ඉබේ පාර්ක් වෙන සෙරෙප්පු!

දැක්ක ගමන් ටිකක් අමුතුයි වගේ නේද? ඇත්තටම මේක ටිකක් අමුතුයි තමයි. සාමාන්‍යයෙන් ස්ව්‍යං ධාවන (Self Driving) තාක්ෂණය උරුම වාහන වලට. ඒත් මේ කියන්නෙ ඒ තාක්ෂණය සෙරෙප්පු වලට එක් කිරීමක් ගැන. මහන්සි වෙලා ගෙදර ඇවිල්ලා සෙරෙප්පු දෙක ඔහේ ගලවල දැම්මම ඒ දෙක ඉබේම ගිහින් අයිනකින් පිළිවෙලකට තැන්පත් උනෝත් කොහොමද?
මේ වැඩේ කරල තියෙන්නෙ ජපානයේ මෝටර් රථ සමාගමක් වෙන නිසාන් සමාගමෙන්. ඒ නිසාන් සමාගමේ ප්‍රෝ පයිලට් (ProPilot) කියන තාක්ෂණය උපයෝගී කරගෙන. මේක අර්ධ ස්ව්‍යංක්‍රීය විදිහට ක්‍රියාත්මක වෙන එකක්. මේ හැම සෙරෙප්පුවකම කුඩා රෝද , මෝටර් හා සංවේදක පරිපථයකින් සමන්විත වෙනවා. ඒවා උදවු කරගෙන මේ හැම සෙරෙප්පුවක්ම අදාල ස්ථාන වලට මේ ප්‍රෝ පයිලට් තාක්ෂණය මගින් ගමන් කරනවා.
          ඒ වගේම නිසාන් සමාගමෙන් මේ තාක්ෂණය සෙරෙප්පු වලට විතරක් නෙවෙයි මේස, පු‍ටු වලට එහෙමත් ඇතුලත් කරල තියෙනවා.
නිසාන් සමාගමේ ප්‍රෝපයිලට් තාක්ෂණය ඇතුලත් උපාංග අත්හදා බලා තියෙන්නෙ Ryokan නම් ජපානයේ Hakone නගරයේ හි පිහිටි සාම්ප්‍රධායික අවන්හලකදී (ProPILOT Park Ryokan) . පිටතින් බැලුවත් මේ අවන්හලේ වෙනසක් දකින්න නෑ. ඒත් මේකට එන අමුත්තන්නට අපූරු අත්දැකීමකක් ලබන්න පුලුවන්. ජපානයේ සාම්ප්‍රධායික අවන්හල් වලදී වගේම අමුත්තන්ට දමා ගන්නට සෙරෙප්පු පිලිවෙලකට තියල තියෙනවා. අමුත්තන්ට මේ සෙරෙප්පු දාගෙන තමන්ට වෙන් කරපු කාමර වලට යන්න පුළුවන්. අමුත්තන් මේ කාමර ලගට ආව ගමන් මේ කාමරයේ තියෙන මේස, බිම ඇති කුෂන් කොට්ට ඉබේ තිබූ තැන් වලට එන්න පටන් ගන්නවා. ඒවා අමුතුවෙන් කෙනෙක් මැදිහත් වෙලා පිළිවෙලකට හදන්න ඕනිනෑ. ඒ වගේම ගලවපු සෙරෙප්පු ඉබේ ආයෙත් තිබුණු තැනටම යනවා. පළවෙනි සැරේටම දැකපු අයට නම් මේක පුදුම හිතින දෙයක් වෙනවා. මැජික් එකක් වගේ කිව්වොත් හරියටම හරි.
නිසාන් සමාගම මේ වැඩේ හදුන්වා දෙන ගමන් කිව්වේ මේ අලුත් තාක්ෂණයෙන් "අමුත්තන්ට අලුත් අත්දැකීමක් එක්ක සේවක ශ්‍රමය ඉතිරි කරගන්න" පුළුවන් කියලයි. නිසාන් සමාගමේ ප්‍රෝ පයිලට් තාක්ෂනය මූලිකවම යොදා ගත්තේ ගිය අවුරුද්දේ නිකුත්කල නිසාන් ලිෆ් 2018 රථයටයි.
                ඉදිරියේදී මේ තාක්ෂණය පූර්ණ ස්ව්‍යංක්‍රීය තාක්ෂනයක් විදිහට නිසාන් ලීෆ් රථයට එක්වෙනු ඇත. ඒ වගේම නිසාන් සමාගම කියන්නේ එයාලගෙ අරමුණ මේ තාක්ෂණය වාහන වලින් බැහැරව, වෙනත් උපකරණ වලටත් එක් කරන්නයි. ඒකෙ මුල්ම පියවර තමයි මේක. ඉස්සරහට අපේ ගෙවල් වලත් මේ ඉබේ දුවන සෙරෙප්පු, මේස දකින්න තියේවි. ගෙදර පිළිවෙලකට තියාගන්න කැමති, ඒත් ඒකට හරිහමන් වෙලාවක් නැති අයට නම් මේ තාක්ෂනය ගොඩක් ප්‍රයෝජනවත් වේවි.

4 Comments

Blogger profile එකෙන් comment දාන්න ගැටලුවක් තියෙනවනම් මේ ලිපිය කියවන්න.

  1. ඕක හරියන්නෑ. මේස පුටු සෙරෙප්පු ටීවී ස්ටෑන්ඩ් එහෙම ගේ හැමතැනම දුවන්න ගත්තම කොහොමද තියෙන ආතල් එක.

    ReplyDelete
    Replies
    1. ඊට එහා ගෙදර බඩු එහා ගෙදරිං මතු උනොත් එහෙම හැක්!

      Delete
  2. ජප්පෝ දන්න ඉටිගෙඩිය.
    අපේ පන්සලේ ඉස්සර ඉඳම්ම තිබ්බ ඉබේ පාක් වෙන සෙරෙප්පු!

    ReplyDelete
    Replies
    1. ඒ ඉබේ හයර් යන පිං සෙරෙප්පු නෙහ් හැට්ටරේ...? හැක්!

      Delete
Previous Post Next Post

Recent Post

Features