හොරට හදපු PL2303 ට අහුවුණාද? මෙන්න විසඳුම

              හැමෝටම සුබ අලුත් අවුරුද්දක් වේවා! කියලම වැඩේ පටන් ගත්තා එහෙනම්. අලුතින් එන ගොඩක් පරිගණක වල පරණ කාලේ පරිගණක වල තිබුණු Serial, Parallel port නෑ. ඉතිං මේ නිසා ඒ port එකක් ඕනි වුණාම කරන්න තියෙන්නෙ ඒ port එක තියෙන කාර්ඩ් එකක් හයි කරන එක. ඊටත් ලේසියි USB converter එකක් ගන්න එක. 

                   ඉතිං මේ අතර තියෙන ජනප්‍රිය USB-to-UART (Serial නැත්නම් COM port) converter එකක් තමයි Prolific PL2303 කියන්නෙ. ebay, Aliexpress වගේ ඔන්ලයින් ෂොපින් සයිට් වලින් මේක ගන්න පුලුවන්. මෙහෙම විකුණන device වලින් ගොඩක් ලාබෙට තියෙන එකක් ගන්න තමයි ගොඩක් අය උත්සහ කරන්නෙ. හැබැයි මේ ලාබෙට තියෙන ගොඩක් ඒවා අදාල සමාගමෙන් හදන ඔරිජිනල් device නම් නෙවෙයි. ඒ විදිහටම හදපු ව්‍යාජ ඒවා. ප්‍රශ්ණෙ පටන් ගන්නෙ මේකෙ device drivers install කරන්න යනකොටයි. ඒකට හේතුව තමයි සැබෑ සමාගමෙන් හදන drivers මේ fake devices එක්ක වැඩකරන්නෙ නැතිවෙන එකයි. ඔන්න ඔය ගැටලුවට විසඳුමක් තමයි මේ කියන්න යන්නෙ. පහලින් තියෙන වීඩියෝ එකෙන් මේ fake device එක ගැටලුවක් නැතුව install කරන විදිහ පැහැදිලි කරලා තියෙනවා. 


PL2303_Prolific_DriverInstaller_v1_12_0:http://swifttopia.com/DvOI
IOCable_PL2303_DriversGeneric_Windows_PL2303_Prolific:http://swifttopia.com/Dvpb

6 Comments

Blogger profile එකෙන් comment දාන්න ගැටලුවක් තියෙනවනම් මේ ලිපිය කියවන්න.

  1. සුබ අලුත් අවුරුද්දක් වේවා ! අනේ අපිටනං ඔය කරදර මොකුත් නෑ. අපේ පරිගණක වල ඔය පෝට් යස අගේට තියෙනව. හැක්..

    ReplyDelete
    Replies
    1. මෙන්න තවත් Windows XP රසිකයෙක්. හැක්!!!
      සුබ අලුත් අවුරුද්දක් වේවා! ප්‍රසා!!!

      Delete
  2. සුබ අලුත් අවුරුද්දක් වේවා

    ReplyDelete
    Replies
    1. සුබ අලුත් අවුරුද්දක් ඔයාටත් රස්තියාදු!!!!!

      Delete
  3. COM port එකක් දැකපු කාලයක් මතක නෑ

    ReplyDelete
    Replies
    1. ලැප්ටොප් වල නම් කොහොමත් නෑ... සමහර motherbord වල පෝර්ට් එක සොකට් එක නැතුව තියෙනවා, අලුත්ම ඒවයෙ එහෙමත් නෑ. ඒවට විසඳුමක් විදිහට තමයි මේ ගැජට් ඇවිත් තියෙන්නෙ. දැං විසඳුම් වලටත් විසඳුම් හොයන්න වෙලා කණ්ඩයියේ... හැක්..!

      Delete
Previous Post Next Post

Recent Post

Features