රොබෝ නිර්මාණයේ මූලික කටයුතු

     අපි මෙහිදී නිර්මාණය කිරීමට යන්නේ රේඛා අනුගමනය කරන රොබෝවකි (Line Following Robot). එනම් සුදු පැහැති පසුබිමක ඇති කලු පැහැති රේඛාවක ගමන් කරන එකකි.මෙය මූලිකවම ආලෝක පරාවර්ථනය යොදා ගනිමින් ක්‍රියාකරයි.මේ පිලිබඳ ඉදිරියේදී පැහැදිලි වේ. අවශ්‍ය නම් මෙය වෙනස් කර ගත හැක. එයට අදාල තොරතුරු ඉදිරියේදී ඉදිරිපත් කරමි. මෙය නිර්මාණයට  උපකරණ කිහිපයක් ලබා ගත යුතුය. මෙම උපකරණ අද වෙළඳ පොලෙන් පහසුවෙන් අඩු මිලට ගත හැකි ඒවායි.මෙහි ප්‍රධාන කොටස් කිහිපයක් ඇති අතර ප්‍රධාන පරිපථය, ගමන් කරවීමට යොදා ගන්නා යාන්ත්‍රික් කොටස් හා සංවේදන පරිපථය(sensor circuit) ඒවා වේ.
මුලින්ම අප යාන්ත්‍රික කොටස නිර්මාණය කරගන්නා ආකාරය බලමු. සාමාන්‍යයෙන් රොබෝවක් ගමන් කිරීමට අකාර දෙකක් භාවිතා කරයි. එනම් රෝද යොදා ගැනීම හා යාන්ත්‍රික  පාද යොදා ගැනීමයි. මෙහිදී අප භාවිතා කරන්නේ මින් පලමු ක්‍රමයයි.එයට හේතුව පාද වැනි කොටස් නිර්මාණය අපහසු සේම ඒවා හැසිරවීමට යම් ඉහල තාක්ෂණයක් අවශ්‍ය වීමයි. මෙහිදී අප රෝද ක්‍රියා කරවීමට මෝටර භාවිතා කරයි. මෙහිදී අප තරමක් සැලකිලිමත් විය යුතුය. එනම් මෙයට උචිත මෝටරයක් සොයාගැනීමය. සාමාන්‍ය වෙළඳ පොලේ ඇති කුඩා මෝටර් මගින් මෙය කිරීම තරමක් අපහසුය. මන්ද ඒවායේ වැඩි වේගයක් තිබුනද ව්‍යාවර්තය(torque) අප "ගැම්ම" ලෙස හඳුන්වන වැඩි බලයක් ලබාගැනීමට අපහසු වීමයි. මෙයට අපට ස්ටෙප(ර්) මෝටර් (Stepper Motor) නම් මෝටර් වර්‍ගය බාවිත කල හැකි වුවත් ඒවා තරමක් මිල අධික මෙන්ම ක්‍රියා කරවීමට අමතර පරිපථ යෙදවීමටද සිදුවේ. තවත් ක්‍රමයක් තිබේ. දැතිරෝද කට්ටල යෙදු මොටර් භාවිත කිරීමයි. මෝටරය තුලම දැතිරෝද කට්ටල සවිකල ඒවා මෙන්ම මෝටරයට පිටතින් සවිකල ඒවාද අද වෙලඳපොලේ ඇත.තමියා ගියර් බොක්ස් (Tamiya) උදාහණ ලෙස දැක්විය හැක. නමුත් ඒවා තරමක් මිල අධික මෙන්ම සොයාගැනීමට තරමක් අපහසු වේ. එහෙත් ඔබට මෙවැන්නක් මිලට ගත හැකි නම් එයද මෙම නිර්මාණයට යොදා ගත හැක. එනම් මෙය අප කියන පරිදිම නොව තමාගේ නිර්මාණ හැකියාව අනුව සිදු කර හැක. මම මෙය නිපදවීමට යොදාගත්තේ සෙල්ලම් කාර් 2 කි. එය මෙයට වඩාත් හොඳින් ගැලපේ. අනෙක් අතට එයට මා හට වියදම ගියේ රු. 300/= පමණය. ක්‍රොස් කන්ට්‍රි කාර්(Cross Country Car) ලෙස මේවා හඳුන්වයි. ගමන් කරන් විට පෙරලුණ විට නැවත නැගිට ගමන් කරන සෙල්ලම් බඩුවකි.



මෙය ගෙන එහි උඩ කොටස ඇණ ඉවත් කොට බැලූවිට පහත පරිදි දිස්වේවි.

       දැන් එහි ඇති බැටරි රඳවන පහල කොටසෙන් සම්බන්දක වයර් ද ගලවා දැති රෝද සහිත කොටස ගලවා ගන්න. දැන් එහි දිග කම්බි කොටස කම්බි කපන කතුරක් හෝ අඬුවක් භාවිතයෙන් කපා පහත පරිදි සාදාගන්න(රූපයේ කතිර ලකුණ යොදා ඇති තැනින්).

    මෙලෙස අනෙක් එකද සාදාගන්න. රොබෝව වංගුවකදී හැරීමට භාවිතා කරන්නේ මෙම කොටස් දෙකයි. මෙයට තනි කොටසක් පමණක් ගෙන හැරවීමට වෙනම ක්‍රම වේදයක් භාවිත කල හැකි වුවද එය තරමක් වෙහෙස කර කටයුත්තකි.දැන් එය පහත පරිදි ප්ලාස්ටික් හෝ යකඩ තහඩුවක සවිකර ගන්න.මෙය සවි කිරීමේදී එකම මට්ටමට එන ලෙස ශක්තිමත් තහඩුවක් මත සවිකිරීමට සැලිකිලිමත් වන්න.ඔබ කාර්‍යය සාර්ථකව සිදු කලේ නම් පහත පරිදි එය පෙනේවි.සමහර අය මීට වෙනස් ක්‍රමද භාවිත කර ඇති. කෙසෙ හෝ මෙය අවශ්‍ය පරිදි සකසා ගත්තේ නම් ඊළඟ පියවර සඳහා ඔබ සූදානම්ය.

<<Back                                                                                                                     3 කොටස >>  

                                                                                                                           

Post a Comment

Blogger profile එකෙන් comment දාන්න ගැටලුවක් තියෙනවනම් මේ ලිපිය කියවන්න.

Previous Post Next Post

Recent Post

Features