කුලරත්නෙ 50 ට මම හදපු රොබෝ

මේ මාසෙ 16 වෙනිදට ගොඩකවෙල කුලරත්තන මධ්‍ය මහා විද්‍යාලයට අවුරුදු 50 ක් සපිරෙනවා. වසර 50 ක කාලයක් පුරාවට දස දහස් ගණනකට ශිල්ප ලබා දෙමින් විවිධ වෘතීය ක්ෂේත්‍ර වල ඉහල තල දක්වා යෑමට හා ජීවිතයේ හරි මග පෙන්වීමට කුලරත්න විදු මවුන්ගෙන් සිදු වූ මෙහෙය අති මහත්ය. මා හට පරිගණකයක් නොමැති කාලයේ, පරිගණකයකින් වැඩ කිරීමට ලැබුණේ පාසලේ පරිගණක විද්‍යාගාරයෙනි. මා අද කරන බොහෝ වැඩ සිදුවන්නේ ඒ ලබා ගත් දැනුමටත්,  ශිල්ප ලබා දුන් ගුරු මව් පියවරුන්ටත් පින් සිදු වන්නටය.
මේ දවස් කීපයේ බ්ලොග් බලන්නට තබා ඊමේලය වත් හරිහැටි බලා ගැනීමට නොහැකි වුණේ ප්‍රදර්ශණයේ වැඩ වලට සහය දුන් නිසාය. මේ රොබෝ හදන්න අමතර කොටස් සියල්ල ලැබුණේ රොෂාන් සර් ගේ අනුග්‍රහයෙන්. ඒ දෙස විස්මයෙන් බලා සිටින කුඩා සිසුන් ගේ ප්‍රතිචාර නිසා රොබෝ හැදුවාට වඩා සතුටක් ලැබුණි. ඔවුන් මේ නිර්මාණය දැක තාක්ෂණයට ඇති උනන්දුව වැඩි වූවා නම් මා ලබන ලොකුම සාර්ථකත්වය එයයි .රොබෝ තාක්ෂණය, ඉලෙක්ට්‍රොනික් තාක්ෂණය තවදුරටත්  අපේ රටට ආගන්තුක විය යුතු නැත. මාගේ හතරවන රොබෝ නිර්මාණය වන මේ රොබෝගේ නම ඔප්ටිමස්(Optimus) ය.
               මෙය සරල රේඛා අනුගමනය කරන රොබෝවකි (Line Following Robot). ඊට අමතරව බාධක හඳුනා ගෙන ඒවා ‍රැගෙන ගොස් නිවැරදි ස්ථානයේ තැබීමේ හැකියාවද මේ රොබෝට තිබේ. ආලෝක සංවේදී සංවේදක මගින් රේඛා අනුගමනය කරන අතර බාධක හඳුනා ගැනීමට සෝනාර් තාක්ෂණය යොදා ගෙන තිබේ. ලිපිය අවසන් කිරීමට පෙර රොබෝ සාර්ථක කර ගැනීමට මා හට විශාල සහයක් දුන් රොෂාන් ගුරුතුමාටත්, නන් අයුරින් සහය දැක් වූ සැමටත් හද පිරි ස්තූතිය පිරිනමමි.



ප.ලි: මේ වගේ රොබෝ කෙනෙක් හදන හැටි ඉදිරි ලිපි වලින් දැනගන්න

11 Comments

Blogger profile එකෙන් comment දාන්න ගැටලුවක් තියෙනවනම් මේ ලිපිය කියවන්න.

  1. නියමයි. මේක වෙබ් එකටත් දාන්න. හදපු විධිහා ගැන පොඩි විස්තරයක් දැම්ම නම් හරි. කොන්ට්‍රොලර් එක ගැන හෙම. මමත් අද එකක් හදන්න ඉන්නේ. රස්ප්බෙරි pi එක අද තැපෑලෙන් ආවේ

    ReplyDelete
    Replies
    1. ආ ඔව් අයියෙ ආයෙත් මේ ගැන හොඳ පෝස්ට් එකක් දාන්න ඕනි...

      Delete
    2. රාස්බෙරි එකක් මටත් ගන්න ඕනි.. පොඩි විස්තර ටිකක් දෙන්න පුලුවන්ද අයියෙ...

      Delete
  2. මං දැක්නෙ නෑ බොල ඔහොම එකක් තියෙනව.
    මොනව උනත් හදපු හැටිත් දාමු.

    ReplyDelete
    Replies
    1. කෝ බොල ඉතින් හරියට ඇවිදලා නෑනෙ ඉතිං ප්‍රදර්ශනේ...
      අනිවා දානවා...
      ජය!

      Delete
  3. අඩේ මරුනෙ ලොකුවට හැදුවොත් වැඩ ගන්ඩත් පුලුවන් නෙ

    ReplyDelete
  4. Well done Rohan!!!
    By the way, what's your email address?
    Gamini.

    ReplyDelete
    Replies
    1. Thank you very much sir!!!
      rohandhananjaya@gmail.com
      This is my e-mail sir...

      Delete
Previous Post Next Post

Recent Post

Features