අඩු වියදම් සෝලා ප්‍රොජෙක්ට් එකක් - 3

ගිය පෝස්ට් එකේ කිව්ව විදිහට මේ සැරේ කියන්න හදන්නෙ අපි හදාගත්ත LED ලයිට් රෑට නැත්නම් අඳුරට වැඩකරන විදිහට හදාගන්නෙ කොහොමද කියලා. එතකොට මේ ලයිට් එක රෑ වුණාම ඉබේම පත්තු වෙනවා. ආයේ ස්විච් දමාගෙන කරදර වෙන්න දෙයක් නෑ. මේක පොඩි ඩොට් බෝඩ් එකක හදාගත්තු පරිපථයක්.
➤තියරිය
LDR
පොඩි කාලෙ ඉදන් ඉලෙක්ට්‍රොනික් පරිපත හදන උදවිය ඕනෙ තරම් LDR එක ගැන දන්නව ඇති. LDR (Light Depending Resister) කියන්නෙ ආලෝක තත්වයට අනුව ප්‍රතිරෝධය වෙනස් වෙන ප්‍රතිරෝධයක්. මේකෙත් වර්ග දෙකක් තියෙනවා. එකක් ආලෝකය වැ‍ටුනම ප්‍රතිරෝධය අඩුවෙන එකක්, අනික ආලෝකයට ප්‍රතිරෝධය වැඩි වෙන එකක්. අපේ වැඩේට ඕන වෙන්නෙ ඔන්න ඔය මුලින් කියපු වර්ගයෙ එකක්. සුලබව තියෙන්නෙත් ඔය වර්ගය නිසා ගැටලුවක් වෙන එකක් නෑ. ඒත් එක්කම මේ පරිපතයට UA741 කියන OP AMP IC එකත් අරගෙන තියෙනවා. ඒ පරිපතයේ ක්‍රියාකාරිත්වය සුමට කරන්න. ( මේ වචන වලට බයවෙන්න එපා හොඳේ..! 😉)

ඕනි කරන දේවල්


  • UA741   IC    -1
  • LDR                -1
  • D313 transistor -1
  • 100K VR           -1
  • 10K resistor     -1
  • 1K resistor       -3
  • 1N4007 diode -1
  • Small Switch   -1
  • LED (red)        -1
  • Dot bord          -1
  • වයර්
  • ජුවලරි බොක්ස් එකක් (පරිපථය රඳවන්න)
➤පරිපථ සටහන
                                        ඔන්න ඔය විදිහට පොඩි ඩොට් බෝඩ් කෑල්ලක ඔය සර්කිට් එක හදාගන්න ඕනි. මතක තියාගන්න අපි පරිපථය රඳවන්න ගන්න ජුවලරි බොක්ස් එක ඇතුලට හයි කරන්න පුළුවන් වෙන විදිහට ඩොට් බෝඩ් කෑල්ල කපාගන්න. 
            ඒ වගේම කොටස් පාස්සන කොටත් බොක්ස් එකේ  පියන වහන්න පුළුවන් විදිහට බාධාවක් නොවෙන්න හදාගන්න ඕනි. සර්කිට් එක හදලා LDR එක වයර් දෙකකින් එලියට ගන්න. ඊට පස්සෙ බොක්ස් එක ලයිට් එක ලඟින් හයි කරලා LDR එක එලිය වැටෙන තැනක රඳවන්න. දැං සර්කිට් එකේ ප්‍රීසෙට් එක කරකවලා අඳුරට ලයිට් එක පත්තු වෙන්නත්, එළියට නිවෙන විදිහටත් සීරුමාරු කරගන්න.
Testing
ප.ලි:-  සර්කිට් එකේ ස්විච් එකක් දාලා තියෙනවා පේනවා ඇති. ඒකෙන් කරන්නෙ අඳුරට, එළියට පත්තු වෙන්නෙ නැතුව දිගටම පත්තු වෙන්න (Override) හදාගන්න. එතකොට  ඕනි නැති වෙලාවලට මේ ස්විච් එක ඔන් කරන්න පුළුවන්. 


15 Comments

Blogger profile එකෙන් comment දාන්න ගැටලුවක් තියෙනවනම් මේ ලිපිය කියවන්න.

  1. මරු නේ ට්‍රයි එකක් දෙන්නම්

    ReplyDelete
    Replies
    1. අනිවා අජිත් අයියා... ට්‍රයි එකක් දෙන්න!

      Delete
  2. ඔය ලයිට් එක230v වලින් පත්තුවෙලා පැය5 කින් නිවෙන්න හදන්න බැරිද?පහුවදාටත් කරැවල වැටුනාම ඔටෝ පත්තුවෙන්නත් ඔනේ.

    ReplyDelete
    Replies
    1. පුලුවන්.සාමාන්‍ය විදිහට ටයිමර් දලා (555 IC එකෙන්) හදන්නත් පුලුවන්. එහෙම නැත්නම් අයියෙ මයික්‍රෝකොන්ට්‍රෝලර් IC එකකින් උනත් පුලුවන් අයියෙ..

      Delete
    2. හදන විදිහ ඉක්මනටම දාලා දෙන්න. ලොකු උදව්වක්.

      Delete
    3. ඉක්මනටම විස්තරේ දෙන්නං අයියා. ජය!

      Delete
    4. Microcontroller තරම් සංකීර්ණ වෙන්න ඕනෙ නෑ. පොඩි MicroBit Board එකකිනුත් පහසුවෙන්ම හදාගන්න පුළුවන් නේද?

      Delete
    5. Micro Bit එක හොඳයි. ඒත් ඒකෙ ගාන ටිකක් සැරයි. මේවගෙ පොඩි දේකට Microcontroller එකක් ගොඩක් හොඳයි

      Delete
    6. ඔව්. ඔහොම ටයිමර් කෙලින්ම ගන්නත් තියෙනව. ඒකක් ගත්ත නම් තවත් ලේසී. නැත්තම් ස්මාර්ට් වයි ෆයි ස්විච් එකක් ගන්න. ඒක ෆෝන් එකෙන් ප්‍රෝග්‍රෑම් කරන්න පුළුවන් ඔටෝ ඔන් ඕෆ් වෙන්න.

      Delete
  3. දාගත්තා... ! ස්තූතියි සිතුවිලි සටහන්!!

    ReplyDelete
  4. ඔක්කොම හදාගත්ත කියමුකො. ජුවලරි බොක්ස් එකක් හොයන්න රත්තරං බඩු කඩයක් කඩන්න එපැයි. හැක්..

    Praසන්ன

    ReplyDelete
    Replies
    1. කවුද යකෝ ඓතිහාසික ன යන්න පොඩියට ගහපු එකා.

      Delete
    2. කවුද යකෝ හරි එකා? හැක්!
      //ජුවලරි බොක්ස් එකක් හොයන්න රත්තරං බඩු කඩයක් කඩන්න එපැයි// ඇතුලෙ තියන එව්වා මට දීලා, බොක්ස් එක විතරක් ගං. හැක්!

      Delete
  5. Electronics ඉගෙනගත්තු කාලෙ මතක් වෙනව. :)

    ReplyDelete
    Replies
    1. වයර් අමුණ, අමුණ වැරදුනාම වීසි කර කර ආපු ගමන....

      Delete
Previous Post Next Post

Recent Post

Features