ඉලෙක්ට්‍රොනික් පරිපථ නිර්මාණයට Proteus

    මේ ලිපිය ගොඩක්ම වැදගත් වෙන්නෙ ඉලෙක්ට්‍රොනික් විද්‍යාවට ඇල්මක් දක්වන අයටයි. අපි සාමාන්‍යයෙන් පරිපථයක් නිවැරදිව ක්‍රියාත්මක වෙනවද කියලා බලන්න ඒක අඩුම තරමෙ ප්‍රොජෙක්ට් බෝඩ් එකක් මත හෝ සෑදිය යුතු වෙනවා. නමුත් මේ පරිපථයේ ක්‍රියාකාරිත්වය අපිට පරිගණකයෙන් ක්‍රියාත්මක කොට බලන්න පුලුවන් විශේෂ මෘදුකාංඟ (Simulation Software) වර්ග තියෙනවා. ප්‍රෝටියස් කියන්නේ ඒ වගේ මෘදුකාංගයක්.

වෙනත් මෘදුකාංඟ සමග ගැනීමේදී ප්‍රෝටියස් සමග වැඩ කිරීම ඉතා පහසුයි. ඉලෙක්ට්‍රොනික් ක්ෂේත්‍රයේ සිටින බොහෝ දෙනා ප්‍රෝටියස් භාවිතා කරන්නේ ඒ නිසයි.ප්‍රෝටියස් මඟින් පරිපථ ඇඳීමටත්,ඒවා පරික්ෂා කර දෝෂ සමනය කිරීම වගේම එහි මුද්‍රිත පරිපථය(PCB) නිර්මාණය කිරීමේ හැකියාවත් පවතිනවා. ඒ වගේම මෘදුකාංගයට ආධුනිකයන්ට ලබා ගැනීමට ආදර්ශ පරිපථත් මෙහි ඇතුලත් වෙනවා. පරිපථ නිර්මාණයට අවශ්‍ය නොයෙක් වර්ගයේ IC, Microcontroles හා වෙනත් උපකරණ විශාල ප්‍රමාණයක් මෙහි ඇතුලත්. මෙහි අත්හදා බැලීමේ සංස්කරණයක් ප්‍රෝටියස් හි වෙබ් අඩවියෙන් ලබාගැනීමට පුලුවන්.


1 Comments

Blogger profile එකෙන් comment දාන්න ගැටලුවක් තියෙනවනම් මේ ලිපිය කියවන්න.

  1. එල කිරි සොෆ්ට්වෙයාර් කෑල්ල...මාත් පාවිච්චි කරනවා

    ReplyDelete
Previous Post Next Post

Recent Post

Features