කොම්පියුටරය slow වෙන්නෙ ඇයි..?

       ගොඩක් අය කියන දෙයක් තමයි කාලයක් ගත වීමේදී කොම්පියුටරයේ වේගය කලින් තිබුණට වඩා අඩු වෙනවාය කියන එක. හැබැයි කොම්පියුටරය මෙහෙම ආවට ගියාට slow වෙන්නෑ. මේකට ප්‍රධානම හේතුව තමයි නිසි අකාරයේ නඩත්තුවක් නොතිබීම. සමහර විට වයිරස් හින්දා slow වෙලා කියලා හිතලා ෆෝමැට් කරනවා. ඒත් කොම්පියුටරය slow වෙන්නෙ වයිරස් හින්දම නෙවෙයි .මේ ලිපියෙන් කියන්නේ පරිගණකයක් මන්දගාමී වීමට බලපාන කරුණු කිහිපයක් හා ඒවාට විසඳුම්..
ඩෙක්ස්ටොප් එකේ ෆයිල් ගොඩ ගැසිම...
ගොඩක් අය ලේසියට කරන් දෙයක් තමයි පෙන් ඩ්‍රයිව් එකකින් කොපි කරන දේවල්, නැත්නම් වෙනින් මොනවා හරි ෆයිල් ඩෙස්ක්ටොප් එකට කොපි කරලා තියා ගන්නවා. ඒත් කාලයක් යනකොට මේ ෆයිල් නිසා os එක තියෙන ඩ්‍රයිව් එක ඉබේම පිරෙනවා; ඉතින් මේ නිසා කොම්පියුටරයේ වෙගයට බලපානවා. ඒකට හේතුව තමයි සාමාන්‍යයෙන් os එක තියෙන ඩ්‍රයිව් එකේ තියෙන ඉඩෙන් 10% ප්‍රමාණයක් හිස්ව පැවතිය යුතු වීම. අපි සොෆ්ට්වෙයා එකක් ඉන්ස්ටෝල් කරන කොට ඒ සොෆ්ට්වෙයා සෙටප් එකේ  තියෙන ෆයිල් තාවකාලිකව තබාගැනීමට වගේ කටයුතු වලට මේ හිස් ඉඩ වැදගත්.ඒ නිසා තාවකාලිකව ඩෙස්ක්ටොප් එකට ගත්ත ෆයිල් පසුව වෙනත් ඩ්‍රයිව් එකකට මාරු කල යුතු වෙනවා. 
රෙජිස්ට්‍රිය ,හාඩ් ඩිස්ක් එක ක්ලීන් කිරීම...
සාමාන්‍යයෙන් කොම්පියුටරයෙන් ගොඩක් කල් වැඩකරන කොට අපිට එතරම් වැදගත් වෙනනැති ෆයිල් එක් ‍රැස් වෙනවා. උදාහරණයක් විදිහට වෙබ් බ්‍රව්සර් වලින් එකතුවෙන කුකීස් ටෙම්පරි ෆයිල්ස් වගේ ඒවා නිසා හාඩ් එක නිකරුනේ පිරෙනවා. ඒ නිසා සතියකට සැරයක් වත් Disk Clean up (C: එක උඩ right ක්ලික් කරලා properties ක්ලික් කරන්න) කරන්න ඕනි. තවත් දෙයක් තමයි ඩිස්ක් ඩිෆ්‍රැග් කරන එක. එඩිස්ක් ඩිෆ්‍රැග් කියනනේ තැන් තැන් තියෙන ෆයිල් පිලිවෙලකට හදන එකට.මේකෙන් ෆයිල්,ෆොල්ඩර් තියෙන තැන් වෙනස් වෙන්නෙ නෑ.ccleaner , Advance System Care වගේ සොෆ්ට්වෙයා එකකින් මේ ඔක්කොම වගේ පහසුවෙන් කරගන්න පුලුවන්.

ඕනැ එපා ඔක්කොම දා ගැනීම...
ගොඩක් අය කරන වැඩක් තමයි තමන්ට ලැබෙන හැම සොෆ්ට්වෙයාර් එකක්ම ඉන්ස්ටෝල් කරගන්න එක. මේකත් කොම්පියුටරයේ ඉඩ නිකරුනේ නාස්තිවන වැඩක්. තමාට අවශ්‍යම වෙන සොෆ්ට්වෙයා විතරක් තියෙද්දි අනෙක් ඒවා අයින් කරලා තියෙන එක තමයි හොඳ. තවත් දෙයක් තමයි සොෆ්ට්වෙයා එකක් අයින් කරන කොට ඒක ඉන්ස්ටෝල් කරලා තියෙන ෆෝල්ඩරය ඩිලීට් කරන්නෙ නැතුව අන්ඉන්ස්ටෝල් කරන එක. ඒකට හේතුව තමයි සමහර සොෆ්ට්වෙයා කොම්පියුටරේ os එකත් එක්ක සම්බන්ධතා හදාගෙන තියෙනවා (උදා:- වින්ඩෝස් රෙජිස්ට්‍රිය). ඉතින් ඒවා නියමාකාරයෙන් අයින් වෙන්නෙ අන්ඉන්ස්ටෝල් කිරීමකදී විතරයි. නැත්නම් නොයෙක් එරර් මැසේජස් එන්න වගේම කොම්පියුටරේ ඔන් වෙන්නෙ නැති වෙන්නත් පුලුවන්.
වැඩි ආරක්ෂාවට වයිරස් ගාඩ් දෙක තුනක් දැමීම...
අපි වයිරස් වලින් කොම්පියුටරය ‍රැක ගන්න වයිරස් ගාඩ් එකක් දාගන්නව. ඊට පස්සෙ සමහර අය වැඩි ආරක්ෂාවට එක එක ජාතියෙ ගාඩ් දාගන්නවා. මේ නිසා කොම්පියුටරය මන්දගාමී වෙනවා. වයිරස් ගාඩ් එකක් ක්‍රියාත්මක වෙන්න කොම්පියුටරේ RAM එකෙන් කොටසක් ලබා ගන්නවා. වයිරස් ගාඩ් 2,3ක් දාගත්තාම RAM එකෙන් වැඩි හරියක් ඒවට යනවා. ඉතින් කොම්පියුටරය slow වෙනවා. සමහර අය කියනවා ගාඩ් එක වයිරස් අල්ලන්නෙ නෑ කියලා. ඒක ඉතින් වයිරස් ගාඩ් එකේ දෝෂයක් නම් නෙවෙයි. අලුතෙන් එන වයිරස් හදුනගන්න ඕනම වයිරස් ගාඩ් එකක් අප්ඩේට් කරන්න ඕනි. එහෙම නැතුව ලෝකෙ තියෙන හැම ගාඩ් එකක්ම දාගත්තයි කියලා වෙන සෙතක් නෑ....! කරන්න තියෙන හොඳම දේ තමන්ට හොඳයි කියලා හිතෙන හොඳ ගාඩ් එකක් විතරක් ‍තෝරලා දා ගන්න එක..
ඇතුලත පිරිසිදු ද?
කාලයක් එක තැන් තියෙන කොට කොම්පියුටරයෙ ඇතුලෙ, ඒ කියන්නෙ කේසින් එක ඇතුලෙ දූවිලි, මකුලු දැල් බැ‍ඳෙනවා. ඒ නිසා ප්‍රොසෙසරය හරියට කූල් වෙන්නැති උනෝතින් කොම්පියුටරය slow වෙනවා. ඒ නිසා මාසයකට සැරයක් වත් කොම්පියුටරයෙ ඇතුලත පරික්ෂා කරලා බලන්න.. තවත් දෙයක් කොම්පියුටරය තියන්න ඕනි හොඳින් වාතාශ්‍රය ලැබෙන තැනක. එහෙම නැතුව කොහෙ හරි මුල්ලක තියාගෙන වැඩ කරන එක නම් එච්චර හොඳ දෙයක් නෙවෙයි..
ඉතින් මම මේ කියල තියෙන ඒව වගේ තියෙන වැරදි නිවැරදි කරගන්න පුලුවන්නම් ගොඩක් කල් ගත්ත ගමන්ම වගේ කොම්පියුටරෙන් වැඩ ගන්න පුලුවන් වෙයි...

Post a Comment

Blogger profile එකෙන් comment දාන්න ගැටලුවක් තියෙනවනම් මේ ලිපිය කියවන්න.

Previous Post Next Post

Recent Post

Features