හාඩ් ඩිස්ක් එකක් ගලවමු.

හපොයි.. සෑහෙන කාලෙකට පස්සෙ. පොඩි පොඩි අලකලංචි ටිකක් උනා. ඒකයි ඩිංගිත්තක් පරක්කු උනේ😜. හරී.. පරිගණකයේ තියෙන ප්‍රධානම උපාංඟයක් තමයි දෘඩ තැටිය කියන්නෙහරියටම කිව්වොත් මේක තමයි පරිගණකයේ ප්‍රධාන දත්ත ගබඩාව. කට්ටිය ඉතිං දන්නෙ හාඩ් ඩිස්ක් එක, කොටින් කිව්වොත් හාර්ඩ් එක කිව්වොත් තමයි.
පරිගණක විද්‍යාවෙදි දෘඩ තැටිය හඳුන්වන්නෙ වෙන්නෙ ද්විතියික ආචයන මතක උපාංගයක් (Secondary memory device) විදිහට. නමින් දැඩි උනාට හාඩ් ඩිස්ක් එක ගොඩක් සංවේදී උපාංඟයක්. ලෝහයෙන් හදපු පිටත ආවරණයෙ පටන් බොහෝ කොටස් නිර්මාඅණය කරල තියෙන්නෙ හාඩ් ඩිස්ක් එකේ ප්‍රධානම කොටස වෙන දත්ත තැන්පත් කරන තැටිය ආරක්ෂා කරන්න. දත්ත තැන්පත් කරන ආකාරය අනුව මේක අයත් වෙන්නෙ චුම්බක මාධ්‍ය (Magnetic media) ගණයටයි .මේ තැටියෙ දත්ත තැන්පත් කරන්නේ චුම්බක යොදා ගනිමිනි.

පිටත ආවරණය
           පිටත ආවරණයේ හාඩ් ඩිස්ක් එක ගැන විස්තර සඳහන් වෙනවා. හාඩ් එකේ ධාරිතාව, සිලින්ඩර් නැත්නම් දත්ත තැන්පත් කරන්න පුලුවන් වට ගණන, හෙඩ් ගණන වගේ ගොඩක් විස්තර තියෙනවා. 
              ගොඩක් අය දන්න දෙයක් තමයි හාඩ් ඩිස්ක් එකේ සඳහන් කරල තියෙන ධාරිතාවම ඒකෙ නැති වෙන එක. ඒත් ඇත්තටම වෙන්නේ මෙහෙම දෙයක්. හාඩ් නිෂ්පාදනය කරන අය 1GB කියන්නෙ 1000MB වලට. ඒත් පරිගණක වලදී 1GB කියන්නෙ 1024MB වලට. ඉතිං පරිගණකයෙ පෙන්නනෙ අඩු ධාරිතාවක්. ( උදා:- 40GB එකක ඇත්තටම තියෙන්නෙ 40x1000=40,000MB. පරිගණකයට අනුව 40GB = 40x1024= 40,960MB. )
මේකෙ තියෙන ඇණ ගලවන්න සාමාන්‍ය නියන් වලින් නම් බෑ. ඒකට දුරකතන අලුත් වැඩියා කරන අය ලඟ තියෙන වර්ගයේ නියන් ඕනි. මතක තියාගන්න ඕනි වැදගත් දෙයක් තියෙනවා. 
                  💀  හාඩ් ඩිස්ක් එකක් ගැලව්වට පස්සෙ ඒක ආයෙ පාවිච්චි කරන්න බෑ. ඒ නිසා ගලවනවනම් වැඩකරන්නෙ නැති අයින් කරපු එකක් හොයා ගන්න.ඒ නිසා හොඳට වැඩකරන එව නම් ගලවන්න එපා ගොයියො!!
                   මුලින්ම මේකෙ සර්කිට් බෝඩ් එක ගලවමු. හාඩ් ඩිස්ක් එකේ සියලු කටයුතු පාලනය කරන්නෙ මේ පරිපථ පුවරුවෙ තියෙන කොටස් වලින්. ඒ වගේම පරිගණකයට සම්බන්ද කරන කේබල් සම්බන්ධ වෙන්නෙත් මේ පුවරුවට.
                        සර්කිට් බෝඩ් එක ඇතුලෙ තියෙන උපාංඟ එක්ක සම්බන්ධ කරල තියෙන්නෙ ස්පර්ෂක ක්‍රමයට. ඒ ඇතුලට වාතය ඇතුල්වීම වලක්වන්නට.
                ඩිස්ක් එක තිබෙන කොටස තිබෙන්නේ රික්තකයක් තුලයි. හාඩ් ඩිස්ක් ඒක මතුපිට බලන කොට ඇලුමිනියම් රවුම් ආකාරයට තිබෙන වැස්මවල් දකින්න පුලුවන්. ඒවා හදිසියේ වත් පලුදු වුණෝතින් ඇතුලට වාතය ඇතුල් වෙනවා.
ඇතුලත
                          දැන් උඩ පියනේ ඇණ ඉවත් කරමු. ඇණ එකින් එක අයින් කරලත් ගලවන්න බැරිවෙන්න පුලුවන්.

                ඒකට හේතුව උඩින් අලවල තියෙන ස්ටීකරයට යටින් හැංගුන ඇණ තියෙන්න පුලුවන් නිසයි. 
    මේ සේරම අයින් කරත් එක පාරට පියන අරින්න බෑ. දැන් පැතලි තලයක් තියෙන නියනක් අරං පියන හෙමින් උස්සන්න ඕනි. 
එතකොට ඩිස්ක් එකට තදවෙලා තියෙන වායු රෝධක ටික ගැලවෙයි.
                       දැං ඕං බලා ගන්න පුලුවන් හුලංඟක්වත් වදින්න දෙන්නෙ නැතුව ආරක්ෂා කරපු රිදී පාට ඩිස්ක් පොඩිත්තිව! ඒත් එක්කම ඔය තැටියෙ ලියන, කියවන හිසත් බලාගන්න පුලුවන්. ඩිස්ක් එක දිහා බැලුවම තේරෙනව ඇති කොච්චර ඔප වැටිලද කියල. සමහර විට මේවගෙ ඩිස්ක් 2,3 ක් උනත් තියෙන්න පුලුවන්.
                           හොඳට බැලුවොත් පෙනෙයි පැත්තකින් තියෙනවා සුදු පාට පොඩි ස්පොන්ච් එකක් වගේ කොටසක්. ඒක තියෙන්නෙ ජලවාෂ්ප වගේ අහිතකර ද්‍රව්‍ය උරාගන්න.
                         ඊළඟට මේකේ කියවන, ලියන හෙඩ් එක ගලවන්න ඕනි. ඒකට මුලින්ම සර්කිට් බෝඩ් එකට සම්බන්ධවෙන කොටස ගලවන්න ඕනි.  

           මේකෙ ඇණ ගලවල ඊටපස්සෙ පොඩි ප්ලාස්ටික් පතුරක් තියෙනව අදින්න(සමහරවිට නැතිවෙන්නත් පුලුවන්). ඒක ඇදල ගත්තාම මේක ගලවන්න පුලුවන්.
                  ඊට පස්සෙ හෙඩ් එක එහා මෙහා ගෙනියන වැඩ කරන කාන්දම් කෑලි 2 ගලවන්න ඕනි. මේක ඇණ වලින් සම්බන්ධ කරල නෑ. නිකන්ම එකක් උඩ අනික තියල තියෙන්නෙ. මේක ඉතා ප්‍රභල චුම්බකයක්. ඉස්සෙල්ල වගේම පැතලි නියනක් අරගෙන හිමීට උස්සල පිටට ගන්න පුලුවන්.
                           දැං ආයෙත් පැතලි නියන අරගෙන හෙඩ් එක කැරකෙන කොටස කරකවල ඒ ඇණය ගලවල හෙඩ් එක ගලවන්න පුලුවන්.
            ඊටත් පස්සෙ ඉතුරු කාන්දම් කෑල්ලෙ ඇණ අයින් කරල ගලවන්න පුලුවන්.
       ඉතිං මේ තියෙන්නෙ ඩිස්ක් එකේ ඩේටා කියවන ලියන හෙඩ් එක. මේකේ ආම් 2,3ක් තියෙන්න පුලුවන්. ඒ ඩිස්ක් කීපයක ඒවා කියවන්න.
                    ඔන්න දැං පුලුවන් තැටිය ගලවන්න. තැටියෙ සමබරතාව ‍රැකගන්න ඉතා හොඳින් මේ ඇණ තද කරල තියෙනවා. ඒ නිසා මේක නම් ටිකක් අමාරු වෙන්න පුලුවන්.
අවසානයට මෝටරය. මේකනම් කොහොමත් ගලවන්න අමාරුයි.
හම්... ඉතිං මේ තියෙන්නෙ ගලවපු හාඩ් ඩිස්ක් එකේ කොටස් ටික...


8 Comments

Blogger profile එකෙන් comment දාන්න ගැටලුවක් තියෙනවනම් මේ ලිපිය කියවන්න.

  1. මට මතකයි මං ඔය හාර්ඩ්වෙයා පුරුදු වෙන කාලෙ හාර්ඩ් ඩිස්ක් එකක් ගලවගන්න හෙන ගේමක් දුන්න. ඩිස්ක් එක විතරක් තවම ඇති මං හිතන්නෙ.

    ReplyDelete
    Replies
    1. ෂා!!! ඔය ඉන්න තව ඩෑල් එකක්! ;) නියමයි
      කසුන් අයියා නියමයි!

      Delete
  2. හැක්.. මමනං මේ වෙනකොට හාඩ් තුන හතරකටම වැඩේ දීල තියෙන්නෙ.
    ඔය මෝටරේ පියනට වද්දල තියෙන්නෙ. පිට පැත්තෙන් ටිකක් හයිය පාරක් දුන්නම ගලෝල ගත්තහැකි.
    අනික ඕක ගලෝල හයිකළාට පස්සෙ වැඩකරන්නෙ නැත්තෙ ඇතුලෙ රික්තකය නැති නිසා. ඒ වගේම මම බලපු වීඩියෝ එකක තිබුණ පිට කවරෙ හයිකරල තියෙන ඇණ පවා නියමිත ප්‍රමාණයට තද වෙන්න ඕන කියල ආයෙ වැඩ කරන්න.

    ReplyDelete
    Replies
    1. ඒත් මං බැලුව මොකෝ මේ හයිකරන හාඩ් එක පාරම වැඩ කරන්නෙ නැත්තේ ඇයි කියල.. දැන්නෙ වැඩේ මීටර් උනෙ...! හැක්!!

      Delete
  3. අපරාදෙ විදානෙයගෙ හාඩ් එක. හැක්..

    ReplyDelete
    Replies
    1. ගිනි අවුලන්නැතුව හිටු... ඒක යස අගේට තියෙනවා.... :)

      Delete
Previous Post Next Post

Recent Post

Features