වින්ඩෝස් ස්ටෙප් රෙකෝඩර්

       වින්ඩෝස් වල අපි භාවිතයට නොගන්නා සැඟවිච්ච සොෆ්ට්වෙයා තියෙනවා. ගොඩක් අය මේව ගැන දන්නෙ නෑ. එක වැඩක් කරන්න ගොඩක් දඟලන්නෙ නැතිව ඒ වැඩේ පහසුවටත් ඉක්මනටත් කරන්න මේ සොෆ්ට්වෙයා උදව් කරගන්න පුලුවන්. මේ ගොඩක් ඒවා වින්ඩෝස් ඉන්ස්ටෝල් කරන කොටම ලැබෙන ඒවා. ඒවගේ පුංචි සොෆ්ට්වෙයා එකක් තමයි "ස්ටෙප් රෙකෝඩර්"(Step Recoder) කියන්නේ.
අපි මොකක් හරි කොම්පියුටරෙන් කරන වැඩක් කරන විදිහ පින්තූර (Screen Captures) විදිහට පියවරෙන් පියවර ගන්න ඕනි උනාම කරන්නේ කී බෝඩ් එකේ Print Screen බට්න් එක පාවිච්චි කරන එක හරි Snipin Tool එක ගන්න එක හරි නේ. ඒත් ඒක ටිකක් අවුල්... මොකද ගත්තු ඒවා ක්ලික් කරන තැන් එහෙම ආයිමත් හයිලයිට් කරන්න එහෙමෙ ගියාම වැඩේ ටිකක් එපා වෙනවා... මේ සොෆ්ට්වෙයා එකෙන් ඒක නැති වේවි..
මුලින්ම ස්ටාර්ට් මෙනුවට ගිහින් "Step Recoder"  කියලා ටයිප් කරන්න. එතකොට පහල තියෙන රූපයෙ වගේ අයිකන් එකක් තියෙන ප්‍රෝග්‍රෑම් එකක් පෙන්නයි. ඒක ක්ලික් කරන්න. 
     දැන් පහල තියන වින්ඩෝ එක මතුවෙයි. ඒකෙ තියෙන start recoding බට්න් එක ක්ලික් කරන්න. 
   දැන් කරන හැම වැඩකම ක්ලික් කරන තැන් ටයිප් කරන තැන් ස්ක්‍රීන් ෂොට් විදිහට මේකෙන් රෙකෝඩ් වෙනවා. උදාහරණයක් විදිහට මම paint එක ඕපන් කරලා ඒකට පින්තූරයක් ඇඩ් කරන එක රෙකෝඩ් කරා. රෙකෝඩ් කරලා ඉවර වුනාම "Stop recoding" බට්න් එක ක්ලික් කරන්න. දැන් කරපු හැම වැඩකම රූප මේකෙ තියෙනවා. 
      ඒ විතරක් නෙවෙයි පහලම තියෙනවා රූප එකින් එකට අදාල වෙලාව වගෙ ගොඩක් විස්තර. 
     ඕනි නම් මේක සිප්(zip) ෆයිල් එකක් විදිහට සේව් කර ගන්නත් පුලුවන්. ඊට පස්සෙ ඒක ඉන්ටනෙට් එක්ස්ප්ලොරර් එකෙන් ඔපන් කරලා බලන්න පුලුවන්.
මොකක් හරි සොෆ්ට්වෙයා එකකින් වැඩ කරන හැටි හරි වෙනින් මොකක හරි වැඩක් කරන හැටි තව කෙනෙක්ට කියල දෙන්න මේක නියමයි..

Post a Comment

Blogger profile එකෙන් comment දාන්න ගැටලුවක් තියෙනවනම් මේ ලිපිය කියවන්න.

Previous Post Next Post

Recent Post

Features