තාක්‍ෂණය සහ ශ්‍රී ලාංකීය ඉ-වානිජ්‍යය සඳහා එහි බලපෑම

ශ්‍රී ලංකාව තුළ ඉ-වානිජ්‍යයෙහි වර්ධනය පිළිබඳ දත්ත ස්වල්පයක් 

                      ශ්‍රී ලංකාව ඉ-වානිජ්‍යය සඳහා යොමුවී මේ වනවිට ඉහළ ප්‍රගතියකට පැමිණ තිබෙනවා. ඒ අනුව Kaymu.lk වැනි මාර්ගගත ව්‍යාපාර ඉ-වානිජ්‍යයෙහි අග්‍රගණ්‍ය දස්කම් දක්වමින් ඉදිරියෙන් සිටිනවා. එසේම දැනට වෙළඳපොළ තරගකරුවන් 20-30 පමණ සහ විවිධ වයස් කාණ්ඩ (දරුවන්, යෞවනයන්, මැදිවිය මෙන්ම වැඩිහිටියන්) මත රඳා පවතිනවා.
                                   ශ්‍රී ලංකාවේ මේ ඉ-වානිජ්‍ය වර්ධනය අන්තර්ජාල භාවිතය ඉහළ යෑමත් සමග ගොඩ නැගුණු බව පෙනෙන්නට තිබෙනවා. 2015 වසර සඳහා මධ්‍යයන්‍ය අනර්තජාල පිවිසුම් අනුපාත 22% පමණ සහ අන්තර්ජාල භාවිතා කරන්න්ගේ සංඛ්‍යාව මිලියන 4.5 ඉක්මවා තිබෙනවා.

වෙනසට හේතුව: ජංගම උපාංග සහ රැහැන් රහිත තාක්‍ෂණය ද?

                                    Apple සහ Samsung ආයතන mobile phones සහ tablets සඳහා වෙළඳපොළෙහි ඉහළින් සිටිනවා. දැනටත්, ඉදිරියටත් ශීඝ්‍රයෙන් නවමු උපාංග වෙළඳපොළට නිකුත්වන බව අපට පෙනෙන්නට තිබෙනවා. ඒ අනුව tablets සහ iPads අත්‍යාවශ්‍ය ගෘහාශ්‍රිත උපකරණ මට්ටමට ම පැමිණ තිබෙනවා. එසේ ම ව්‍යාපාරිකයන් සඳහා ද ඉහළ සහයෝගයක් ඒවායින් ලබා දෙනවා. ඉතින් මේ යෝධයන් දෙපළට ස්තූති වන්නට බොහෝ දෙනෙක් ජංගම දුරකථන සහ tablets භාවිතා කරමින් අන්තර්ජාලය හරහා වෙළඳපොළ තුළ සැරිසැරීමට සහ මිල ගණන් සංසන්දනයට යොමුවී තිබෙනවා.
අඩු මිලට smartphones මිලදීගත හැකිවීම සහ Wi-Fi හෝ දුරකථන සබඳතාව හරහා අන්තර්ජාල දත්ත භාවිතය ද අන්තර්ජාල භාවිත කරන්නන් ඉහළ යාමට බලපා තිබෙනවා. 3G සහ 4G මෙන් ම පසුගිය අවුරුද්දේ LTE ද හඳුන්වාදීම එය සනාථ කරනවා. එපමණක් ද නොව, Kaymu විසින් ශ්‍රී ලංකා ඉ-වානිජ්‍යය පිළිබඳ කළ සමීක්‍ෂණ වාර්තාවෙහි දැක්වෙන්නේ අන්තර්ජාල භාවිතය Desktop පරිගණක සහ ලැප්ටොප් හරහා වැඩි වශයෙන් ද ජංගම දුරකථන හරහා 21% ද tablet හරහා 4%ද බවයි.
 
තාක්‍ෂණය නව නිපැයුම් බිහිකරයි

                                             ස්වයං රැකියා කරන්නන් ද නව දෙයක් කිරීමේ අන්තර්ජාල කලාව හෙවත් internet of doing thingsලෙස සාමාන්‍යයෙන් හඳුන්වන තත්වය නිසා ඔවුන් නව වෙළඳ උපක්‍රම සඳහා යොමුවී තිබෙනවා. රැහැන් රහිත තාක්‍ෂණයේ වර්ධනය සමග bandwidth ඉහළ යාම මීට බලපා තිබෙනවා. ඉන් වැටහෙන්නේ රාමුවකට කොටු නොවී චින්තනය මෙහෙයවා සාමාන්‍ය ක්‍රමයෙන් ඔබ්බට ගොස් අන්තර්ජාලය හරහා තමා වෙත අවධානය යොමු කරගනිමින් ව්‍යාපාරය ගෙන යාමට ඉහතකී තත්වය ඔවුන්ව පොළඹවා ඇති බවයි.

ගෙවීම් ක්‍රමවල ඇති විවිධත්වය

                                භාණ්ඩ ලැබුණු විට ගෙවීම සහ ණයපත් (තාක්‍ෂණික දියුණුව සමග මෙය ශීඝ්‍රව වැඩුණා) සමග මාර්ගගත වෙළඳාම් ක්‍රම භාවිතය ඉහළ ගිය අතර ඒ හරහා ව්‍යාපාරවල ඒකාකාරීත්වය සිඳලමින් දෛනික ජීවිත වෙත කාවැදීම සිදුවූවා.

තාක්‍ෂණික පිබිදීමෙහි තවත් නිපැයුමක්: Mobile Apps

                                                ඉ-වානිජ්‍ය ව්‍යාපාර සඳහා තාක්‍ෂණික පිබිදීම සමග mobile apps (iOS සහ Android සඳහා) නිපැයුණු අතර එය ගැණුම්කරුවන් සඳහා විශාල පහසුවක් වුණා. ඉතින් තාක්‍ෂණය, මාර්ගගත වෙළඳාමෙහි ජීවන දහර බව Anything.lk සහ Takas.lk සජීවී උදාහරණයන් ලෙස දක්වමින් පැහැදිලි කළ හැකියි.

Article by : Nimrah Shahid 

2 Comments

Blogger profile එකෙන් comment දාන්න ගැටලුවක් තියෙනවනම් මේ ලිපිය කියවන්න.

  1. මේකත් වාණිජ්‍ය ලිපියක්ද මංද හිහි

    ReplyDelete
Previous Post Next Post

Recent Post

Features