ලෝකෙටම තරු පෙන්නූ සයිබර් ප්‍රහාරය

ඉකුත්දා රටවල් 100ක පමණ ප්‍රමාණයක රෝහල්, පාසල්, සමාගම් හා රාජ්‍ය කටයුතු වලට අදාල පරිගණක අඩපණ කරමින් ‍රැන්සම්වෙයා වර්ගයේ මැල්වෙයා වැඩසටහනක් පැතිරී ගියා. මෙය ඉතා දරුණු ගණයේ සයිබර් ප්‍රහාරයක් බව එයින් කර ඇති බලපෑම මගින් පෙනී යනවා.
‍➢රැන්සම්වෙයා යනු?

                        රැන්සම්වෙයා කියන්නේ නරක වැඩසටහනක්, සරලවම කිව්වොත් වෛරසයක්. මේ වර්ගයේ වැඩසටහන් පරිගණක වලට ඇවිත් ඒ පරිගණකයේ පාලනය වෛරසය සතු කරගන්නවා. ඊට පස්සෙ ඒකෙන් නිදහස් වෙන්න කප්පම් මුදලක් ඉල්ලනවා. සාමාන්‍ය අපරාධ කරුවෙක් හොයනවාට වඩා මේ වගේ සයිබර් අපරාධයක් කරන කෙනෙක්ව කො‍ටු කරන එක ලේසි නෑ. මොකද මේ හැකර් කරුවා තමන්ගෙ අනන්‍යතාවය, ස්ථානය උපරීමෙන්ම සඟවල තමයි මේ හැම දේම කරන්නෙ.

වෙච්ච විනාසේ
ඇවාස්ට් ඇන්ටි වෛරස් සමාගමට අනුව "WanaCrypt0r 2.0" නමින් හැඳින්වුණ මේ වෛරසය රටවල් 99ක පරිගණක 100,000 කට අසාදනය වෙලා .රුසියාව, යුක්‍රේනය, තායිවානය ප්‍රධාන ලෙස මේ ප්‍රහාරයට ලක්වෙලා තියෙනවා. බ්‍රිතාන්‍යයේ රෝහල් 20 කට අධික ප්‍රමාණයකුත්, FedEX ඇතුලු ප්‍රධාන සමාගම් කීපයකුත් මේකට ගොදුරු වෙලා. ලෝකයේ දැවැන්තම වාහන නිපදවන රෙනාල්ට් හා නිසාන් සමාගම් නිවේදනය කර ඇත්තේ ඔවුන්ගේ පරිගණක මේ ප්‍රහාරයට ලක් ව ඇති බවයි. රුසියාවේ බැංකු වලටත්, ජර්'මනියේ දුම්රිය කටයුතු වලටත් මේකෙන් බාධා සිදුවුණා.
Wanna Decryptor වයිරසය
මේ වැඩසටහන ඇමරිකාවේ ජාතික ආරක්ෂක ඒජන්සියෙන් (National Security Agency) පිටවූ හැකින් වැඩසටහනක අලුත් සංස්කරණයක් කියල තමයි කියන්නෙ. මේ වැඩසටහන "Shadow Brokers" නම් කණ්ඩායමක් විසින් අන්තර්ජාලයට මුදාහැරල තියෙනවා. පරිගණක ජාල වල සැරිසරමින් කරදරකාරි ඊමේල් (phishing email) වලින් හා වින්ඩෝස් මෙහෙයුම් පද්ධති වල දෝෂ සහිත සිදුරු (security holes) වලින් පරිගණනකයට ඇතුල්වෙනවා. වෛරසය ක්‍රියාත්මක වුණාට පස්සෙ පරිගණකයේ ෆයිල් කේතනය(encrypt)  කරනවා. ඊට පස්සෙ ඒවා නැවත ලබා ගන්න කප්පම් සල්ලි දෙන්න කාලයක් ලබා දෙනවා. නැත්නම් ඒ ෆයිල් ඔක්කොම ඒකෙ අයිතිකාරයට නැතිවෙනවා. මේ ප්‍රහාරයට වැඩි හරියක් ගොදුරු වුණේ වින්ඩෝස් මෙහෙයුම් පද්ධතියි.
භයානක කම
වාර්තා වලට අනුව මේ ප්‍රහාරයට රෝහල් වල පරිගණක බොහෝමයකුත් ලක් වෙලා. ඉතින් මිනිස් ජීවිතත් සමග ගණුදෙනු කරන පරිගණක පද්ධති වලට මේවගේ ප්‍රහාරයක් එල්ල වුණාම, රෝහල් වල පරිගණක පද්ධති වල ආරක්ෂාව ගැන දෙවරක් සිතන්නට වෙනවා. අනෙක් කරුණ වන්නේ මේ වෛරසයට පිළියමක් යෙදූවද හැකර් කරුවාට මේ වැඩසටහනට වඩා ප්‍රබල වෛරසයක් සාදා මීටත් වඩා ප්‍රභල ප්‍රහාරයක් දියත් කිරීමද කල හැකිය. අනෙක ඇමරිකාව වැනි රටක ආරක්ෂක දෙපාර්තමේන්තුවෙන්ම හැකින් වැඩසටහනක් පිටවීම? තව දුරටත් සිතිය යුතුය.
බේරිල්ලක් නැද්ද?
මේ උවදුරෙන් බේරෙන්න නම් පුලුවන්තරම් ඉක්මනට වින්ඩෝස් අප්ඩේට් ඉන්ස්ටෝල් කරගන්න. පරන මෙහෙයුම් පද්ධති වලින් අලුත් ඒවට මාරුවෙන්න. වෛරස් ගාඩ් එක අප්ඩේට් කරගන්න. කිසිම වෙලාවක නාදුනන ඊමේල් හරහා එන ෆයිල් ඩවුන්ලෝඩ් කරගන්න එපා. නොදන්න සයිට් වලින් ෆයිල් ඩවුන්ලෝඩ් කරගන්න එපා.

 ➣අපේ රටට කොහොමද?
තාම නම් අපේ රටට මේ ප්‍රහාරයේ බලපෑමක් වෙලා කියල දැනගන්නට නෑ. ඒත් හැමකෙනෙක්ම තමන්ගේ පරිගණක අප්ඩේට් කරල ගොඩක්ම වැදගත් ෆයිල් එහෙම බැකප් කරලා තියාගන්න එක ගොඩක් හොඳයි.

මේ Wanna Decryptor ‍රැන්සම්වෙයා සයිබර් ප්‍රහාරය ගැන බලනකොට ටිකක් සැක සහිත බවකුත් නැතුවාම නොවේ. ලෝකයම දණ ගැස්සීමට තරම් සූර වෛරසයක් හදන එක්කෙනෙකුට විතරක් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒ කියන්නේ කවුරුවත් නොදකින පැත්තක්, සයිබර් ප්‍රහාරයකට එහා ගිය දෙයක් මේකෙ තියෙන්න පුළුවන්.

21 Comments

Blogger profile එකෙන් comment දාන්න ගැටලුවක් තියෙනවනම් මේ ලිපිය කියවන්න.

  1. හොද ලිපියක්... ස්තූතියි දැනුවත් කිරීමට...

    ReplyDelete
  2. ටෙක් මලේ බොහොම හොඳ ලිපියක් හැබැයි දන්නා තරමින් Malware උච්චාරනය කරන්නෙ "මෝල්වෙයා" කියල.

    මේක සෙට් උනොත් මෝල්ම තමයි, අවුරුද්ද මුල මේ වගෙම රැන්සම්වෙයා එකක් නිසා දන්න අඳුනන හාදයක්ගෙ අවුරුදු 10-15 ක විතර ෆයිල්ස් නැති උනා මිනිහගේ පොඩි දරුවන් ඉපදිච්ච දවසේ ඉඳන් ගත්තු පින්තූරත් එක්කම. මගේ යාළුව පොළවෙ පස්කාපු නැතිටික විතරයි.

    දැනට වැඩියම අනතුරේ වැටිල තියෙන්නෙ "චූටි ළාමක ද්වාර" Microsoft XP මෙහෙයුම් පද්ධති. දින දෙකක සිට ආරක්ෂිත පියවරක් වශයෙන් 2% - 3% ක් අතර වන අපේ කොම්පැනියෙ තියන XP පරිඝනක සියල්ල යාවත්කාලීන කරන තෙක් ඕෆ්ලයින්.

    ReplyDelete
    Replies
    1. හෑ මේ මිහිතලය මත තවමත් XP පාවිච්චි කොරනවද බං ??

      Delete
    2. ගොඩක් ස්තූතියි කණ්ඩා අයියේ. ඔව්. ඒත් අපි කියනකොට ගොඩක් වෙලාවට කියන්නෙ "මැල්වෙයා" කියල හුරුවුණ විදිහටනේ. අනේ අපොයි තාම xp ද? ඔය පරණ මැෂින් වැඩකරන තැන්වල තාම xp තමයි. Security holes තිබුණට xp කියන්නෙ හොඳ os එකක්.පුළුවන් ඉක්මනින් අප්ග්‍රේඩ් කරගන්න.

      ජය!

      Delete
    3. බොහෝ ව්‍යාපාර අවුරුද්දෙන් අවුරුද්ද තමන් පාවිච්චි කරන OS වෙනස් කරන්නෙ නැහැ අත්‍යවශ්‍ය නැතිනම්. මේකට මුදල් විතරක් නෙමෙයි බලපාන්නෙ, ව්‍යාපාර පවත්වාගෙන යන්න අත්‍යවශ්‍ය අනිත් මෘදුකාංග වලට ඇති වෙන කම්පැටිබිලිටි ප්‍රශ්න වගෙම ඩවුන් ටයිම් එක ප්‍රධානයි. ඒ වගේම OS එකක් මාරු කරන කොට ඔක්කොම එක පාර කරන්නෙ නැහැ මුදල් , එයට වැය වෙන කාලය සහ අවශ්‍ය ශ්‍රමය නිසා. සාමාන්‍යයෙන් ලොකු ව්‍යාපාරයක නම් අවුරුද්දක් දෙකක් ගත වෙන ක්‍රමානුකූලව වෙන දෙයක්. මම වැඩ කරන කොම්පැනියෙ දැනට ඉතිරිවෙලා තියන XP භාවිතා වෙන්නෙ අත්‍යවශ්‍ය නොවන බොහොම සුළු වැඩ සඳහා !

      Delete
  3. ඩව්න්ලෝඩ් කරොත් විතරද බන් වයිරස් එක ඇතුල් වෙන්නෙ

    ReplyDelete
    Replies
    1. නෑ රස්තා අයියෙ. අපි නොදැනුවත්වම ඉබේ ඩවුන්ලෝඩ් වෙන්නත් පුළුවන්. එහෙමයි කියලා හිතා මතා අමාරුවේ වැටෙන්න ඕනි නෑ. අපි ෆ්‍රී මොනවහරි ඩවුන්ලෝඩ් කරන්න ගියාම මතුවෙන ඩවුන්ලොඩ් බට්න් ටික බලන්නකෝ. අන්න ඒවගෙන් පරෙස්සම් වෙන්න ඕනි. පෙන් එකක් උනත් ස්කෑන් කරල මිසක් ඕපන් කරන්න හොඳ නෑ.. ඉරානයෙ බෂීර් කියන බලාගාරෙට සයිබර් ප්‍රහාරයක් එල්ල උනා. ඒ වයිරස් එක එවල තිබුණෙ ප්‍රින්ටරයක චිප් එකකට ඉන්ස්ටෝල් කරලා.

      Delete
  4. වැදගත් ලිපියක් මල්ලි... ඔයා කියනකොට තමයිමතක් උනේ... මගෙ කොම්පියුටර් අ‍ප්ඩේට්කලේනෑනේද සෑහෙන කාලෙකින් කියලා...

    දැනුවත් කිරීමට ස්තුතී...

    ReplyDelete
    Replies
    1. අන්න හරි නිර්මාණී අක්කේ. ඩේටා ඩේටා කියල බලන්නෙ නැතුව අප්ඩේට් කරගන්න...!

      Delete
  5. හිරු ඇතිවුණත් පහුගිය දිනවල ලොවට
    තරු දිස්වුණා මහ දහවල හැම දෙනට
    සරු වූ කරුණු බොහො ඇත ලියමින් මෙයට
    බොරු නොව වටිනවා මේ ලියමන මෙමට.....

    ස්තූතියි ලිපියට.

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. දුමී අයියේ... ගොඩක් ස්තූතියි!!!

      Delete
  6. ගොඩක් වටිනා ලිපියක්.ස්තුති ඔබට

    ReplyDelete
    Replies
    1. ස්තූතියි නව ලොව දැනුම...!

      Delete
  7. පිස්සු පීකුදු හාඩ් දෙකක් ඉවර උනා ඒගමන මේකද?????

    ජ ය වේ වා !!!

    ReplyDelete
    Replies
    1. නරකද බාරයක් වෙලා බෝධි පූජාවක් වත් තිබ්බොත් විදානෙ අයියා..! 😄

      Delete
  8. අපි කියන්නෙත් මැල්වෙයා කියල. ඇමෙරිකන් "මල්වෙයා " කියනවා මම හිතන්නේ
    https://www.youtube.com/watch?v=GcfiUk95JFk
    දෙවෙනි එක ඉංග්ලන්ඩ්
    https://www.youtube.com/watch?v=b5ONArNcjy8

    ReplyDelete
    Replies
    1. ආං ඒකනේ.. අපි ඉතිං සිරි ලංකා නේ... !

      Delete
  9. හොඳයි. නවත්තපු හැටිත් එකතු කරන්න තිබ්බ .

    ReplyDelete
    Replies
    1. ඔව් අජි අයියේ. මේක ලියනකොට නවත්තල තිබුණේ නෑ. ඒකයි දාන්න බැරි වුණේ.

      Delete
    2. දැන් දාහන් ඉතින්

      Delete
Previous Post Next Post

Recent Post

Features