බීප් හඬින් ගෙනෙන පණිවිඩ...

                     අපේ පරිගණකයේ  හිටි අඩියේම ක්‍රියා විරහිත වන අවස්ථා තිබේ. එවිට පරිගණකය ක්‍රියාත්මක නොවී ඇතුලතින් "බීප්" හඬක් ඇසෙනවා ඇති. එය නිකම්ම නිකන් හඬක් නොවේ. ඒ හැම හඬකින්ම කිසියම් පණිවිඩයක් ලබාදේ. එනම් පරිගණකය ක්‍රියාත්මක නොවීමට අදාල හේතුව කුමක්ද යන වග මින් කියවේ. බොහෝ දෙනෙක් මේ ගැන නොදනී. නමුත් අපට ඒ බීප් කේතයෙන් කියවෙන දේ දන්නේ නම් දෝෂය පහසුවෙන් නිරාකරණය කර ගත හැකිය. මේ තිබෙන්නේ එම බීප් කේත හා එයින් කියවෙන පණිවිඩයි. නමුත් මේ කේත මව්පුවරුවේන්, මව්පුවරුවට වෙනස් වේ. ඒ නිසා දෝෂය සෙවිමට ප්‍රථම පරිගණකයට අයත් මව්පුවරුව ‍තෝරාගන්න.
AMI බයෝස් බීප් කේත
බීප් කේතය
           පණිවිඩය
කෙටි හඬ 1
  DRAM රී-ෆ්රෙෂ් වීමේ දෝෂයකි
කෙටි හඬ 2
  පරිපථයේ දෝෂයකි
කෙටි හඬ 3
  64K RAM දෝෂයකි
කෙටි හඬ 4
  පද්ධති කාල ගණකයේ (System timer) දෝෂයකි
කෙටි හඬ
  ප්‍රොසෙසරයේ දෝෂයකි(CPU)
කෙටි හඬ
  කී බෝඩයේ දෝෂයකි
කෙටි හඬ 7
  Virtual mode exception දෝෂය
කෙටි හඬ 8
  මතකය කියවීම/ලිවීම හඳුනාගත නොහැක.
කෙටි හඬ 9
  ROM බයෝස් දෝෂයකි
කෙටි හඬ 10
  CMOS කියවීම/ලිවී මේ දෝෂයකි
කෙටි හඬ 11
  කෑෂ් මතකයේ දෝෂයකි
දිගු හඬක් හා කෙටි හඬ 3
  මතකයේ දෝෂයකි
දිගු හඬක් හා කෙටි හඬ 8
  වීඩියෝ දෝෂයකි

AWARD බයෝස් බීප් කේත
බීප් කේතය
                පණිවිඩය
දිගු හඬක් හා කෙටි හඬ 2
ඩිස්ප්ලේ ඇඩැප්ටරය හඳුනාගත නොහැක
Any other beep(s)

Dell බයෝස් බීප් කේත
බීප් කේතය
පණිවිඩය
බීප් හඬ 7 (නොනැවතී)
ප්‍රොසෙසරයේ දෝෂයකි (CPU)

IBM බයෝස් බීප් කේත
බීප් කේතය
පණිවිඩය
කෙටි හඬ 1
කිසිඳු දෝෂයක් නොමැත
කෙටි හඬ 2  
POST දෝෂයකි
නොනැවතී නාදවීම
විදුලිය ලැබීමේ දෝෂයක් / එක්ස්පැන්ෂන් කාර්ඩ් බුරුල් වීමක් හෝ පරිපථ ලුහුවත් වීමක් (ෂෝට් වීමක්)
කෙටි බීප් හඬක් නොනැවතී නාදවීම
විදුලිය ලැබීමේ දෝෂයක් / එක්ස්පැන්ෂන් කාර්ඩ් බුරුල් වීමක් හෝ පරිපථ ලුහුවත් වීමක් (ෂෝට් වීමක්)
දිගු හඬක් හා කෙටි හඬ 1
මව්පුවරුවේ (Motherboard) දෝෂයක්
දිගු හඬක් හා කෙටි හඬ 2
 වීඩියෝ දෝෂයකි (Mono/CGA Display Circuitry)
දිගු හඬක් හා කෙටි හඬ 3
 වීඩියෝ පරිපථ දෝෂයකි (EGA)
දිගු හඬ 3
කී බෝඩයේ දෝෂයකි

Phoenix බයෝස් බීප් කේත
බීප් කේතය
පණිවිඩය and what to check
1-1-1-1
රැම් දෝෂයකි
1-1-2-1
CPU හඳුනාගැනීම
1-1-2-3
හාඩ්වෙයා හඳුනාගැනීම
1-1-3-1
චිප්සෙට් හඳුනාගැනීම
1-2-2-1
කී බෝඩය හඳුනාගැනීම
1-2-2-3
BIOS ROM හඳුනාගැනීම
2-1-1-1
CPU වේගය හඳුනාගැනීම
2-2-1-3
කී බෝඩය පරික්ෂා කිරීම
2-2-3-3
“Press F2 to enter SETUPදර්ෂණය වීම
2-4-1-1
දෝෂයක් දර්ෂණය වීම
2-4-1-3
දෝෂයක් පරික්ෂා කිරීම
2-4-2-3
කී බෝඩයේ දෝෂයක් පරික්ෂා කිරීම


Post a Comment

Blogger profile එකෙන් comment දාන්න ගැටලුවක් තියෙනවනම් මේ ලිපිය කියවන්න.

Previous Post Next Post

Recent Post

Features