ෆෝන් එකට එන්ඩස්කොප් කැමරාවක්

                  එන්ඩස්කොප් කැමරාවක් (Endoscope Camera) කියන්නෙ අපිට බලාගන්න අමාරු තැනක  (සිදුරක්, උපකරණයක ඇතුලතක්, ශරීර අභ්‍යන්තරය) තියෙන දෙයක් බලාගන්න යොදාගන්න කැමරාවක්. සාමාන්‍යය භාවිතයෙන් ටිකක් ඈත් වුණත් මේ කැමරාවකින් ගන්න පුළුවන් ප්‍රයෝජන ගොඩක් තියෙනවා. මේ ලිපිය ඒ වගේ සාමාන්‍ය භාවිතයට හදපු එන්ඩස්කොප් කැමරාවක් ගැනයි.

           මේ කැමරාව  eBay, Ali express වගේ ශොපින් වෙබ් සයිට් වලින් මිලට ගන්න පුලුවන්. කැමරාව මීටර් 1, 2.5 , 3 , 5 යන ප්‍රමාණ වලින් ගන්න පුළුවන්. මේ කැමරාව ගන්නෙ පැහැදිලිව බලාගන්න බැරි තැන් බලන්න නිසා අමතර ආලෝකයක් වුවමණා වෙනවා. ඒ හින්දම මේ කැමරාවටම සම්බන්ද කෙරුණු LED එළිය අඩු වැඩි කරන්න පුළුවන් බල්බ් 6ක් තියෙනවා.
        ඇන්ඩ්‍රොයිඩ් 6.0 පටන් උඩට තියෙන, OTG සහය දක්වන ස්මාර්ට්  ෆෝන් වලට micro USB කනෙක්ටර් එකෙන් කෙලින්ම සම්බන්ධ කරන්න පුළුවන්. ඒත් ඇපල් වලට නම් මේක වැඩකරන්නෙ නෑ. ලැප්ටොප් එකට හරි ඩෙස්ක්ටොප් එකට හරි සෙට් කරගන්න ඕනි නම් ඒකට micro USB to Stranded USB කනෙක්ටර් එකක් තියෙනවා. 
               IP67  Waterproof ratings තියෙන නිසා වතුරටත්  ඔරොත්තු දෙනවා. කැමරාවෙ මූහුණතේ වටප්‍රමාණය මිලිමීටර් 7 යි. අලුත් වැඩියා කටයුතු කරන අයට නම් මේක ගොඩක් ප්‍රයෝජනවත්.
                  කැමරාවත් එක්ක කම්බි වලින් හදපු කොකු දෙකක්, කාන්දම් වලින් රඳවන්න පුළුවන් කොටසක් ලැබෙනවා. ඒකෙන් අවශ්‍ය තැන් වල රඳවා ගන්න පහසු වෙනවා. 
        ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එකක් එක්ක වැඩ කරනවා නම් Camera Fi  වගේ ඇප් එකක් ඩවුන්ලොඩ් කරගන්න ඕනි. ලැප්ටොප් එකක නම් වින්ඩෝස්  වලට එන කැමරා ඇප් එකෙන්ම වැඩ කරන්න පුලුවන්.
            ඉක්මනින් වුවමනා කෙනෙක් ඉන්නවනම් දැනට ගෙන්වලා පරික්ෂා කරලා බලපු කැමරා කීපයක් තියෙනවා. එහෙම ගෙන්න ගන්න ඕනි අය  071-6334427 කියන අංකයට කතා කරලා විස්තර දැනගන්න 

10 Comments

Blogger profile එකෙන් comment දාන්න ගැටලුවක් තියෙනවනම් මේ ලිපිය කියවන්න.

  1. ඉක්මනින් ඕනි නම් නෑ.. ඒත් නිකමට වගේ ඕකක් කියක් වගේ වෙනවද කියලත් කියපං බලන්න.. :)

    ReplyDelete
    Replies
    1. අප්පේ කළණ හුග දවසකට පස්සෙ...! වෙල්කම් ඉතිං.....! මේක රු.3450/= විතර වෙනවා. සියුම් වැඩ කරන අයට මේක ගානට වඩා වටිනවා. හිතන්නකෝ වාහන හදන කෙනෙක්ට කොහෙ හරි අස්සක තියෙන එකක් වාහනේ කෑලි ගලවන්නෙ නැතුව කැමරාවකින් බලන්න පුලුවන්නම්.. කාලෙත් ඉතුරු වෙනවනේ..

      Delete
    2. හම්මේ.. වටිනවා නෙව.. වටිනවා නෙව.. මං හිතුවේ ඔයිට වඩා බර ගානක් වෙනවා ඇතිය කියල.. ලොකුවෙලා සල්ලිය බාගේ තියෙන කාලෙක එකක් ගන්ට ඕනි.. ආ.. ඊට කලින් ඉස්මාට් පෝන් එකක් ගන්නත් ඕනිනේ.. :)))

      Delete
    3. //ඊට කලින් ඉස්මාට් පෝන් එකක් ගන්නත් ඕනිනේ//
      ප්‍රසා අයියගේ සංගමේට නියමෙට ගැලපෙනවා කමී... හැක්!

      Delete
  2. හිටහං ඉස්මාට් පෝං එකක් ගත්ත කාලෙක ඕකකුත් ගන්න මාක් කරගත්ත. හැක්.. ඕක ගිලින්න බැරිද බං.

    ReplyDelete
    Replies
    1. මං උඩින් දැමූ කොමෙන්ටුව සත්‍ය වූ වගයි... හැක්!
      ගිලින්න පුලුවන් මොකෝ බැරි.. හැබැයි ගන්න වෙන්නෙ පහුවෙනිදා උදේ හරි රත්නපුරේ ඉස්පිරිතාලෙන් හරි.. හැක්!!!

      Delete
Previous Post Next Post

Recent Post

Features