වින්ඩෝස් 10!

        දැන් සමහරවිට ඔයාලා දන්නවත් ඇති මයික්‍රෝසොෆ්ට් එක කරපු මේ පුදුම සහගත එලි දැක්වීම ගැන. ගොඩක් අය හිතාගෙන හිටියේ ඊළඟ වින්ඩෝස් OS එක වින්ඩෝස් 9 වේවි කියලා. මමත් එහෙමයි හිතා ගෙන හිටියෙ එහෙමයි.
මයික්‍රෝසොෆ්ට් සමාගම විසින් වින්ඩෝස් 10 ඉදිරිපත් කලේ පසුගිය සැප්තැම්බර් 30 වෙනිදා. එහිදී ඔව්න් විසින් මේ නවතම මෙහෙයුම් පද්ධතියේ අත්හදා බැලීමේ සංස්කරණයක් ක්‍රියාත්මක කොට පෙන්වීය. එහිදී පෙනී ගිය ප්‍රධානම දෙය වන්නේ ස්ටාට් මෙනුවයි. වින්ඩෝස් මෙහෙයුම් පද්ධතියෙන් වැඩ ගන්නා අය එදා පටන් පුරුදු වී සිටියේ ස්ටාට් මෙනුව හා ස්ටාට් බට්න් එක වෙතයි. එහෙත් වින්ඩෝස් 8 ආවේ ස්ටාර්ට් බට්න් එක නොමැතිව වෙනමම ආකාරයේ ස්ටාට් මෙනුවක් සමගිනි. එමගින් මෙහෙයුම් පද්ධතිය ජනයාට සමීප කිරීමට මයික්‍රෝසොෆ්ට් සමාගම අපේක්ෂා කලත් එයට හොඳ ප්‍රතිචාර වලට වඩා නැගුනේ නරක ප්‍රතිචාරයි.ඒ හේතුවෙන් වින්ඩෝස් 8 වෙත සෙනග ඇදුනේ සෙමිනි.එයට විසඳුමක් ලෙස වින්ඩෝස් 8.1 ආවේය .වින්ඩෝස් 10 සමග මේ ගැටලු විසඳී තිබේ. ඒ වින්ඩෝස් 8 සමග පැමිණි ටයිල් ඉන්ටෆේස් එක සමග සුපුරුදු ස්ටාර්ට් බට්න් එක හා මෙනුව නව ආකාරයට ලබා දීමෙනි. 
මීට අමතරව වැඩිදියුණු කල ඩෙස්ක්ටොප් එකක් මෙන්ම එකවර ඇප් කිහිපයක වැඩ පහසුවෙන් කිරීමට හැකි ලෙස දියුණු කර ඇත (Snap Assist). දැන් මේ නව මෙහෙයුම් පද්ධතියේ අත්හදා බැලීමේ සංස්කරණයක් නොමිලේ ලබාගෙන ක්‍රියාත්මක කොට බැලීමට හැකිය. කෙසේ වෙතත් බොහෝ අයගේ අදහස මේ අත්හදා බැලීමේ සංස්කරණය පරිගණකයේ ක්‍රියාත්මක කිරීම සුදුසු නොවන බවයි. එයට හේතුව වශයෙන් ඔවුන් පෙන්වා දෙන්නේ මෙහි ඇති ඇප්ස් නිවැරදිව ක්‍රියා නොකරන බවත් තවත් නොයෙක් අඩු ලුහුඬු කම් ඇති බවත්ය. මේ නිසා සුදුසුම දෙය වන්නේ වින්ඩෝස් 10  නිල සංස්කරණයක් එලිදක්වන තුරු පැරණි මෙහෙයුම් පද්ධතියකින් වැඩකිරීමයි.

Post a Comment

Blogger profile එකෙන් comment දාන්න ගැටලුවක් තියෙනවනම් මේ ලිපිය කියවන්න.

Previous Post Next Post

Recent Post

Features