ලැම්බෝගිනි ඉලෙක්ට්‍රික් කාර් එක

                    ලැම්බෝගිනි කියන්නෙ ලෝකේ අංක එකේ sport මෝටර් රථ නිපදවන සමාගමක්. ලැම්බොගිනි සමාගමයි මැසචුසෙට්ස් තාක්ෂණ විද්‍යායතනය (MIT) එකතුවෙලා ඉදිරි ලෝකෙට ගැලපෙන ඉලෙක්ට්‍රික් sport කාර් එකක් හදන්න දැන් සැලසුම් කරනවා.
                             මේ අලුත් කාර් එක නම් කරලා කරලා තියෙන්නෙ Terzo Millennio කියලයි. ඉලෙක්ට්‍රික් කාර් කියන එක දැන් ලෝකේ trend එකක් වෙලා තියෙන නිසා අලුතෙන් කාර් එකක් හදනවනම් ඒක අනෙක් ඒවට වඩා විශේෂ වෙන්න ඕනි. ඒ හින්දා වෙනස්ම තාක්ෂණයක් යොදාගෙන නිපදවන්න තමයි දැන් සැලසුම් කරලා තියෙන්නෙ. දැක්ක ගමන් පේන්නෙ විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපටියක තියෙන කාර් එකක වගේ පෙනුමක්. ලැම්බෝගිනි පරීක්ෂණ හා ප්‍රවර්ධන (R&D) අංශයේ ප්‍රධානියා වෙන Maurizio Reggiani මේ රථය ගැන අදහස් දක්වලා තිබුණා.
                   Tesla, Nisan, Jaguar වගේ ඉලෙක්ට්‍රික් කාර් එකක තියෙන බැටරි පද්ධතිය වගේ එකක් Aventador වගේ රථයකට ගැලපෙන්නෙ නෑ. ඒකට ප්‍රධාන හේතුව බැටරි පද්ධතියේ බර හා විශාලත්වයයි. Maurizio කියන විදිහට මේ රථයට 186 mph වේගයෙන් Nordschleife ධාවන පථයේ වට 3 ක් පූර්ණ ලෙස ගමන් කල හැකි  විය යුතුයි. දැනට පවතින බැටරි තාක්ෂණයෙන් මෙය කල නොහැකිය. දැනටමත් සමහර ඉලෙක්ට්‍රික් වාහන වල යොදා ගන්නා ස්කේට් බෝඩ් වල චැසියක් මෙන් කුඩා මෙට්ට ආකාරයට චැසිය අභ්‍යන්තරයේ තැන්පත් කරන ලද බැටරි SUV වැනි රථ සඳහා සුදුසු වුණත් ලැම්බෝගිනි වැනි ස්පෝර්ට් කාර් එකක් සඳහා සුදුසු වෙන්නෙ නෑ. ඒ නිසා ලැම්බෝගිනි හා MIT එක අලුත් තාක්ෂණයක් හඳුන්වා දීලා තියෙනවා. ඒ තමයි තනි බැටරියක් වෙනුවට නැවත ආරෝපණය කරන්න පුලුවන් බඳ කොටස් (Body panels) යොදා ගැනීම. තරමක් අමුතු දෙයක් විදිහට පෙනුනත් මේ නිසා රථයේ වේගය, පාලනයේ පහසුව වගේම බැටරියේ ධාරිතාවත් වැඩි වෙනවා. බැටරි ආරෝපණ කොටස් සාමාන්‍යයෙන් තිබිය හැකි ස්ථාන වලින් වෙනස් ව වාහනයේ suspension කොටස් වල, ආසන වල පිටුපස පවා මේ කොටස් අඩංගු වෙන විදිහට නිපදවන්නයි නිර්මාණ කරුවන්ගේ අරමුණ. ලැම්බෝගිනි හා MIT බුද්ධිමතුන් දැන් වෙහෙසෙන්නේ මේ මේ සැලැස්ම යතාර්ථයක් කිරීමටයි. මෙය හුදෙක් sport car එකක් නොව super sport car ක් වනු ඇත.  
                                           
                        තව අවුරුදු 3 කින් MIT පරීක්ෂණ වලින් පසු එහි ප්‍රතිඵල අනුව මේ ව්‍යාපෘතිය කල හැකිද, නොහැකිද යන්න තීරණයකට එනු  ඇත. එහි ප්‍රතිඵල සුබවාදී නම් තවත් අවුරුදු 2 ක් කාර්මික කටයුතු සඳහා ගතවන අතර තවත් අවුරුදු 5 ක් නිෂ්පාදන කටයුතු කටයුතු සඳහා ද ගිය පසු න්‍යායිකව වසර 2030 වන විට සම්පූර්ණයෙන් නිමැවූ ඉලෙක්ට්‍රික් ලැම්බෝගිනියක් ලෝකයට ලැබෙනු ඇත. කෙසේවෙතත් මීලඟට පැමිණීමට නියමිත Aventador මාදිලිය සම්පූර්ණ ඉලෙක්ට්‍රික් නොවී plug-in-hybrid ලෙස පැමිණෙනු ඇත.

2 Comments

Blogger profile එකෙන් comment දාන්න ගැටලුවක් තියෙනවනම් මේ ලිපිය කියවන්න.

  1. ඕක පාරෙ දුවන එකක්ද සෙල්ලං කාර් එකක්ද?

    ReplyDelete
    Replies
    1. තාම concept එකක් විතරයි බ්‍රෝ!

      Delete
Previous Post Next Post

Recent Post

Features