයක් තොරතුරු ‍රැඳවිය හැකිය. එසේම අකුරු වලට අමතරව පින්තූර පවා මෙයට ඇතුලත් කල හැකිය. ඉලක්කම් නම් 7089 ක් ද අකුරු නම් 4296 ක් ද මේ තුල ‍රැඳවිය හැකිය. එය විශාල දත්ත ප්‍රමාණයකි.
QR කෝඩ් වල දත්ත රඳවන්නේ එහි ඇති කො‍ටු හෙවත් මොඩියුල් තුලය. මෙසේ රඳවා තබන තොරතුරු එය කියවන මෘදුකාංඟයේ ඇති විශේෂිත ඇල්ගොරිතම මගින් පරිවර්ථනය කොට දෙනු ලබයි. මෙයට ගත වන්නේ ඉතා සුළු කාලයකි. මේවාට (QR) කෝඩ් නම සෑදී ඇත්තේ ද එමනිසාය.වැරදීමකින් මේ කොටස් වල සුළු දෝෂ තිබුණ ද, එනම් යම් කොටසක් ඉරී හෝ අපහැදිලි වී තිබුණ ද එම වැරදි නිවැරදි කර ගැනීමට මේවාට පුළුවන. එසේම ස්මාර්ට් ෆෝනයකින් වැනි එකකින් කියවන විට හරියටම එක එල්ලේ අල්ලා කියවිය යුතු නොවේ. එය යන්තම් පෙනෙන ආකාරයට වුවද කියවිය හැකිය.
QR කෝඩ් එකක් සමචතුරස්‍රාකාරය. එහි කෙලවර 3ක එකක් තුල තවකෙක් පිහිටන සේ ඇති සමචතුරස්‍ර 3කි. මේවා ඇස් ලෙස (eyes) හඳුන්වයි. අනෙක් ඉතිරි කෙලවර මුල් චතුරස්‍ර වලට වඩා කුඩා එකක් ඇත. මේ කෙලවර 3 යාකරන තිත් පෙළක් ද තිබේ. ඒවායින් ආවරණය වන ප්‍රදේශයෙහි ඇති තිත් රටාව තුලින් අදාල පණිවිඩය නිරූපණය කරයි. 
  • අලුත් පරම්පරා....

ඩෙන්සෝ වීව් සමාගමට පේටන්ට් බලපත්‍රය අයත් වුවද, මේ තාක්ෂණය දියුණු කරන්න ඕනෑම කෙනෙකුට අවසර ඇත. ඒ අනුව විවිධ පන්නයේ QR කෝඩ් දැන් බිහිවී ඇත. 
*සාමාන්‍ය QR කෝඩ් වලට වඩා කුඩා ප්‍රමාණයේ, අඩු දත්ත ප්‍රමාණයක් (සංඛ්‍යාංක 35 ක්) ‍රැඳවිය හැකි ආකාරයක් තිබේ. එය Micro QR කෝඩ් ලෙස හඳුන්වයි.
*i QR කෝඩ් යනු කුඩා නමුත් වැඩි දත්ත රඳවා තැබිය හැකි මාදිලියකි. මෙහි තිරස්ව හා සිරස්ව මොඩියුල් 422 ක් තිබේ. එහි සංඛ්‍යාංක 40,000 ක් පමණ ‍රැඳවිය හැකිය.
*QR කෝඩ් එකක ඇති දත්ත ඕනෑම අයෙකුට කියවිය හැකි වුවත් එසේ කියවිය නොහැකි මාදිලියක් SCQR (Secure QR code) ලෙස හඳුන්වයි. ඒවා කියවීමට විශේෂිත මෘදුකාංඟ හා රීඩර් අවශ්‍ය වේ.
*Frame QR කෝඩ් නමින් හඳුන්වන මාදිලියේ දත්ත වලට අමතරව කුඩා පින්තූරයක් ද සහිතව මුද්‍රණය කල හැකිය.

*සාමාන්‍ය QR කෝඩ් වලට වඩා නවීකරණය වූ සජීවීකරණය කරන ලද (Animated QR) මාදිලියක් ද දැන් තිබේ.
  • ප්‍රයෝජන....

වෙබ් අඩවි වලට සබැඳි එක් කරනවාට අමතරව විවිධ ප්‍රයෝජන QR කෝඩ් වල තිබේ. නොයෙක් නිෂ්පාදන වල විස්තර අඩු ඉඩක රඳවා තබන්නට මේවා යොදා ගන්න පුලුවන. ඒ නිසා නිෂ්පාදන විස්තර රඳවන්නට එහි ඇසුරුම බාධාවක් නොවේ.පුවත් පත් ලුහුඬු දැන්වීම් පළ කිරීමේදී මේ ක්‍රමය යොදා ගැනීමෙන් අඩු ඉඩක වැඩි දත්ත ප්‍රමාණයක් ගබඩා කල හැකිය.
  • අපිට හදා ගන්න පුළුවන් ද?..... ඔව් අපිටත් පුළුවන්!

තමාට අවශ්‍ය තොරතුරු රඳවා QR කෝඩ් නිර්මාණය කර ගැනීමට නොමිලේ දෙන වෙබ් සේවා රාශියක් දැන් තිබේ.

                 ඒවායින් තනාගන්නා QR කෝඩ් ඉමේජයක් ලෙස ඩවුන්ලෝඩ් කර, අවශ්‍ය නම් මුද්‍රණය කර ඕනෑම තැනක ‍රැඳවිය හැකිය.

>>>>>>>>>>>>>>>>>>>Next post will publish after my exam...! ;)<<<<<<<<<<<<<<<<<<<<<<<

12 Comments

Blogger profile එකෙන් comment දාන්න ගැටලුවක් තියෙනවනම් මේ ලිපිය කියවන්න.

  1. ගහගන්න ඕනේ මටත් එකක්.............

    ReplyDelete
    Replies
    1. ගහමු කුරු‍ටු ගහමු... ඉට්ස් ‍ෆ්‍රී!!!
      -ජය

      Delete
  2. හරි වටිනා දැනුමක් ස්තුතියි ඔබට

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි! ජය වේවා! ආ... මම කියන්න හිටියෙ.. දඬුමොණරෙ ගැන පෝස්ට් එකක් දාන්න පුලුවන්ද?

      Delete
  3. මට තේරෙන්නේ නැ බං , මොකද මේකෙන් අපිට ඇති වැඩේ

    ReplyDelete
    Replies
    1. අනේ අපොයි! මම මේ පෝස්ට් එක ලිවුවෙ ඒකටනෙ හි ටං....

      Delete
  4. අදයි මේ පැත්තේ ආවේ...

    වැදගත් කරුණු ඇති ලිපියක්..

    ReplyDelete
    Replies
    1. බෝම ස්තූතියි නිර්මාණි... ආයෙත් එන්න...

      Delete
  5. මගේ පැටිකිරියත් දාල QR කෝඩ් එකක් හදාගන්න ඕනෙ‍.

    ReplyDelete
    Replies
    1. පැටිකිරියම දාන්න අලුත් QR කෝඩ් එකක් හදන්න වෙයි ද දන්නෑ නේ කසුන්...
      -ජය වේවා!

      Delete
  6. හොඳ තොරතුරු ටිකක්.
    මාත් එකක් හදාගෙන නලලෙ අලෝගන්න ඕන. පොළේ යනකොට ප්‍රයෝජනවත් වෙයිනෙ. හැක්..

    ReplyDelete
    Replies
    1. ආං ඒක නං හොඳයි... මං කියන්නං පොලේ ඉන්න අයටත් බඩු වල අලවන්න කියල...
      ප්‍රසන්න අයියට බැරියැ ස්කැන් කර කර යන්න... හැක්!

      Delete
Previous Post Next Post

Recent Post

Features