සම්පත් බැංකුවේ Slip-less ඇප් එකෙන් වැඩ ගන්නෙ මෙහෙමයි

                                එදිනෙදා සිදුවෙන ගණුදෙනු පහසු කරන්න බැංකු මගින් නොයෙක් තාක්ෂණික සේවා පහසුකම් ලබා දෙනවා. ඒ අතරින් මෑතකදී සම්පත් බැංකුව හදුන්වා දුන්න සේවයක් තමයි Sampath Slip-less ඇප් එක. පුරුදු විදිහට බැංකුවට ගිහින් Cash deposit slip එකක් පුරවනවා වෙනුවට මේ ඇප් එකට තොරතුරු ඇතුලත් කරලා බැංකුවට දෙන්න පුළුවන් කරන්න පුළුවන්.

ඇප් එක Download කරගන්න

                ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් වලට Google Play වලින් වගේම ඇපල් ෆෝන් වලට App Store වලින් Slip-less ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්.

වැඩ කරන්නෙ මෙහෙමයි
                ඇප් එක install කරගත්තට පස්සෙ මුලින්ම එන්නෙ මේ screen එක. ඒකෙදි නම, ජාතික හැදුනුම් පත් අංකය, ෆෝන් නම්බර් එක වගේම ලිපිනයත් දෙන්න ඕනි. ඊට අමතරව දැනටමත් සම්පත් බැංකුවේ ගිණුමක් තියෙනවද නැද්ද කියන එකත් ඇප් එකෙන් අහනවා. ගිණුමක් නැති කෙනෙක් නම් මුදල් තැන්පත් කරන්න විතරක් පහසුකම් ලැබෙනවා.
                      ඊට පස්සේ දීපු ෆෝන් නම්බර් එක තහවුරු කරගන්න අංක හතරක කෝඩ් එකක් එවනවා. අන්න ඒක ඊළඟට එන screen එකේ ටයිප් කරන්න ඕනි. 

අලුත් ස්ලිප් එකක් පුරවන හැටි 
           ඊළඟට එන Slip screen එකේ pending කියන ටැබ් එකෙ පහල තියෙන + ලකුණ ටච් කලාම අලුත් ස්ලිප් එකක් ලැබෙනවා.
              දැන් ඉතින් සාමාන්‍ය slip එකක වගේම උඩින් ගිණුම් අංකය නෝට්ටු ප්‍රමාණය වගේම මුදල රු.200,000 වැඩි නම් අවශ්‍යතාවය සඳහන් කරන්න ඕනි.
      මේ ඔක්කොම විස්තර ටික ඇතුලත් කරලා පහලින් තියෙන Create Transaction කියන බට්න් එක ටච් කරාම Cash Deposit Slip එක හැදෙනවා.
             දැන් කරන්න තියෙන්නෙ මේ හදපු ස්ලිප් එක සල්ලිත් එක්ක බැංකුවට ගිහින් දෙන එකයි. Pending list එකේ තියෙන slip එක open වුණාම මේ විදිහට Reference number එකක්, QR Code එකක්, Bar Code එකක් එක්ක ගණුදෙනුවෙ සාරාංශයක් බලා ගන්න පුළුවන්. බැංකුවට මේ Reference Number එක තමයි ඕනි වෙන්නෙ.    
            
 ඒවගේම ඒ ගණුදෙනුව ගැන විස්තරයක් ඊ-මේල් එකටත් එනවා. ඕනි නම් රිසිට් එකක් වෙනම ගන්නත් පුළුවන්.
බැංකුවෙන් ලැබුණ රිසිට් එක 

ඊ-මේල් එකට ආපු විස්තරය 
   ගණුදෙනුව සම්පූර්ණ වුණාම ඒක Completed ටැබ් එකේ පෙන්නනවා. 
           ස්මාර්ට් ෆෝන් වලට අලුත් අයට නම් මේක ටිකක් කරදරකාරී වැඩක් වෙන්න පුලුවන්. කොහොම වුණත් නිතර ගණුදෙනු කරන අයට නම් මේ ඇප් එක වටිනවා. ඒ වගේම මේ ඇප් එකේ වැඩ කරන්න නම් internet තියෙන්න ඕනි.  එහෙම නැති වෙලාවක නම් payment එකට අදාල reference number එක මතක නැත්නම් බැංකුවට ගිහින් පුරුදු කඩදාසි කොලය පුරවන්න වෙනවා!

8 Comments

Blogger profile එකෙන් comment දාන්න ගැටලුවක් තියෙනවනම් මේ ලිපිය කියවන්න.

  1. හරි සම්පත් එකේ එකවුන්ට් එකකුත් තියේ කියමුකො. කෝ එතකොට ස්මාර්ට් ෆෝන් එකක්.

    ReplyDelete
    Replies
    1. අනේ අයියෙ ඒකනම් බැංකුවෙන් දෙන්නෑ
      හැක්!..

      Delete
  2. මං දාපු කොමෙන්ට එක කෝ යකෝ?

    ReplyDelete
    Replies
    1. අනේ මං ඩීලීට් කලේ නෑ කසුන් අයියේ.. සබ්මිට් වෙලා නැතුව ඇති...

      Delete
  3. ඔ යේස් . අපි වගේ කොල්ලෝ නම් ඉතිං ඕව තමා පාවිච්චිය , හැක

    ReplyDelete
    Replies
    1. ඈ ඉවාන්... මම 60 දශකයට ගියාවත් ද? හැක්..!

      Delete
Previous Post Next Post

Recent Post

Features