ඉලෙක්ට්‍රික් කාර්

අද වන විට බොහෝදෙනෙක් කතා කරන මාතෘකාවක් ගැන තමයි මේ ලිපිය  ලියන්නේ. ඉලෙක්ට්‍රික් කාර් ගැන නොදන්නා කෙනෙක් නැති තරම්. ඛනිජ තෙල් වෙනුවට විදුලිය යොදා ගෙන ගමන් කර හැකි එන්ජිම ලෙස විදුලි මෝටර් මගින් ක්‍රියා කරන මෝටර් රථ ඉලෙක්ට්‍රික් කාර් නැත්නම් විද්‍යුත් මෝටර් රථ ලෙස සරලව හඳුන්වන්න පුලුවන්. ඛනිජ තෙල් අද වන විට සීග්‍රයෙන් අහිමිවී යන සම්පතකි. එමෙන්ම ඉලෙක්ට්‍රික් කාර් භාවිතයෙදී පරිසරයට හානියක් නොමැති තරම්ය. අනවශ්‍ය ශබ්ද, රත්වීම් නොමැති නිසා ද, විවිධ පරිසර වාර්ථා (දුම් පරීක්ෂණ වැනි) අනවශ්‍ය නිසාද බොහෝදෙනෙක් දැන් ඉලෙක්ට්‍රික් කාර් කෙරෙහි යොමුව තිබේ. ඉලෙක්ට්‍රික් කාර් , විදුලියෙන් දුවන වාහන (EV - "electric vehicle") යටතට ගැනේ. සැබැවින්ම ඉලෙක්ට්‍රික් කාර් ඉතා පරිසර හිතකාමීය.

ඉතිහාසය

විදුලියෙන් දුවන කාර් තවම අපට අලුත් වුවද එහි ඉතිහාසය 1880 තරම් ඈතට විහිදෙයි.එංගලන්ත ජාතික ‍තෝමස් පාකර් විසින් මුල්ම විදුලි මෝටර් රථය නිපදවා ඇත. ඔහු පරිසර දූෂණයකින් තොර මෝටර් රථ නිර්මාණයට පරීක්ෂණ සිදු කල අයෙකි. 1900 පමණ වන විට ඇමරිකාව තුල වාහන අතුරින් 34% විදුලියෙන් දුවන ඒවා විය, 40% වාෂ්ප බලයෙන්ද, 22% ගැසොලින් භාවිතයෙන් ද ධාවනය විය. කෙසේ වෙතත් අභ්‍යන්තර දහන ඇංජිම නිපදවීමත් සමග විදුලි වාහන නිෂ්පාදනය නැවතිනි.
මුල් කාලයේ දී විදුලියෙන් දුවන වාහන නිපදවීමට ගැටලු කිහිපයක් බල පෑවේය. ප්‍රධානම ගැටලුව වූයේ මෝටරයයි. අභ්‍යන්තර දහන එංජිම මෙන් නොව විදුලි මෝටර් තුල ශක්තිය ගබඩා කල නොහැකි විය. එම නිසා එක විටම වැඩි වේගයක් (pick up) ලබා ගැනීමට නොහැකි විය. එසේම මෝටරයට අවශ්‍ය තරම් විදුලිය ගබඩා කල හැකි බැටරි නොමැති වීමද බලපෑ ප්‍රධාන ගැටලුවකි. 
                                         මේ කාරණා දෙකම සම්පූර්ණ වුවද තව ගැටලුවක්ද පවතී. ඒ නම් බැටරි වේගවත්ව ආරෝපණය කිරීමයි.සාමාන්‍යයෙන් ඛනිජ ඉන්ධන වලින් ධාවනය වන වාහන නම් ඉන්ධන අවසන් වූ පසු පිරවුම් හලකින් නැවත පුරවා ධාවනය කල හැකිය. නමුත් ඉලෙක්ට්‍රික් කාර් වල එසේ කිරීමට නොහැකිය. එක් වරක් ධාවනය කර නැවත ධාවනය කිරීමට නම් නැවත එහි බැටරි ආරෝපණය කල යුතුය. එයට තරමක වෙලාවක් ගතවේ. දැනට තිබෙන ඉලෙක්ට්‍රික් කාරයක් එක් වරක් ධාවනය කර බැටරිය නැවත ආරෝපණයට 220V - 230V යටතේ පැය 6-8 අතර කාලයක් තැබිය යුතුය.
                     එසෙ වුවද මේ වෙනුවෙන් දැන් නව ක්‍රම අත්හදා බලමින් තිබේ. රථය ගමන් කිරීමෙදී තිරිංඟ යෙදීමේදී යෙදවෙන ශක්තියෙන් නැවත ආරොපණය කිරීම, ගමන් කරන මාර්ගයෙන්ම ශක්තිය උරා ගැනීම වැනි පුනර්ජනණීය ක්‍රම මගින් නැවත විදුලිය නිපදවා ගැනීමේ ක්‍රම අත්හදා බලා ඇත.

ඉලෙක්ට්‍රික් මෝටර් රථ නිපදවන සමාගම්..

2004 දී ආරම්භ කල ටෙස්ලා (Tesla Motors) සමාගම අද ලෝකයේ තිබෙන ප්‍රධානතම ඉලෙක්ට්‍රික් කාර් නිපදවන සමාගමකි. "Tesla Rodster" නම් මෝටර් රථය ඔවුන්ගේ ප්‍රථම නිපැයුමයි. 2008 සිට 2012 වන් විට එවැනි රථ 2,250 ලොව පුරා රටවල් 31 ක අලෙවි කිරීමට ඔවුන් සමත්විය. දැන් ජනප්‍රියම රථය වී ඇත්තේ Tesla Model S නම් රථයයි. 
                ඉලෙක්ට්‍රික් කාර් නිපදවන්නන් අතරට අපේ රටේ නමත් දැන් එක්වෙලා තියෙනවා. Code Gen මෘදුකාංඟ සමාගමේ හර්ෂ සුභසිංහ මහතාගේ මූලිකත්වයෙන් දේශීය ඉංජිනේරුවන්ගේ සහයෙන් ඉදිවන මේ මෝටර් රථයේ නම වේගා(VEGA) ය. ඒ පිළිබඳ ලියැවුනු ලිපියක් මීට පෙර පළ කර ඇත. එහි මේ මෝටර් රථය ගැන වැඩි විස්තර ඇතුලත් වේ.
                           මීට අමතරව ලොව ප්‍රකට මෝටර් රථ නිපදවන්නන් ද ඉලෙක්ට්‍රික් කාර් නිපදවීම ආරම්භ කර ඇත. ජපානයේ මිට්ෂුබිෂී සමාගමේ  Mitsubishi i MiEV, වොල්වෝ සමාගමේ Volvo C30, BMW ActiveE, BMW i3,Honda Fit EV, Toyota REV4 EV හා Nisan Leaf වැනි බොහෝ සමාගම් ඉලෙක්ට්‍රික් කාර් නිපදවා ඇත. මින් නිසාන් සමාගමේ  Nisan Leaf රථය ලොව පුරා ජනප්‍රිය රථයකි. එය අපේ රටේ ද ජනප්‍රිය රථයකි.

පෙට්‍රල් ෂෙඩ් වෙනුවට චාර්ජින් ස්ටේෂන්

ඉලෙක්ට්‍රික් කාර් නැවත ආරෝපණයට ඉන්ධන පිරවුම්හල් වෙනුවට චාජින් ස්ටේෂන් තිබේ. ඉන්ධන පිරවුම්හල් වලට වඩා මෙහි ඇති වෙනස මොටර් රථ නවතා තිබීමට පහසුකම් තිබීමයි. ඇමරිකාව තුල මෙවැනි මධ්‍යස්ථාන 20,000 පමණ තිබේ. ජපානයේ මේ වන විට ඉන්ධන පිරවුම්හල් වලට වඩා ඉලෙක්ට්‍රික් කාර් ආරෝපණය කරන චාර්ජින් ස්ටේෂන් තිබේ. මේවා බොහොමයක් ප්‍රධාන විදුලියෙන් ක්‍රියාත්මක වන් අතර සූර්‍ය ශක්තියෙන් (සූර්‍ය පැනල) මඟින් ක්‍රියාත්මක වන් ඒවාද ඇත.

ගණන් කොහොමද?

මුල් කාලයේදී ඉලෙක්ට්‍රික් කාර් මිල අධික වුවද ලොව පුරා අලෙවි වීමත් සමග ඒවා සාමාන්‍ය මෝටර් රථ වල මිලටම මිලට ගැනීමේ හැකියාව තිබේ. බොහෝ රටවල රජයන් ද මෙම මෝටර් රථ වලට බදු සහන ලබා දී ඇත.සාමාන්‍ය ඛනිජ තෙල් සඳහා අධික පිරිවැයක් දරන්න සිදු වුවද මෙම රථ වලට යන වියදම අවම බැවින් මෙම සහන දී ජනතාව එය කරා යොමු කිරීමට උත්සහ කරයි.
ඛනිජ තෙල් සම්පත මේ වන විට සීග්‍රයෙන් හීන වී යයි. එසේම එමගින් සිදුවන් පරිසර හානියද සුලුප‍ටු නැත. ඒ අනුව බලන කල දැන් තිබෙන හොඳම විසඳුම ඉලෙක්ට්‍රික් කාරයයි. මේවායේ තාක්ෂණය තවතත් දියුණු වන අතර , මතු කාලයේදී වඩා වේගයෙන් යා හැකි, හොඳ බලයක් සහිත ඉක්මනින් ආරෝපණය කල හැකි මෝටර් රථ බිහිවනු ඇත..

2 Comments

Blogger profile එකෙන් comment දාන්න ගැටලුවක් තියෙනවනම් මේ ලිපිය කියවන්න.

Previous Post Next Post

Recent Post

Features